IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිබහට වතුර දුන් ළිඳට කළගුණ සැලකූ හැටි

බස්නාහිර පැත්තේ ඉස්සර දෙණියකි. දැන් දෙණිය ඇඹුල් නොවී වැසිකිළිදෙණියක් බවට පත්වී ඇත. බෝධිය ළඟ හිටියත් බෝධියක් නැතිලු. උපන්දා සිට වතුර බීපු ළිඳට වැසිකිළි බටය හැරෙව්වාලු.

අවුරුදු 40 - 50 ක කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගත් ළිඳ දැන් වෙනත් වැඩකට ප්‍රයෝජනයට අරන්ලු. ඒ නළ ජලය යහමින් ලැබෙන නිසාලු. වෙනත් වළක් සාදා විශාල මුදලක් වැය කර කරන වැඩේ ගාණත් ඉතුරු කරගන්න සිතාගෙන වැසිකිළි වළ ළිඳට හරවා කොන්ක්‍රීට් තට්ටුවකින් වැසුවාලු.

දැන් වතුර බීපු ළිඳටම අසූචි හරවනවාලු. මේ වැඩෙන් අහළ පහළ ළිංවලටත් හෙනහුරා ලබයිලු. ටික කාලයක් යද්දී අනෙක් ළිංවලටද මෙම ජලය කාන්දුවිය හැකි අවදානමක් තිබෙනවාලු. අහළ පහළ අයටත් කරගන්න දෙයක් නැතිලු.

 



අදහස් (0)

තිබහට වතුර දුන් ළිඳට කළගුණ සැලකූ හැටි

සමන් Thursday, 27 August 2015 09:18 AM

කාලගුණ දන්නා මිනිස්සු නෙමෙයි නේ (ම)

:       0       0

අසෝකා Thursday, 27 August 2015 09:30 AM

විධිමත් වැඩ පිළිවෙලක් මුල සිටම ක්‍රියාත්මක නොවීමයි මෙයට හේතුව. කොළඹට ජල නල පද්ධතියක් තියෙන කොට ඒවා ගලා යන්නත්,වැසිකිලි අපද්‍රව්‍ය ගලා යන්නත් වෙනම කාණු තියෙනවනම්, ඇයි අනිත් ප්‍රදේශවලටත් එම ක්‍රමයම අනුගමනය කරන්න බැරි? (ම)

:       0       0

ධම්ම Thursday, 27 August 2015 10:30 AM

දැනුයි දෙණිය ඇඹුල් වෙන්නේ. (ම)

:       0       0

ජනක Sunday, 30 August 2015 03:56 AM

ඔය පැත්තේ තමයි අර දකුණෙන් පැවතෙන ලොක්කෙක් තමන්ගේ නැන්දම්මාගේ නමට අනුන්ගේ සුපිරි ගෙදරක් බලය පාවිච්චි කරලා ලියවා ගත්තේ. වැසිකිලි කටවල් යවන්න ඕන අන්න ඒ පැත්තට (නදී)

:       0       0

ශාන්ත Thursday, 27 August 2015 06:12 AM

මෙය ජාතියේ අවගමනය විදහා දක්වන්නකි. මෙවන් අයගෙන් පිරුණු රටකට කුමක් වේවිද? (අ)

:       0       0

සුනිල් Thursday, 27 August 2015 06:25 AM

නල ජලය කපන්න දවස් දෙකකට (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 29 August 2015 06:05 AM

මහින්ද මහත්තයෝ මේ පැත්තේ ගොඩක් ඉන්නේ දකුණෙන් ඇවිත් පදිංචි උන කට්ටිය තමයි , දෙකක් නැහැ මේක දකුණේ වැඩක් හොයල බලන්න හොඳට (නදී)

:       0       0

සමන්ති Friday, 28 August 2015 12:01 AM

දෙණිය ඇඹුල් නම් ගොඩක් නුග ඇති තැනක සුව නිලධාරි මහත්මයෙකුට පැමිණිලි කරන්න. (නදී)

:       0       0

පෙරේරා Saturday, 29 August 2015 08:11 AM

ශාන්ත, කුමක් වේවිද? ඔය යස අගේට පේන්න තියෙන්නේ රටට වෙලා තියෙන හරිය. (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 28 August 2015 12:52 PM

මේක දකුණේ වුණා නම් ...අද දකුණම ඉවරයි .....වෙලාවට....චරිතවත්, වැදගත් කට්ටිය ඉන්න පැත්තක..(අ)

:       0       0

රැචිරා Thursday, 27 August 2015 09:03 AM

ඇයි තැන දන්නවනම් බලාගෙන ඉන්නේ. තවත් රතු පස් වලක් වෙනකම්ද බලාගෙන ඉන්නේ. කරුණාකර එම වැසිකිළිය වසා දැමීමට බලධාරීන්ගේ ඇස් ඇරේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site