නිවාඩු දිනයන්හී දී දීමනා ලබා නොදෙන්නේ යැයි පවසමින් තැපැල් සේවකයන් අද (18) සිට අකුරට වැඩ කිරිම නිසා ගොඩ ගැසුණූ ලිපි හා පාර්සල් තොගය බැලීමට තැපැල් ඇමැති ඒ.එල්.එම්. හලීම් මහතා අද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ගියේය.
එක් දිනකට පමණක් ලිපි එක්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබේ. සේවකයින් 200 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බවත් නිවාඩු දින වලට ද අතීකාල දීමනා ගෙවන්නේ නම් මෙසේ ගොඩගැසුණු ලිපි හා පාර්සල් ඉතා ඉක්මණින් බේදාහැරීමට හැකි බවත් සේවකයෝ අමාත්‍යවරයාට පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කටයුතු හරියට කරන්න බැරිනම් පෞද්ගලික අංශයට භාර දෙන්න. හිටපු තැපැල්පතිගේ කෙරුවාවල් එහෙමත් පහුගිය කාලේ ලීක් වුනානේ. හැම එකාම හදන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවගේ ලේ ටික උරා බොන්න. එතකොට නම් සිංහ ලේ හොයන්නේ නැහැ! (බ)
මේ වගේ අය ඉන්නකම් මේ රට හදන්න බෑ. සේවකයො අඩු වෙන්නෙ කොහොමද? දෑන් වෑඩිපුර විද්යුත් ලියුම් යන්නෙ, වෙන රටවල්වල තෑපෑල් සේවකයො අඩු කරන්වා ලාබ ලබන්න. මෙහෙ වැඩි කරනවා. (ර)
ඔකේ හුගක් අය උදේ ඉදලම බීගෙන ඉන්නේ..... ඕව චෙක් කරලා ඉන්න ඉස්සෙලා (අ)
සේවකයන් 200 කගේ හිඟයක් තියෙනවලු දවසකට එන ලිපි 150,000 සමග වැඩ කරන්න .. දැන් ඉන්න සේවකයෝ හැර ... ලිපි 150,000 ට සේවකයන් 200 ක් වැඩට ගත්තොත් ලියුම් 150,000 / සේවකයන් 200 = එක සේවකයෙකුට දිනකට ලියුම් 750 ක වැඩ වෙන්වෙනවා .. ලියුම් 750 / දිනක වැඩ වෙලාව පැය 8 =ලියුම් 94 පැයකට.. අලුතෙන් සේවකයෝ 200 ක් ගත්තොත් දැනට ඔතන වැඩට ඉන්න අයට හැමදාම වැඩට ඇවිත් දවසේ පැය 8 ම නිදාගන්න පුළුවන් .. ඔන්න ඔය හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි .. (බ)
මෙවැනි ස්ථාන ඉක්මනින් පරිගණකගත කළ යුතුයි. (බ)
මෙතන 150,000ක් ලෙස සදහන් වන්නේ ලියාපදිංචි ලිපි පමනයි. ඊට අමතරව සාමාන්‍ය ලිපි, ස්පීඩ් පොස්ට් භාණ්ඩ, පාර්සල් තැපෑල් භාණ්ඩ, දුරකතන බිල්පත් වැනි අයිතම ප්‍රමාණය මේ ප්‍රමානය මෙන් කිප ගුණයක්. ඊට අමතරව තැපැල් දෙපාර්තමේන්තුව සපයන නියෝජිත සේවා ද විශාල ප්‍රමාණයක්. (විදුලි බිල් රැස් කිරීම, විභාග ගාස්තු, මනි ඹඩර් සේවාව, ජා.ඉ.බැංකු කටයුතු, දුරකථන බිල් රැස් කිරීම. ආදීය මෙන් තවත්) මේ සියල්ලටම තමයි 200ක් පුරප්පාඩු. මුලු ලංකාවෙම මේ තත්වය 2000කට ආසන්නයි. ඒ වගේම තමයි රජයේ සේවා සපයන ආයතනයක් ලෙස තැපෑල වර්තමානයේ අයකරන්නේ සාමාන්‍ය ලිපියකට රැ10 හා ලියාපදිංචි ලිපියකට රැ 35යි. (ර)
මේ තියෙන වීඩියෝ එකේ විනාඩි 4.12 සිට බලන්න .. තැපෑලේ පමණක් නෙමෙයි ලංකාවේ මොන රජයේ ආයතනයේ වුනත් සේවකයෝ වැඩ කරන්නේ ඔය විදියටයි .. ඔහොම වැඩ කරලා ලියුම් ලක්ෂයක් නෙමෙයි දවසටම 100ක් හරි පිට කරනවා නම් ලෝක පුදුමයක් ..(බ)
පෞද්ගලික විය යුතුයි (බ)