(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ගම්පහ, තම්මිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කසුන්‘ නැමැත්තාගේ නිවෙසට ඉදිරිපිටට පැමිණ අහසට වෙඩි තබා තර්ජනය කළ බව කියන සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තම්මිට සුමිත් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තේ මාකවිට, තම්මිට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 33 වයස්වල පසුව වන දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන අතර සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 ක් සහ මිලිග්‍රෑම් 510 ක් පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් ඉකුත් (19) වැනිදා තම්මිට ප්‍ර දේශයේ ‘කසුන්‘ නැමැත්තාගේ නිවෙසට පැමිණ විදේශ රටක දැනට සැගව සිටින තම්මිට සුමිත් නැමැත්තා දුරකතනයෙන් අමතන බව පවසා නිවැසියන්ට දුරකතන ඇමතුම ලබාදී තිබූ බවත් එහිදී නිවැසියන්ට තර්ජනය කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ අහසට වෙඩි තැබීමක් නොකළ බවය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකෙරේ.
බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තම්මිට සුමිත්ගේ ගෝලයෝ දෙකක් අත්අඩංගුවට