තායිලන්ත අග්‍රාමාත්‍ය යිංලක් සිනවාත්රා මහත්මිය ඇතුළු දූත පිරිසක් දෙදින නිල චාරිකාවක් සදහා විශේෂ ගුවන්යානයකින් අද දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පරියන්තයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අග්‍රාමාත්‍යවරිය ඉතා උණුසුම් අන්දමින් පිළිගත්තේය.
එහිදී ඇය ස්වර්ණමය පුස්තකයෙහි අත්සන් තැබුවාය.
සිනවාත්රා මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා වලට සහභාගි වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කීහිපයකටද අත්සන් කිරිමට නියමිතය.
අද සවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව ඇය මහනුවර බලා ගොස් මල්වතු අස්ගිරි මහානායක හිමිවරු බැහැ දැකීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමිය පරිස්සමින් යවන්න.(ස)
කොහොමද ලස්සන... (ස)
අපේ පොඩි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගෙන් පොඩි ගැණු ළමයි ටික බේරගන්න විකල්පයක් ලෙස තායි නෝනලා ටිකක් ආනයනය කරන්න යෝජනා කරොත් නරකද? අකුරැස්ස,තංගල්ල ,මහරගම සිද්දීන් මතකනේ?
සාදරයෙන් පිළිගනිමු. (ස)
වැස්සත් අරගෙනම ඇවිත් වගේ. (ස)
ආයුබෝවන් අගමැතිනියනි...! (ස)
අනේ අනේ හොරෙන්ම ආවනේද අපේ රටට. (ස)
මෙතනම කැබිනට් රැස්වීමක් තියන්න තිබුනා. (නදී)
බලන්නකෝ තියෙන්න සිරියාව. අපේ අය වගේද? ලස්සන පමණක් නෙමේ හොඳට ඉගෙනගෙනත් තියෙනවා. එම්.එස්.සී. එකකුත් තියෙනවා පරිපාලනය සම්බන්ධව. (නි)
රනිල් මහත්තයා තායිලන්තයේ ගිහින් ආවට පස්සේ ආන්ඩුවට මදි කමක් වගේ හිතෙන්න ඇති.(නදී)
අපිත් අපේ රටේ උගත් තරුණියන්ට තැනක් දෙමු. මේ නාකි අය දැන් ගෙදර යන්න කාලේ හරි ! (නි)
මේ අගමැතිනිය ගැන තිබෙන විශේෂතම කරුණ නම් (ඇගේ රූමත් බවට අමතරව) ඇය දේශපාලන විද්‍යා උපාධිධාරිනියක් වගේම රාජ්‍ය පරිපාලනය පිලිබඳ ආචාර්ය උපාධිධාරිනියක්. කොහොමද අපේ කැබිනට් එක? (නි)
මේ රටේ අස්ගිරි මල්වතු හාමුදුරුවෝ විතරද ඉන්නේ. රටට හෙන ගැහුවත් කටක් ඇරලා කතා කරනවද ?
ඔහොම හිටියට අවරුදු 45 වයසයි. බලන්න කෝ අපේ නංගිලා වැඳගෙන ඉන්න හැටි. හරියට දෙවියන් වදිනවා වගේ. වරුණ කියන කතාව හරි. බැරිද ලංකාවේ අයට තායිලන්තෙන් ගැහැණු ලමයි විවාහ කර ගන්න නීති සම්පාදනය කර ගන්න.(නදී)
අනේ වාසනාවන්! (නි)
මොනවා වුනත් ඔය රට මටනම් හොදයි.(නදී)
ඔය අත්සන් කරන එක ද්විපාර්ශ්වික ගිවිසුමක් දෙරටේ අගමැතිවරු හුවමාරු කරගන්න එක ගැනලු.(නදී)
අපේ කැබිනෙට් එක නිකම්ම නිකම් හිස් මොළ තියෙන හැම එකටම එහෙයි කියන කැබිනෙට් එකක්. (නි)
අපේ සමහර කට්ටියටත් හොරකමට, චණ්ඩිකමට උපාධි තියනවා. (නි)
වෙල්කම් මැඩම්! (නි)
ලොව ආදරවන්තම රටට සාදරයෙන් පිළිගනිමු මැතිනියනි..(ස)