බස්නාහිර පැත්තේ ඉස්සර දෙණියකි. දැන් දෙණිය ඇඹුල් නොවී වැසිකිළිදෙණියක් බවට පත්වී ඇත. බෝධිය ළඟ හිටියත් බෝධියක් නැතිලු. උපන්දා සිට වතුර බීපු ළිඳට වැසිකිළි බටය හැරෙව්වාලු.
අවුරුදු 40 - 50 ක කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගත් ළිඳ දැන් වෙනත් වැඩකට ප්‍රයෝජනයට අරන්ලු. ඒ නළ ජලය යහමින් ලැබෙන නිසාලු. වෙනත් වළක් සාදා විශාල මුදලක් වැය කර කරන වැඩේ ගාණත් ඉතුරු කරගන්න සිතාගෙන වැසිකිළි වළ ළිඳට හරවා කොන්ක්‍රීට් තට්ටුවකින් වැසුවාලු.
දැන් වතුර බීපු ළිඳටම අසූචි හරවනවාලු. මේ වැඩෙන් අහළ පහළ ළිංවලටත් හෙනහුරා ලබයිලු. ටික කාලයක් යද්දී අනෙක් ළිංවලටද මෙම ජලය කාන්දුවිය හැකි අවදානමක් තිබෙනවාලු. අහළ පහළ අයටත් කරගන්න දෙයක් නැතිලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දන්නා මිනිස්සු නෙමෙයි නේ (ම)
විධිමත් වැඩ පිළිවෙලක් මුල සිටම ක්‍රියාත්මක නොවීමයි මෙයට හේතුව. කොළඹට ජල නල පද්ධතියක් තියෙන කොට ඒවා ගලා යන්නත්,වැසිකිලි අපද්‍රව්‍ය ගලා යන්නත් වෙනම කාණු තියෙනවනම්, ඇයි අනිත් ප්‍රදේශවලටත් එම ක්‍රමයම අනුගමනය කරන්න බැරි? (ම)
දැනුයි දෙණිය ඇඹුල් වෙන්නේ. (ම)
ඔය පැත්තේ තමයි අර දකුණෙන් පැවතෙන ලොක්කෙක් තමන්ගේ නැන්දම්මාගේ නමට අනුන්ගේ සුපිරි ගෙදරක් බලය පාවිච්චි කරලා ලියවා ගත්තේ. වැසිකිලි කටවල් යවන්න ඕන අන්න ඒ පැත්තට (නදී)
මෙය ජාතියේ අවගමනය විදහා දක්වන්නකි. මෙවන් අයගෙන් පිරුණු රටකට කුමක් වේවිද? (අ)
නල ජලය කපන්න දවස් දෙකකට (අ)
මහින්ද මහත්තයෝ මේ පැත්තේ ගොඩක් ඉන්නේ දකුණෙන් ඇවිත් පදිංචි උන කට්ටිය තමයි , දෙකක් නැහැ මේක දකුණේ වැඩක් හොයල බලන්න හොඳට (නදී)
දෙණිය ඇඹුල් නම් ගොඩක් නුග ඇති තැනක සුව නිලධාරි මහත්මයෙකුට පැමිණිලි කරන්න. (නදී)
ශාන්ත, කුමක් වේවිද? ඔය යස අගේට පේන්න තියෙන්නේ රටට වෙලා තියෙන හරිය. (නදී)
මේක දකුණේ වුණා නම් ...අද දකුණම ඉවරයි .....වෙලාවට....චරිතවත්, වැදගත් කට්ටිය ඉන්න පැත්තක..(අ)
ඇයි තැන දන්නවනම් බලාගෙන ඉන්නේ. තවත් රතු පස් වලක් වෙනකම්ද බලාගෙන ඉන්නේ. කරුණාකර එම වැසිකිළිය වසා දැමීමට බලධාරීන්ගේ ඇස් ඇරේවා (ම)