ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 210 දෙනා වහා නිදහස් කරන්නැයි ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් තමිල්නාඩු ධීවරයෝ 5000 කට වැඩි පිරිසක් නාගපට්නම් ප්‍රදේශයේ අද (23) තෙවැනි දිනයටත් සිය උපවාසය කළහ.
මීට සහභාගී වු කතුන් 23 දෙනකු උපවාසසය අතරතුරදී සිහිසුන්ව රෝහල් ගත කළ බවද වාර්ථා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් උතුරේ අලුතින් පත්වෙච්ච මහ ඇමති තුමාට ජාතික කොඩිය,ජාතික ගීය පෙන්නන්න බැනේ. ඒ නිසා එයාටම කියන්න ඔය කියන අයව බේරගන්න කියලා.(නදී)
සුහද මාරුවකට නම් අපිත් කැමතියි. අපේ කට්ටියව ඉස්සෙලම දෙන්න එතකොට අපි මෙයාලව දෙන්නම් නේද ලලිතා .(නදී)
මේ තමිල්නාඩු ධීවර ප්‍රශ්නය හරියට උපක්‍රමශීලිව කළමනාකරණය කලානම් උතුරත් තමිල්නාඩුවත් අතර තියෙන මේ සම්බන්දය කඩල දෙගොල්ලෝ එදිරිවාදීන් කරන්න පුළුවන් පහසුවෙන්. තමිල්නාඩු ධීවරයෝ මංකොල්ල කන්නේ උතුරේ ධිවරයින්ට අයත් සම්පත්. උතුරු පළාත් සබාවට මේ ප්‍රශ්නයේ වගකීම කර ගැස්සුවනම් ඌරාගෙ මාළු ඌරාගෙ පිට උඩම තියලා කපන්න තිබුනා.(නදී)
උතුරු පළාත් සභාවේ අය මේගැන කටක් අරින්නේ නැහැ, තමිල්නාඩු කාරයෝ බොරු උපවාස කරන්නේ, යුද්දේ අන්තිම කාලේ කරුණා නිධිත් මාරාන්තික උපවාසයක් කළා එ/සී යන්ත්‍ර 2ක් ළඟ තියාගෙන, කුෂන් මෙට්ටයක් උඩට වෙලා, වටේ හිටපු සමහර අය ලංකාවට බනිනවා, සමහරු අඩනවා පැය දෙකතුනකින් මිනිහා නැගිටලා යන්න ගියා, ඔන්න ඔහොමයි එයාලගේ උපවාස..(අ)