මිය යන්නට පෙර සිටම මළගම සූදානම් කැරගෙන සිටින මිනිසෙක් දඹුල්ල සතිපොළ භූමියේ පදිංචි වී සිටී.
ඔහු නමින් ඩබ්ලිව්.එම්. පුංචිබණ්ඩා (67) මහතාය. දරුවන් තිදෙනකුගේ පියෙකු වන ඔහු බිරිඳ මිය ගොසිනි. ඔහුගේ දරුවන් තිදෙනාද විවාහ වී වෙනත් ප‍්‍රදේශවල පදිංචිවී සිටිති.
මිනී පෙට්ටිය ඔහු පදිංචි වී සිටින කුඩා නිවසේ වහලයේ ලීයක එල්ලා ඇත. දුවිලි වැදීම වැලකීම සඳහා පොලිතින් කවරයකින් හා විශාල රෙද්දකින් මිනී පෙට්ටිය ඔතා තිබේ.
පුංචි බණ්ඩා මහතා කියා සිටියේ මිය යෑම සත්‍ය දෙයක් නිසා දරුවන්ට හෝ ඥාතීන්ට කරදරයක් නොවී තමන් හම්බකැර ගන්නා මුදලින් කීයක් හෝ ඉතිරිකැර අවසන් කටයුතුවලට පහසුකැර තැබූ බවයි.
ඔහු පෙට්ටිය මිලදී ගෙන ඇත්තේ රුපියල් 8500කටය. දැන් එවැනි පෙට්ටියක මිල එමෙන් තුන් ගුණයක් පමණවේ.
ආදාහනය කිරීම සඳහාද තමන් මේ දිනවල හම්බකරන මුදල් වෙන් කරමින් සිටින බවත් එම මුදල නගර සභාවට බැඳ ලදුපතද පෙට්ටියේ දමා තබන බවත් ඔහු කීය.
හදිසි අනතුරකදී එක් අතක් අහිමි පුංචි බණ්ඩා මහතා දඹුල්ල සතිපොළේ වඬේ විකුණමින් තනිවම ජීවත් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක පියෙක් (අ)
හරිම දුකයි (අ)
ඔබට දීර්ගෞෂ ලැබේවා
හොද වැඩක් කාටවත් කරදරයක් නැහැ (අ)
ඔබට දිර්ඝායුෂ ලැබේවා (දී)
ගරු කරන්න ඕනි ඒ වගේ මනුස්සයෙක්ට ............... තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරමි (දී)
ඔබට දිර්ඝායුස පතමි .හොද පියෙක් (දී)
පවු අහිංසක මනුස්සයෙක්.දරුවන් සලකන්නේ නැතුව ඇති (අ)
ඔබට දීර්ගායුෂ ලැබේවා! (නදී)
දරුවන් 3දෙනගෙන් එක් අයකට හරි මේ ප්‍රවෘත්තිය එක පෙනේවා!!!.(අ)
මෙවැනි මිනිසුන් අගය කල යුතුය කාටවත් ඇත නොපා ජීවත් වීම තරම් දෙයක් තවත් නෑ ඔහුට ගෞරව කල යුතුය
අපි අද ඉදල හෙට මැරිල යනවා එත් මේයා නම් කටවත් කරදරයක් නොවෙන්න ජීවත් වෙනවා (අ)
දෙන්නට සුවසෙවන බැරිනම් තම හිසට දණ්ඩකි එ අත සිඳලයි සත්කඩක් කොට (අ)
ඔබට නිවන් සුව අත් වේවා! (නදී)
කාටවත් කරදරයක් නැති අහිංන්සක පියෙක් .....(අ)
ඇමති කෙනෙකුත් ලැහැස්ති වෙනවලු.(නදී)
සිරස්තලයට දාලත් ඇත්තේ,මාස්ටෙර්ගේ සින්දුවක්නේ. කවදත් අමතක නොවෙන,අර්ථවත් සින්දුවකි. (නදී)
ඔබට නිවන් සුව
තමන්ගේ දරුවෙක්ටවත් බරක් නොවී ජිවත් වෙන පියෙක්. නිදුක් නිරෝගී දිර්ගායු පතනවා තාත්තේ! (නදී)
අහිංසක මිනිසෙක් උනත් , නැති බැරිකම කොපමණ තිබුනත් මැරුණට පසුවවත් තවත් කෙනෙකුට බරක් නොවී ඒ ගමනත් තමන්ගේ වියදමින් තමන්ම කරගන්ඩ සුදානම් කරපු ඒ සිතුවිල්ල ගොඩක් වටිනවා. නොමැරී හැමදාම ඉන්නවා කියල හිතාගෙන වැඩ කරන අපේ අයට ගොඩක් හොද ආදර්ශයක්. (අ)
ගිහිගෙයි හැටි ඔහොම තමයි. කවදා හරි අපි මැරෙනවා ඉතින් එහෙම කලා කියල වරදක් නැහැ.(නදී)
දරුවො දැනගත්තොත් පෙට්ටියත් විකුනයිද? (අ)
ඔබට දීර්ඝායුෂ ලැබේවා. (අ)
පව් දෙමපියන් තනි කරන එක (අ)
මරණෙට බය නැති මහාත්මයෙක්.(අ)
ඔබට දීර්ඝායුෂ ලැබේවා.....!!!!(දී)
ඔහු දිනක මියයන බව පසක් කළ නිසා තමයි සාමාන්‍ය මිනිසෙක් නොසිතන අන්දමින් අහිංසකව හා සාධාරණව සිතා මේ පියවර අරන් තියෙන්නේ. ඒකට රට ක(රව)න මිනිස්සු වැඩ කරන්නේ කිසිදාක මිය නොයන අය ලෙසයි. මේ උදාර පුද්ගලයා ලොවටම ආදර්ශයක් වේවා! (අ)
උත්තරීතර මහත්මයෙක්. මේවගේ වටිනා මහත්මයන් ගැන මුළු ලෝකෙටම ප්‍රචාරය කරන්න. දැන් පාසල් වල ඉගෙන ගන්න දරුවන්ටත් මේ වගේ වටිනා පුඉද්ගලයන් ගැන කියල දෙන්න වැඩපිලිවෙලක් සකස් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඇස් දෙකට කදුළු එනවා මේ කතාව බලනකොට.(නධී)
මැරුණම පොලවට පස් වෙලා යන මේ කුණු ශරීරය බහා තියන්න ගත්ත උත්සාහයට වඩා ඒ සල්ලි වලින් පිනක් කර ගත්තනම් යනකොට පින අරගෙන යන්න තිබුනා. මිනි පෙට්ටිය යනකොට අරගෙන යන්න පුළුවන් නම් වරදක් නෑ. මිනි පෙට්ටි සංස්කෘතිය ලංකාවෙන් තුරන් වෙනවා නම් ඉතාම අගනේය.(නධී)
කියන්න කිසිම දෙයක් නැ යාලුවනේ.(නදී)
පිටරටවල් වල අවමංගල්‍ය සංවිධානය කරන ආයතන වල තියෙනවා, මිය යාමට බොහෝ කලකට පෙර, තමන් මිය ගියාට පසුව තමන්ගේ මරණයේ වැඩ කටයුතු කිරීමට බාර දීමට හැකි ලෙස සකස් කල ක්‍රම. එහිදී දු දරුවන්ටවත්, නෑදෑයන්ටවත් කිසිම ආර්ථික අපහසු තාවයකට පත් වීමට අවශ්‍ය නොවේ. ඒ මන්ද මිය ගිය තැනැත්තා,මිය යාමට ප්‍රථම ඒ සියලු වියදම් ගෙවා අවසාන නිසා.(නධී)
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි කියන්නේ ඕකයි. තාත්තලාගේ අගේ දැනෙන්නේ මිනිස්සුන්ට හරිම අඩුවෙන්. නිදුක් නිරෝගී ගිර්ඝායු වේවා තාත්තේ! (අ)
අදහන්න ඕනි මිනිහෙක් ගෞරව කරනවා ඔබට (අ)
ආදර්ශය උතුම් කියවනවට වඩා අපි නොදන්නා මෙවැනි දේවල් රටේ තවත් ඇති. අදාළ ප්‍රදේශවල වගකිවයුතු බලදාරින්ගේ අවදානය යොමුවූය යුත්තේ මෙවැනි අහිංසකයන් වෙතයි.(නදී)
පිය සෙනෙහසට කවු ගී ලියවුනා මදි..... තාත්තේ ඔබට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා! (නදී)
තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. මේ ලෝකයේ මොන සෙල්ලම් දැම්මත් අන්තිමට ඕනෑම ජගතෙකුට බැහැල යන්න වෙන්නේ ඔකේ ඇතුලේ තමයි.(නදී)
ඔබට දීර්ඝායුෂ ලැබේවා. (අ)
මේ ලෝකේ හැටි එහෙමයි. අපි දරුවන්ට පන වගේ ආදරේ කලාට දරුවෝ බැන්දහම වෙනස් වෙනවා. ඒකයි ලෝක ධර්මතාවය. එයාලටත් එයාලගේ දරුවන්ගෙන් ඒ ටික ලැබෙනවා. දරුවෝ නැති අය දුක් වෙන්න එපා. දරුවෝ 3 දෙනෙක් ඉන්න පියාට වෙලා තියෙන දේ බලන්න.(නදී)
මේ අංකල්ගෙ දරුවන්ට මේ සිද්දිය කිව්වා නම් හරි. කියලා මොකක් හරි පිලියමක් ගන්න කිව්වා නම් හරි. ඈත්තටම මේ අංකල්ට දීර්ගායුෂ ලෑබෙන්න ඕනෙ.(නදී)
ඇත්ත ඇති සැටියෙන් දුටු ,කාටවත් කරදරයක් නොකර ජිවත් වෙන්නත්, මිය යන්නත් සිතු ඇදහිය යුතු පුද්ගලයෙක්.., ඔබට දිර්ඝායුෂ (දී)
මෙතුමා ඇත්ත ඇති හැටියෙන් දැනෙනවා (අ)
ඔබට දීර්ඝායුෂ ලැබේවා (දී)