IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තප්පර කීපයකට ප‍්‍රබල වූ සනත්...

මීට පෙර ඔහු රඟපෑ චරිතයන් ගැන අප බොහෝ දේ කතා කර ඇත. එහෙත් මෙවර කතා කරන්නේ වෙනදා මෙන් ඔහු කළ චරිත රංගනයක් ගැන නොවේ. මෙය චරිත රංගනයක් බව සැබෑව. නමුත් මේ චරිත රංගනය සීමා වන්නේ තප්පර කීපයකට පමණි. එසේ වුවද සනත් ගුණතිලක නැමති ඒ ප‍්‍රතිභාපූර්ණ රංගවේදියා, සිනමා අධ්‍යක්‍ෂවරයා, තිර රචකයා මෙන්ම ගේය පද රචකයා ගැන බොහෝදෙනා බොහෝ දේ කතා කරති. මේ සටහන ලියැවෙන විට ප‍්‍රවීණ රංග ශිල්පී සනත් ගුණතිලක ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටී. ඒ ඉන්දියාවෙන් ලැබුණු ආරාධනයක් මත ගෝවේ සිනමා සම්මාන උළෙලට විශේෂ ආරාධිතයකු ලෙස පෙනී සිටීමට නිසයි. එසේ වුවද ඊට පෙර සනත් ගුණතිලක සමග අපට පිළිසඳරක යෙදීමට ඉඩකඩ ලැබිණ. සනත් අද ඔබ කොතැනද?

    කොතැන හිටියත් එදා හිටපු මනුස්සයාම තමයි. එදා හිටපු ඒ මිනිහා මොන වගේද?
      තමන්ගේ වෘත්තීය වෙනුවෙන් කැපවෙන, දක්‍ෂතාව වෙතින් දුෂ්කර ගමනක් ආපු, නින්දා ප‍්‍රසංසා එක විදියටම ලබපු, ඒ සියල්ල එක විදියටම විඳ දරාගත්, අන්‍යයන්ගේ සුබ සිද්ධිය සඳහා වෙහෙසුණු සරල මනුස්සයෙක්. පසුගිය දිනවල ඔබ අසනීප තත්ත්වයෙන් හිටියා. ඒත් කාටවත් කිව්වෙ නැහැ. එහෙම නේද?
        මට මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ විශාල හිතවතුන් පිරිසක් සිටිනවා. සමහර විට මේ ගැන හෙළි කළා නම් එය හොඳටත් නරකටත් යොදාගන්න ඉඩ තිබුණා. එය ප‍්‍රචාරක වින්දනයට අවශ්‍ය දෙයක් බව ඇත්ත. ඒත් අසනීපයකට වඩා මම කාලය ගත කළේ අලූත් තිර රචනයක් ලිවීමටයි. ඒ තිර රචනය මොකටද? කාටද?
          ඒ ගැන දැන්මම කියන්න ඉක්මන් වැඩි බවයි මගේ අදහස. සනත් ගුණතිලක නමැති ඔබ අද දවසේ ඔබගේ ජීවිතය වැඩිපුර ගෙවන්නෙ මොන අංශයටද?
            සිනමාවට. මම අහන්නෙ මොන අංශයෙන්ද?
              රංගනය ඈත් කරලා නැහැ. ඒත් සමහර චිත‍්‍රපට මම කළේ නැහැ. රංගනය හෝ අධ්‍යක්‍ෂණය වේවා මම ප‍්‍රමුඛතාව දෙන්නෙ මගේ අවශ්‍යතාවටයි. මොකක්ද ඔබගේ අවශ්‍යතාවය?
                මට හොඳයි කියලා හිතෙන දේ, සුදුසුයි කියලා හිතෙන දේ අවශ්‍යම කර ගන්නවා. කොහොම වුණත් ඔබ ගැන කතා කළොත් රංගනයෙන් බැහැරව කතා කරන්න බැහැ. අද අපට ඒ රංගනය හරහා කතා කරන්න ලැබෙන්නේ මොන චරිත හරහාද?
                  මේ මොහොතේ මා ගැන චරිත කීපයක් නිසාම සාකච්ඡාවට භාජනය වෙනවා. වර්තමානයේදී ‘ගාමනී’ චිත‍්‍රපටයේ මා රඟපාන්නෙ තප්පර කීපයක එකම එක දර්ශනයක් පමණයි. නමුත් ඒ ගැන කතාවෙන පිරිස වැඩි යැයි මට හැඟනවා. ඊට අමතරව කතා කළොත් මේ දිනවල මම ඉන්නෙ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන ස්වයං සංවාදයක යෙදෙමින්. ‘ගාමනී’ එකම විශේෂිත වූ රූප රාමුව ඔබට දැනෙන විදිය?
                    ඉතාම සීමිත කාලයකදී රඟපෑමට තිබුණු දේ වෙනුවෙන් චරිතයට සාධාරණය කළ බව හැඟනවා. ඇයි ඔබ වැනි අපට සිටින ප‍්‍රවීණ රංගන ශිල්පියෙකු මෙලෙසින් තප්පර ගණනකට සීමා වූ රංගනයකට පෙනී සිටියෙ?
                      ඒ ගැන විශේෂිතව මම හිතන්නෙ නැහැ. එවැනි ආගන්තුක චරිත මූල්‍යමය අවශ්‍යතා මත කළ ඒවාත් තියෙනවා. නමුත් මෙය ඊට සම්පූර්ණ වෙනස් අවස්ථාවක්. මේ චරිතය සඳහා පාදක වෙන්නේ කිසියම් වගකිව යුතු තැනක සිටි චරිතයක්. ඊට සාපේක්‍ෂව මා සුදුසු බව හැඟුණු නිසා රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාව යොදාගන්න ඇති. ඔහු කළ ඉල්ලීමකට අනුව මම මීට කැමති වුණා. ඒ සැබෑ චරිතයට ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?
                        පැහැදිලිවම ඔව්. හමුදාවලට අයත් බොහෝදෙනා ඒ ගැන මට කිව්වා. මේ සියල්ල අතරේ හැමදාමත් හැමෝම ඔබගෙන් අහන ප‍්‍රශ්නය වෙන්නෙ ඔබගේ විවාහය ගැනයි. එහෙම නේද?
                          ඔව් අහනවා. එහෙම අහන්නෙ මම තවමත් විවාහ විය යුතු තැනක සිටින බවට ඔවුන් හිතන නිසා වෙන්න ඇති. ඔව්. එහෙම නම්, මම එය බැහැර කරලත් නැහැ. විවාහය කියන දේ එකවරක් විතරක් සිදුවිය යුතු දෙයක්. ඒ නිසා ඒ ගැන මම වඩා සුපරික්‍ෂාකාරී වෙනවා විය හැකියි. නළුකම වගේම දේශපාලනය කියන දේත් අත්හරින්නම බැරි අංශ දෙකක්. විටෙක දේශපාලනයේ නියැළි ඔබට එය දැනෙන විදිය?
                            ඔව්, එහෙම කියන අය ඇති. ඒත් එහෙම අත්හරින්න පුළුවන් අයත් සිටිනවා. ඊට හොඳම උදාහරණය මම. ඔබගෙන් අපි ප‍්‍රශ්න අහනවා. ඔබ පිළිතුරු දෙනවා. පරිණත රංග ශිල්පියෙකු ලෙස ඔබට සමාජයෙන් අහන්න ප‍්‍රශ්නයක් නැද්ද?
                              තියෙනවා. මොකක්ද ඒ?
                                මට හැෙඟන විදියට සමස්ත කලාවෙම පෙර තිබුණා වූ සුන්දරත්වය, ස්වර්ණමය කාලය ගෙවී අවසන් කියලා. ඒ රසවින්දනය ස්පර්ශ කළ අපේ පරම්පරාවෙන්, ඊට පෙර පරම්පරාවෙන් ඒ මතකය නිරන්තරයෙන් අවදි කරමින් සිටින්නෙ. අලූත් පරපුර දක්‍ෂ නැහැ කියලද ඔබ කියන්නෙ?
                                  කොහෙත්ම නැහැ. නමුත් අලූත් පරම්පරාවෙන් මතක හිටින සදාකාලික දෙයක් කරගන්න සමාජය ඔවුන් පොළඹවන්නෙ නැත්තෙ ඇයි? ඒ වෙනුවෙන් ඉතාම සරල, අඩු ආයුෂක් ඇති ක්‍ෂණිකව නිමවෙන නිර්මාණවලට පේ‍්‍රක්‍ෂකයන් වශයෙන් දායක වෙන්නෙ ඇයි? තාක්‍ෂණයේ දියුණුවක් ඇති, එහෙත් වින්දනයේ දියුණුවක් නැති බව සමාජය තේරුම් නොගන්නෙ ඇයි? අන්න ඒ ප‍්‍රශ්න තමයි සමාජයෙන් මම අහන්නෙ?
                                  සටහන/ඡායාරූප සඳුන් ගමගේ



                                  අදහස් (0)

                                  තප්පර කීපයකට ප‍්‍රබල වූ සනත්...

                                  ඔබේ අදහස් එවන්න

                                   

                                   
                                   

                                  මේවාටත් කැමතිවනු ඇති

                                  නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
                                  නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

                                  2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

                                  ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
                                  ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

                                  හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

                                  මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
                                  මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

                                  2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

                                  Our Group Site