IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


තමිල්නාඩුවේ වැඩ බලනන්න පන්නීර්සෙල්වම් පත් කරන්න යයි

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් තවදුරටත් රෝගාතුරව පසුවන නිසා වැඩබලන මහ ඇමති ලෙස ඔි පන්නීර්සෙල්වම්   පත්කිරීම පිළිබදව තමිල්නාඩු ආණ්ඩුකාර විදයාශාකර් රාඕගේ අවධානය යොමුවී ඇතැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමගින් පෙරේදා සවස 06 සිට පැයකට ආසන්න කාලයක් ආණ්්ඩුකාරවරයා සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව සදහා ආණ්ඩුකාරවරය විසින් තමිල්නාඩු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන ඕ.පන්නීර්සෙල්වම් සහ ඊ.පලනිසාමි මෙන්ම ප්‍රධාන ලේකම්වරයාද කැදවා තිබිණි.

එම සාකච්ඡාවට අනුව ඕ.පන්නීර්සෙල්වම් වැඩබලන මහ ඇමතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජයලලිතා ජයරාම් රෝගාතුර වීමත් සමග තමිල්නාඩුවේ පාලනය මුළුමනින්ම ව්‍යාකූල තත්වයට පත්ව ඇතැයි විපක‍ෂයේ මන්තී්‍රවරුන් දොෂාරෝපණය කිරමත් සමග මෙසේ වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයෙකු පත්කිරීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවත් ජයලලිතා ජයරාම් පසුගිය මස 22 වනදා සිට රෝගාතුරවූ අතර මේ වන විට සිහිසුන්ව ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබයි

තමිල්නාඩුවේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවක් මත ජයලලිතා ජයරාම් සිරගත කර සිටියෙදී එහි වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වූයේද පන්නීර්සෙල්වම් ය.මීට වසර කිහිපයකට පෙරද ජයලලිතා ජයරාම් වෙනුවෙන් වැඩ බැලීමේ මහ ඇමතිවරයා ලෙස ඔහු කටයුතු කර ඇති අතර ජයලලිතාගේ විශ්වාසවන්තම සගයාද පන්නීරසෙල්වම් වේ

 



අදහස් (0)

තමිල්නාඩුවේ වැඩ බලනන්න පන්නීර්සෙල්වම් පත් කරන්න යයි

ශාන්ත Sunday, 09 October 2016 04:18 PM

තවත් ජයලලිතාවක් වෙයිද දන්නේ නැහැ මෙයත්, පරෙස්සමෙන් (නි)

:       0       0

සජී Monday, 10 October 2016 03:20 AM

ඔබට ඔය තනතුර ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.(හේ)

:       0       0

දෙව්මිත් Sunday, 09 October 2016 07:35 AM

මෙයාට තව සතියකින් මහ ඇමැති වෙන්න පුළුවන්.(හේ)

:       0       0

නිමල්ක Sunday, 09 October 2016 09:48 AM

හාර පන්දාහක් දිවි නසාගන්න දිනය වැඩි ඈතක නෙමෙයි. දැන්ම ක්‍රියාත්මක වුණොත් වළක්වාගන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 09 October 2016 01:19 PM

ඔය තනතුරට බැරිද අපේ විගනේශ්වරන් මහතා පත්කරන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 216 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site