IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තැපෑල ජනතාවට සමීප කරන්න සියලු දේ කරනවා

(කාංචන කුමාර ආරියදාස)

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින්  සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී  තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා  නලින් ද ජයතිස්ස මහතා ඊයේ (04)  ගලේවෙල දී පැවසීය.

 වසර පනහකටත් අධික පැරණී ගලේවෙල නගරයේ පැවතී තැපැල් කාර්යාලයේ අබලන් ගොඩනැගිලි ඉවත්කොට පසුගිය අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 14 පමණ මුදලක් වැය කරමින්  මේ  රජයේ පළමු තැපැල් කාර්යාලයට මුල්වල තැබීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගලේවෙල නගර මධ්‍යයේ  ගොඩනැඟිල්ල සඳහා මුල් ගල තැබීම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ගේ  ප්‍රධානත්වයෙන් සුභ මොහොතින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ  සුරතින් සිදු කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා අසදහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ අඩුපාඩුකම් මේ වෙන විට සපයමින් සිටින බවය. ඒ අනුව ලොරි රථ   මිලදී ගැනීම සඳහා මේ වන විටත් රුපියල් මිලියන 250 ක් වෙන් කොට තිබෙන බව ද තැපැල්  මලු ප්‍රවාහනය කිරීම සඳහා කැප් රථ විස්සක් ටැබ් පරිගණක  1500ක් තවත් කොම්පියුටර් හැටක් ලබාදීමට රජය තීරණය කොට ඇති බවද   තැපැල් සේවාව මෙරට ශක්තිමත් කිරීමට අවශ්‍ය සේවක බඳවා ගැනීම් සියල්ල සිදුකරමින් වේගවත් පහසු විශ්වාසනීය තැපැල් සේවාවක් ජනතාවට ලබා දීම රජයේ අරමුණ බව හෙතෙම පැවසීය.
 



අදහස් (0)

තැපෑල ජනතාවට සමීප කරන්න සියලු දේ කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site