IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තාමත් අවුරුදු ප්‍රසංගවලට සහභාගී වෙනවා

2016-04-29-ent-70

සමන් ද සිල්වා යනු මෙරට ගීත කලාවේ සුවිශේෂී පුරුකකි. බයිලා ගීත රටාව සමඟ බොහෝ රසිකයින්ගේ ආදරය දිනා ගත් ඔහු වොලී බැස්ටියන්,එම්.එස්. ප්‍රනාන්දු, වෝල්ටර් ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්, නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්ත, මැක්සි ලෙනාඩ් වැන්නන්ගෙන් පසු එම ගී ආර රසිකයන්ට සමීප කරවන ප්‍රමුඛතම සංගීතවේදියා යැයි කීම නිවැරදිය. ඉතින් ඔහුගේත් ඔහුගේ Saman and the clan සංගීත කණ්ඩායමේත් තොරතුරු විමසන අටියෙන් අපි ඔහු මුණගැසුණෙමු.

 

2016-04-29-ent-71අලුත්ම තොරතුරුවලින් කතාබහ පටන්ගමු නේද?

අලුත් තොරතුරු කියන්නේ මේ තාමත් අවුරුදු උත්සව ඉවරවෙලා නැහැනෙ. ඉතින් තාමත් අවුරුදු ප්‍රසංගවලට සහභාගි වෙනවා. අපේ බෑන්ඩ් එකත් ඒවට යනවා. කොහොමත් මැයි මාසෙ පුරාමත් ඒ විදිහෙ ප්‍රසංග තියේවි. කොහොමත් මේ අවුරුද්ද කලාවට බෑන්ඩ්වලට හොඳ පාටයි.

 

අලුතින්ම කරපු නිර්මාණත් තියෙනවද?

අලුත් සින්දු තුනක් තියෙනවා. ඒවා මැයි මාසෙ රෙකෝඩ් කරන්න තමයි ඉන්නෙ. අපි මෙච්චර කාලෙකට බෑන්ඩ් එකේ සින්දුවක් කරලා නැහැනෙ. ඉතින් මැයි මාසෙ ඒ වැඩෙත් කරන්න කියල ඉන්නෙ.

 

බෑන්ඩ් එක පටන් අරන් දැන් කොච්චර කල්ද?

අනූ පහේ පටන් ගත්තෙ.

 

මෙච්චර කාලෙකට පස්සෙ බෑන්ඩ් එකෙන් සින්දුවක් කරමු කියල හිතුණෙ ඇයි?

මම පානදුර සුමංගලේ ඉඳලා නාලන්දෙට ආවට පස්සෙ තමා මියුසික් පැත්තට ටික ටික යොමුවුණේ. ඉස්කෝලෙන් පස්සෙ මම මැණික් ගැන ඉගෙන ගන්න යොමුවුණානෙ. මැණික් ගැන ඩිප්ලෝමා එක කරද්දිත් මම මියුසික් කළා. 73දි තමා මම හෝටල්වල සිංදු කියන්න පටන් ගත්තෙ. 76 පළවෙනි රෙකෝඩින් එක කළා.

 

මොකක් වටාද ඒ සින්දුව ලියවිලා තියෙන්නෙ?

ඒක ඉඩෝරය ගැන කියවෙන සින්දුවක්. ගොවිතැන්වලටත් සම්බන්ධයි.

 

බෑන්ඩ් එකේ සාමාජිකයෝ ගැනත් කතාකළොත්?

පටන් ගත්ත කාලෙ ඉඳන් හිටපු ඩ්‍රමර් ජගත් තාම ඉන්නවා. ඒ කාලෙ ගහපු අය මේරියන්ස් එකෙත් ඉන්නවා. අපි විවෘත වේදිකාවේදී අටදෙනෙක් සෙල්ලම් කරනවා. වෙඩින්ස්වල වගේ නම් හතරදෙනෙක් තමා. අපේ බෑන්ඩ් එකේ හතරදෙනාම සින්දු කියනවා. හදිසියේ ඕන වුණොත් ගර්ල් කෙනෙක්ව ගන්නවා. නැත්නම් අපි තමා හැමතැනම යන්නෙ. ඒ අය එක්ක දැන් එකට වැඩ කරන්න අරන් අවුරුදු පහළොවක් විතර වෙනවා. අපි දැන් ඉන්න අනිත් බෑන්ඩ්වලට ටිකක් වෙනස්. අර උඩ පැනලා සෙල්ලම් දාලා කරන කාලෙ අපි දැන් පැනලා.

 

Saman and the Clan බිහිවෙන්නෙ ඇයි කියල කියමු...

මම 73 ඉඳන් ගල්කිස්ස මහ හෝටලේ සින්දු කිව්වා. ඔහොම ඉඳලා මම පස්සෙ සියාක් බෑන්ඩ් එකෙත් සින්දු කියන්න ගත්තා. 85දි මම සියැක් සංගීත කණ්ඩායම සල්ලි දීලා ගන්නවා. ඉන්පස්සෙ සියැක් එක්ක දිගටම හිටියා. ප්‍රේමදාස මහත්තයාගෙ කාලෙ කිසි කරදරයක් තිබ්බෙ නෑ. මැණික් සංස්ථාවෙ රස්සාව තිබ්බට මට මියුසික් වැඩවලට ඕන වෙලාවක රට යන්න පුළුවන්. ප්‍රේමදාස මහත්තයා මැරුණට පස්සෙ 94දි මම රස්සාවෙන් අයින් වුණා. ඉන්පස්සෙ තමා සමන් ඇන්ඩ් ද ක්ලෑන් බෑන්ඩ් එක පටන් ගත්තෙ.

 

රජිත සේයාරැව | සුමුදු

 

2016-04-29-ent-72



අදහස් (0)

තාමත් අවුරුදු ප්‍රසංගවලට සහභාගී වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site