IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තාපදීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම්

කටාර් හි විදුලිබල පරිභෝජනය සීමාකිරීම සඳහා මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන ජාතික ව්‍යාපාරයේ තවත් පියවරක් ලෙසින් තාපදීප්ත ටංස්ටන් විදුලි බුබුළු (වොට් 75 සහ 100) ආනයනය කිරීම සහ අලෙවිය සම්බන්ධයෙන් බලපැවැත්වෙන තහනම පසුගියදා ක්‍රියාවට නැංවුණි.

bulbs
නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංරක්ෂණ සහ බලශක්ති කාර්යක්ෂම ජාතික වැඩසටහන වන ටාර්ෂීඞ් හරහා අතිසාර්ථක ලෙසින් මෙම තහනම පැනවීමට හැකියාව ලැබුණු බව කටාර් පොදු විදුලිබල සහ  ජල සංස්ථාව (කරාමා) පවසයි.


“ටාර්ෂීඞ් වැඩසටහන හරහා විදුලිබල පරිභෝජනය සහ පීඩාකාරී කාබන් විමෝචනය අඩුකිරීමට කරාමා ආයතනය සිදුකළ කැපවීමේ තරම නව නීතිකරණය හරහා පැහැදිලිව පෙනෙනවා” යැයි කරාමා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.


මෙම තහනම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන පෙළේ වෙළෙඳසල් කිහිපයකින් විමසූ විට ඔවුන් පැවැසුවේ ඔවුන් දැනටමත් අධික දීප්තියක් ලබාදෙන තාපදීප්ත විදුලි බුබුළු අලෙවි කිරීම නවත්වා ඇති බවයි.


මෙම තහනම ඉදිරියේදී වොට් 60 සහ 40 විදුලි බුබුළුවලටත් හඳුන්වාදීමට නියමිතය. තාපදීප්ත විදුලි බුබුළුවලින් සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්කොට විදුලිය අඩුවෙන් වැයවන විදුලි බුබුළු පාවිච්චිය ජනප්‍රිය කරවීම සඳහා ටාර්ෂීඞ් වැඩසටහන හරහා කරාමා ආයතනය පසුගිය කාලයේදී විවිධ ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කළ බව ඉහත නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 


අධික දීප්තියෙන් යුතු විදුලි බුබුළු ආනයනය කිරීම සහ බෙදාහැරීම වැළැක්වීම සඳහා නගර සභා සහ පරිසර අමාත්‍යාංශය විසින් පරීක්ෂණ වැඩසටහන් රැසක්ම ආරම්භ කර ඇත.


තාපදීප්ත විදුලි බුබුළුවලට වඩා විදුලිය සියයට 80කින් ඉතිරි කරන එල්ඊඩී විදුලි බුබුළු පාවිච්චිය සඳහා ජනතාව යොමුකරවීමටද පසුගිය කාලයේදී විවිධ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය.



අදහස් (0)

තාපදීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site