IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තැඹිලි ඩොලර් ගසක් වෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට  තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි.

තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි  වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි.

ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇතැද  ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වන අතර එම නිසා  Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොවේ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.



අදහස් (15)

තැඹිලි ඩොලර් ගසක් වෙයි

Lal Friday, 15 December 2023 09:01 AM

තැඹිලි ගස් විනාශ කරපියව් ... අපි ජෙප්පෝ

:       39       18

රංබොඩ Friday, 15 December 2023 10:03 AM

ඒ ඒ රටල තියෙන තානාපති කාර්යාල හරහා ඒ රටවල භාශාවෙන් තැඹිලි මෙන්ම අනෙක් අපනයනය කරන ආහාර සඳහා පුවත්පත් දැන්වීම් මගින් පෝෂණ ගුණය ආදිය පිළඹඳව දැනීම් පල කරන්නේ නම් මීට වඩා වෙළඳාම් කර ගත හැකියි.

:       0       37

Premasiri Friday, 15 December 2023 10:34 AM

එතකොට ඇමතිතුමා රවීගෙ කටුපොල් වගාවට මොකද වෙන්නෙ පරිසරයට හානියක් වෙනවා කියන රවිගෙ කටුපොල් වෙනුවට තැඹිලි වවන්න බැලුවොත් හොදයි නේද ගම්වල තියෙන තැඹිලි සාධාරණ මිලක් යටතේ ගැනීමට ක්‍රමයක් හදන්න පුළුවන් නම් ඉතාමත් හොදයි

:       2       31

ලසන්ත Friday, 15 December 2023 11:09 AM

අපි උපන්දා සිට උෂ්ණයට බොන තැඹිලි ගෙඩිය, අවුරුදු සිය දහස් ගනනක් තිස්සේ මෙහෙ වැවෙන තැඹිලි ගෙඩිය. ලෝකෙ තැඹිලි නැති රටකට ගෙඩිය පිටින් හෝ බෝතල් කරල යවන්න අවුරුද් 100 ගණනක් ගියහැටි! හරිපුදුමයි නේද? ඉන්දියන් සාගරයේ අ.මුතු ඇටේ!

:       3       25

සිසිර Friday, 15 December 2023 11:21 AM

එතකොට එකක් අපනයනය කරන්නෙ රු. 153ට. අපෙන් ගන්නෙ රු. 30-35 ගානේ. අතරමැදියන් රු. 120කට වඩා ගන්නව. වෙන රටවල වගේ මේවට හොඳ ක්‍රමයක් හැදුවනම් මිනිස්සු ගෙදර මිදුලෙත් වවයි.. මම ඉන්න රටේ මිදුලේ ඔලිව්, නාරං වර්ග තමා ලස්සනට වවන්නේ..

:       2       21

sumanasiriFriday, 15 December 2023 07:51 PM

එකක් ඩුබායිවල විකිණෙන්නේ රු 400-500 මිලකට...

:       0       6

PasinduSaturday, 16 December 2023 11:13 AM

ඩුබායි වල තැඹිලි ගෙඩියක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 500

:       0       0

don Friday, 15 December 2023 11:25 AM

රිලවු වඳුරෝ පොල් වගාවට කරන හානිය නතර කිරීමට පියවර ගතහොත් එය වඩා පහසු වේවි

:       1       24

ajith Friday, 15 December 2023 02:23 PM

මොන දේ කරත් අතරමැදියාගේ ගසා කෑම නැවැත්විය යුතුයි...

:       0       12

ලක්සිරි Friday, 15 December 2023 03:50 PM

ඇමැතිතුමා වෙත, ඉහත ලිපියට අනුව තැඹිලි නිසා විශාල විදේශ ආදායමක් ලැබීම ගැන සතුටු වෙමි. නමුත් පහත ඇති කරුණු කිහිපය ගැන ඔබගේ අවධානය ලබා දෙන්නේ නම් තැඹිලි වලට අපනයනයෙන් පසු සිදුවන පාඩුව වළක්වා ගත හැකියි. 1. නියම අපනයන තත්ත්වයේ තැඹිලි තෝරා එවීම. ඩුබායි සඳහා සතියකට අවශ්‍ය තැඹිලි ප්‍රමාණය අවබෝධ කර ගැනීම (එසේ අවබෝධයකින් තොරව එවීමේ ප්‍රතිඵලයක් ලෙස තැඹිලි පෙට්ටියක තොග මිළ රුපියල් 800 - 900 අතර ප්‍රමාණයකට පහළ වැටීම. ඒ හේතුව නිසා ලංකාවට ලැබෙන්නට තිබෙන විශාල මුදලක් නොලැබී යාම.) මේ ආදී විශාල ප්‍රශ්න රාශියක් විසඳාගත යුතුව ඇත. ආදායම ගැන උදම් ඇනීමට පෙර එයින් වන පාඩුවට හේතු සොයා බලා මෙම ආදායම දෙගුණ කර ගැනීමේ ක්‍රමවේද සොයා සකස් කරන්නේ නම් එය රටට සහ අසරණ තැඹිලි ගෙඩිය වෙනුවෙන් කරන්නා වූ මහඟු ක්‍රියාවකි. ස්තුතියි...! 

:       0       11

ලක්සිරි Friday, 15 December 2023 04:02 PM

තැඹිලි 252000 අපනයනය සඳහා කොපමණ මුදලක් වැය වන්නේද? කොපමණ මුදලක් නැවත ලංකාවට ලැබෙන්නේද යන්න සත්‍ය වාර්තා මගින් සොයා බලන්න...

:       0       12

AKDR Perera Friday, 15 December 2023 07:36 PM

මේ කියන numbers වල සල්ලි ලංකාවට එනවාද? මමත් dubai වලට තැඹිලි import කරනවා. කවදාවත් මේ කියන ලාභ ලබන්න බැහැ.. හරිදේ සමාජ ගත කරන්න කියලා ඉල්ලා සිටිමි.

:       2       7

Jayabimahardware Saturday, 16 December 2023 12:29 AM

අනුර ජනාධිපති වෙලා ඕවා කරන්නනේ හිටියේ...!

:       0       0

සේතුංග Saturday, 16 December 2023 11:20 PM

ඇමතිතුමා මේක හොඳ වැඩක්. අපිටත් මේකට සහභාගි වෙන්න, රිළා හැත්තට විසඳුමක් දෙන්න...!

:       0       0

Pweerasinghe Sunday, 17 December 2023 09:58 AM

මොනවා කලත් අපෙන් තැඹිලි ගෙඩියක් ගන්නේ තුට්ටු දෙකට. අතර මැදියෝ තමයි මුදල් උපයන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site