ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර බෞද්ධ කටයුතු වර්ධනය කරමින් මෙරට බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සඳහා තාවකාලික භික්ෂූධුරය ලැබූ තායිලන්ත මෙහෙණින් වහන්සේලා අනූ පස් නමක් සහ සාමණේර හිමිවරු විසිපස් නමක් විශේෂ ගුවන්යානා දෙකකින් අද අලුයම දිවයිනට වැඩම කළාහ.
සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් විසින් දිවයිනට පැමිණි සාමනේර හිමිවරුන් සහ මෙහෙනින් වහන්සේලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබූහ.
මෙහෙණින් වහන්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ආගමික වතාවත්වල යෙදුනාහ.
මෙරට දින දෙකක් රැදී සිටිමින් මහනුවර දළදා මාලිගාව, අනුරාධපුර, පොලොන්නරුව සහ සීගිරිය යන ප‍්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියාව බලා වැඩම කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායි අගමැතිනියගේ වටේ දඟලපු මැති ඇමතිවරුන් මේ අය වටෙත් යාවිද මන්දා? (නි)
මෙහෙණින් වහන්සේ ලාගේ ආරක්ෂාවට තමයි චීවරය තියෙන්නෙ.ඔය ඉන්නෙ උප්පලා වන්නා මෙහෙණින් වහන්සේ අනුගමනය කරන පිරිසක්නම් වපර ඇස්වහගෙන ටිකක් පරිස්සමෙන් ඉන්න.(අ)
ඔබ සැමට තෙරුවන් සරණයි. (ස)
තායි අගමැතිනිය වටේ ඇඹරුණු කට්ටිය දැක්කට පස්සේ කොහොමත් ලංකාවට එනකොට තායි කාන්තාවන් තාවකාලික භික්ෂුනී භාවයෙන් එන එක හොඳයි කියා හිතෙනවා. (ස)
ගොඩාක් හොදයි
මේ භික්ෂුණින් වහන්සේලාට හැකිතාක් ආරක්ෂාව ලබා දිය යුතුයි. අපේ අම්මලට ආච්චිලට තනියම පාරේ බැහැල යන්න බැරි කාලේ, මේ භික්ෂුණින් වහන්සේලාට මොනවා නොකරයිද?(ස)