කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවට ඩුබායි සිට ගුවන් මගින් රැගෙන ආ ගමන් මලු තුනක තිබු ජංගම දුරකතන 173 සහ ටැබ් දුරකතන හතරක් සොයාගත් බව කොටුව පොලීසිය කියයි.
පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න,අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ලලිත් සිලෝ ගමගේ මහත්වරු පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික, ඔයා ඩුබායි ඉඳල ලංකාවට එනකොට පවුලේ අය ඉල්ලන හැම දෙයක්ම බදු රහිතව දෙන්න කියලද කියන්නේ. එතකොට රටේ නිතිය මොකටද ? පවුලේ අය ඔහොම ගියාම ඉන්දිකට ඩුබායි වලින් ඔටුවොත් ගේන්න කියාවි (නදී)
අපේ රටේ අපිට ඉන්න වාසනාවක් නැති එකත් සැනසීමක් (නි)
ඔය ඔක්කොම හොරට ගහපු චීන මොබයිල් (නදී)
තැපෑලෙන් විතරක් නෙවි ඩුබායි ඉඳල මොබයිල් ෆෝන් අතෙත් අරන් එනවා .තොග පිටින් .මෙයාල බදු ගෙවන්නේ නැතිව ගොඩක් ලාභ තියාගෙන ෆෝන් විකුනනවා . මේවයින් පාඩු විඳින්නේ ,අහිංසක ,නීතියටම වෙළඳාම කරන වෙළඳුන් .ලංකාවේ හොඳට ,නීතියට යටත්ව වෙළඳාම් කරන මිනිසුන් රැක ගත යුතුයි . (අ) නැතිනම් හොරුන්ටම රට යයි
මේ පොලසියේ මහත්වරුන්ගේ මුනේ තියෙන්නේ මොන මොබයිල් එකද කටට දාගන්නේ කියලා (නදී)
අපොයි (නදී)
දුරකතන වසංගතයත් කුඩු වසංගතය වගේම තාරුණ්‍යයේ හෙට විතරක් නොවෙයි ඊයේ සහ අද කියන දවස් දෙකම උදුරාගෙන තියෙනවා. ඉතින් හෙටක් ගැන කුමන කතාද? (නි)
සරත් මහත්තයට ෆොන් කඩයක් තියනවද. අපි මහන්සිවෙලා අවුරුදු ගානක් රට ඉදල ගෙදර එද්දි හෑමෝම ඉල්ලන්නෙ ෆෝන් එකක්. ඉතින් අමාරුවෙන් හරි හතර පහක් අරන් එන්න වෙනව. එකටත් බදු ගහන එක සාධාරණ නෑ. අපි කොච්චර සල්ලි අපේ රටට එවල තියනවද. ඒක දන්න ගුවන්තොටුපලේ මහත්තරු පොඩි හරි සහනයක් අපිට දෙනවනම් හොදයි. ඒ අතරෙ බිස්නස් එකට ගේන අයත් ඈති. නමුත් අර නීති පොතේ තියනවනෙ නීතිය හදල තියෙන්නෙ වෑරදි කරන සීයක් බේරුනත් නිවෑරදි එක මිනිහෙක් දඩුවම් නොලබන්න කියල. (අ)
ඊ බේ හරහා රටේ නැති දේවල් පාලනයකින් තොරව ලංකාවට එන බව දන්නවාද ? මෙසේ එන දේ වලට කිසිදු බද්දක් නොගෙවා රට තුලට එන විදිහත්, රටට ඇතුළු නොවිය යුතු දේවල් රේගුවේ ඇස වසා ගෙන ඒමත් සදහා උදවු දෙන්නේ කවුද? (ස)