IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘තායි බසයේ ලාංකිකයනුත් ඉඳලා’

තායිලන්තයේ දී සංචාරක බස් රථයක් පෙරළීමෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදෙස් සංචාරකයින් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බැංකොක් පෝස්ට් නිව්ස් ප්‍රවෘත්ති සේවය අද (29) වාර්තා කළේය .

තායිලන්තයේ පොත්‍රෑම් දිස්ත්‍රීක්කයේ  නොන්ෆෝහි රචාබූරි ප්‍රදේශයේ අනතුර සිදුව ඇති බවත්, ඒ වන විට අදාළ බස් රථයේ තිස් හතර දෙනෙකු සිටි බවත් සඳහන්ය.

විදෙස් සංචාරකයින්ට ජීවිත හානි සිදුව නැතැයි වාර්තාවේ.
මාර්ගයේ වෙනත් ‍වාහනයකට ඉස්සර කිරීමට යාමේදී රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිස් නිලධාරියෙක් බැංකොක් පෝස්ට්  පුවත් සේවයට කියයි.

තුවාල ලැබූ තායි රියදුරු සහ සෙසු ශ්‍රී ලාංකික පිරිස පොත්‍රෑම් රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබන අතර ඩැමොයෙන් සාදුක් දිස්ත්‍රීක්කයේ පිහිටි ෆ්ලෝටින් වෙළඳ සංකීර්ණයට ගොස් ශ්‍රී ලාංකිකයින් සිය ගණනක් බස් රථ කිහිපයකින් ආපසු පැමිණෙමින් සිටියදී එක් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්න‍  මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස තායිලන්තයේ බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයට දැනුම් දුන් බවය.

420

 



අදහස් (0)

‘තායි බසයේ ලාංකිකයනුත් ඉඳලා’

සනත් ගුනවර්ධන ස්විස් Thursday, 29 October 2015 02:49 PM

අපේ ලාංකිකයන් දැන් නැති තැනක් නැහැ , සතුටුයි කොහේ හරි ගිහින් මිනිහෙකු වෙනවාට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site