තැඹිලිවලට මත් කුඩු දමා බීමට දි රුපියල් ලක්ෂයක් පමණ විටිනා රන් ආභරණ හා මුදල් කොල්ල කා පළා ගිය සැකකරුවකු අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
කටුගස්තොට පදිංචි බව කියන සැකකරුවන් දෙදෙනකු තමන් මුරුතවෙලට ගෙනයන ලෙස ඉල්ලමින් වැලිගල්ලේ දී කුලී ලොරි රථයකට ගොඩවී අතරමගදී රියදුරුට එසේ තැඹිලි බීමට දී ඇතැයිද රියදුරු සතුව තිබූ රුපියල් 60000 ක් පමණ වටිනා රන් මාලයද රුපියල් 40000 ක් පමණ වටිනා මුදුවද සාක්කුවේ තිබු රුපියල් 3200 ක මුදලද රැගෙන ගොස් ඇතැයි කියති. එසේ ගිය සැකකරුවන් ගැන සැක සිතු පොලිස් නිලධාරින් ඔවුන් පසු පස හඹා ගොස් ඔවුන් අල්ලාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල ලංකාවේ තියෙන ගිනි රස්නෙට තැඹිලි,කුරුම්බා වාගේ දේවල් දිව්‍ය ඖෂධ වාගේ දැනෙන්න ඇති. සැක සිතුන නිසා ඔවුන් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් නම් සැබෑ දක්ෂයෝ වෙන්න ඇති. (බ)
නිතර සෝදිසියෙන් ඉන්න තරමට හොඳා. (ර)