ශ්රී ලංකාව හා තායිලන්තය අතර බෞද්ධ කටයුතු වර්ධනය කරමින් මෙරට බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සඳහා තාවකාලික භික්ෂූධුරය ලැබූ තායිලන්ත මෙහෙණින් වහන්සේලා අනූ පස් නමක් සහ සාමණේර හිමිවරු විසිපස් නමක් විශේෂ ගුවන්යානා දෙකකින් අද අලුයම දිවයිනට වැඩම කළාහ.
සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් විසින් දිවයිනට පැමිණි සාමනේර හිමිවරුන් සහ මෙහෙනින් වහන්සේලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබූහ.
මෙහෙණින් වහන්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ආගමික වතාවත්වල යෙදුනාහ.
මෙරට දින දෙකක් රැදී සිටිමින් මහනුවර දළදා මාලිගාව, අනුරාධපුර, පොලොන්නරුව සහ සීගිරිය යන ප‍්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියාව බලා වැඩම කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායි භික්ෂුණීහු පිරිසක් එති
දම්මික පෙරේරා Monday, 03 June 2013 02:23 PM
තායි අගමැතිනියගේ වටේ දඟලපු මැති ඇමතිවරුන් මේ අය වටෙත් යාවිද මන්දා? (නි)
පුජ්ජ්‍ය;හෝකන්දර සුදින්නා මෙහෙණින්වහන්සේ Saturday, 15 June 2013 08:38 PM
මෙහෙණින් වහන්සේ ලාගේ ආරක්ෂාවට තමයි චීවරය තියෙන්නෙ.ඔය ඉන්නෙ උප්පලා වන්නා මෙහෙණින් වහන්සේ අනුගමනය කරන පිරිසක්නම් වපර ඇස්වහගෙන ටිකක් පරිස්සමෙන් ඉන්න.(අ)
සරත් Monday, 03 June 2013 11:01 AM
ඔබ සැමට තෙරුවන් සරණයි. (ස)
නීල් Monday, 03 June 2013 11:15 AM
තායි අගමැතිනිය වටේ ඇඹරුණු කට්ටිය දැක්කට පස්සේ කොහොමත් ලංකාවට එනකොට තායි කාන්තාවන් තාවකාලික භික්ෂුනී භාවයෙන් එන එක හොඳයි කියා හිතෙනවා. (ස)
සම්පත් Monday, 03 June 2013 11:19 AM
ගොඩාක් හොදයි
සමන් කුමාර Monday, 03 June 2013 11:49 AM
මේ භික්ෂුණින් වහන්සේලාට හැකිතාක් ආරක්ෂාව ලබා දිය යුතුයි. අපේ අම්මලට ආච්චිලට තනියම පාරේ බැහැල යන්න බැරි කාලේ, මේ භික්ෂුණින් වහන්සේලාට මොනවා නොකරයිද?(ස)