ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේස පන්දු තරගමාලාවක් අද සහ හෙට (10-11) ගල්කිස්සේදී සහ පේරාදෙණියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ ආරාධනයකට අනුව ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්ත මේස පන්දු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. දෙරට අතර තරග දෙකකින් සමන්විත තරගමාලාවේ පළමු තරගාවලිය අද (10)පෙරවරු 9.00 සිට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. දෙවැනි තරගාවලිය හෙට (11) මහනුවර පේරාදෙණිය ජගත් රාජපක්‍ෂ අන්තර්ජාතික ගෘහස්ථ මේස පන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙම මස 23 වැනිදා මැකාවෝහිදී ආරම්භවන 20 වැනි ආසියානු මේස පන්දු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තෝරා ගැනීම මෙම තරගාවලියේදී සිදු කරයි. සංචාරක තමිල්නාඩු පිලට ඉන්දීය ජාතික කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය සහ ඉන්දීයාවේ පැවැති අන්තර්ජාතික තරගාවලිවලදී දස්කම් පෑ ක‍්‍රීඩකයන් තිදෙනෙක් සහ කී‍්‍රඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්වෙති. ඊ. ප‍්‍රභාකරන්, සුෂ්මිත් ශ්‍රීරාම්, එල්. සතිෂ්වාරන්, එන්. විද්්‍යා සහ කේ.කේ. නිර්මදා ඉන්දිය පිලට ඇතුළත්වෙති. සෙලීනා දීප්ති වයස 12 න් පහළ තරගාවලියට සහභාගිවෙයි. සුෂ්මිත් ශ්‍රීරාම්, තමිල්නාඩු පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන අතර ඔහු පසුගිය වසරේ ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියට සහභාගිවු ක‍්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා දීමේ අරමුණෙන් තරගාවලි දෙක සඳහා කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කර තිබේ. පළමු තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය: පිරිමි:- ඉන්දික ප‍්‍රසාද්, කේ.ටී.චලිත, සජිත් කාවින්ද, බුද්ධික වලගම්පොළ, උදය රණසිංහ සහ සුඛිත වික‍්‍රමනායක කාන්තා:- රුවිනි කන්නන්ගර, කාවින්දි සහබන්දු, ශ්‍රීමාලි විමලධර්ම සහ ශානිකා සිල්වා 12 න් පහළ (බාලිකා) :- හංසනී පියුමාලි, වී.මානවඩු, පියුමි දෙව්දුණී, ඉමාෂා ද සිල්වා දෙවැනි තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය: පිරිමි:- රොහාන් සිරිසේන, බී.එන්.බී.ජයසිංහ, දිනේෂ් දේශප‍්‍රිය, සජිත් ප‍්‍රියදර්ශණ කාන්තා:- ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන, උමායා තාරකී, චන්දිමා මධුෂානී 12 න් පහළ (බාලිකා) :- රෝෂිනී දහනායක, ලෝෂිනී ජයවර්ධන, තනූෂි රොද්‍රිගෝ, ඕචිනී දිසානායක
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තමිල්නාඩු මේසපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි දෙකකට