හෘද රෝගයකට වැඩිදුර ප්‍රතිකාර ගැනීමට සංගප්පූරුව බලා යෑමට ඉකුත් (12) වැනිදා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි කතානායක කරු ජයසූරිය මහතාට ගුවනින් ගමන් කිරීම සඳහා වෛද්‍ය අවසරයක් ඉදිරිපත් කරන්නැයි ‘එමිරේට්ස්’ ගුවන් සේවය පවසා ඇතැයි වාර්තා වේ.
‘එමිරේට්ස්’ ගුවන් සේවයේ පළමු පන්තියේ ආසනයක් වෙන් කර තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසි වසරක් සේවය ලංකා දිසානායක දියණිය ද සිය පියාත් සමග මේ ගමනට එක්ව සිටියාය.
කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය කණ්ඩායමක් විසින් කතානායක කරු ජයසූරිය මහතාට ප්‍රතිකාර සිදු කර ඇති අතර ඔහුට සිංගප්පූරුවට ගොස් වැඩිදුර ප්‍රතිකාර ලබාගන්නැයි එම වෛද්‍ය කණ්ඩායම උපදෙස් දී ඇතත් ජයසූරිය මහතා ගුවනින් යෑමට සුදුසු දැයි සෑහීමකට පත් වීම සඳහා එමිරේට්ස් සමාගම අමෙරිකා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් උපදෙස් පතා ඇත.එහෙත් ජයසූරිය මහතා රැගෙන ගොස් නැත.
මිනිත්තු දහයක් ඇතුළත කතානායකවරයාට ප්‍රතිකාර කරන ලද රෝහලෙන් වෛද්‍ය අවසරයක් ලබාගත හැකි බව ජයසූරිය මහතාගේ දියණිය ගුවන් සේවයට දන්වා තිබුණද එය ද ඔවුන් පිළිගෙන නැත.
ගුවන් තොටුපොළේ ඇති වෛද්‍ය අංශයෙන් හෝ රෝහලෙන් ලබා දිය හැකි වූ තිබූ වෛද්‍ය අවසරය ලබාගැනීමට එම සමාගම ක්‍රියාකර නැතැයි ද කියති.
එමිරේට්ස් ගුවන් සේවයේ මෙරට ප්‍රධානී චන්දන ද සිල්වා මහතා කියා ඇත්තේ ඔහුගේ කාර්ය මණ්ඩලයෙන් කරුණු විමසීමක් කළ යුතු බවයි.
ජයසූරිය මහතා ඉන් පැය 12කට පසු සිංගප්පූරු රෝහලට රැගෙන යාමට නෑයෝ සමත් වූහ.
COMMENTS
දැන්වත් අපේම නිවහල් ගුවන් සේවයක් දියුණු කර තබාගන්න එක හොඳයි කියලා වැටහෙන්නේ නැද්ද. ලාබ ගන්න පුළුවන්, කිසිම ඵලදායි වැඩක් නොකරන හෙන්චයියලා ඉතාම අධික වැටුප් වලට නොගෙන, සුදුසු බුද්ධිමත් උගත්තු පමණක් ගෙන ඔවුනට බාර දෙන්න හැකි නම්... (නි)
පසුගිය රජය හිටියා නම් බලන්න තිබුනා (නි)
අන්න නියමයි. ජයවේවා! (නි)
මහින්දට ඒ කාලේ මෙහෙම වුණා නම්...? (නි)
හිරේ යන විපක්ෂයේ අය පෞද්ගලික රෝහල් වලට යවනවා, හිරගෙදර කියලා හිතාගන. ආණ්ඩු පක්ෂයේ අය ලංකාවේ කොච්චර හොඳ රෝහල් තිබුනත් යන්නේ සිංගප්පුරුවට. හොඳ දෙයක් කරලා තියෙන්නේ එමිරේට්ස් එක. (නි)
ශ්රී ලන්කන් එකත් කොහොමහරි එමිරේට්ස් එකටම විකුණපල්ලා. එතකොට ඊළඟ පාර ජනපතිවත් හරවල ගෙදර එවයි. එතකොට තමයි නියම ජාතික අභිමානේ ලැබෙන්නේ (බ) .
රෝගියෙක් ගුවනින් යනවා නම් වෛද්‍ය සහතිකය රැගෙන යා යුතුමයි. (හේ)
අනෙකුත් මහජනයා කී වැනි පුරවැසි කමටද වැටෙන්නේ ?(හේ)
ඇයි එතුමා ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෝරා නොගත්තේ...? මට මෙතන ලොකු ගැටලුවක් ඇතිවෙනවා. කොහොමත් එමිරේට්ස් ගුවන් සේවය අපිත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවට පින්සිද්ධ වෙන්න තමයි අද එමිරේට්ස් ගුවන් යාන ස්විට්සර්ලන්තයට යන්නේ. ඇයි අපේ කතානායකතුමා අපේ ගුවන් සේවය තෝරා නොගත්තේ? ශ්‍රී ලන්කන් ගුවන් සේවය තරම් හිතවත් මිතුරු සංග්‍රහශීලි ගුවන් සේවයක් මම නම් දැකලා නැහැ. (නි)
ඇයි මිනිස්සු ඔච්චර මරණයට බය? අපි කවුරුත් මැරෙන මිනිස්සු. ඉන්නකන් රටට වැඩක් ඇති දෙයක් කළයුතුයි. (නි)
එහෙම තමයි. දැන් තියෙන්නේ යහපාලනය! (නි)
යහපාලනේ කියලා හැම වැරැද්දටම විමර්ශන මිස විනය ක්‍රියාමාර්ග නොගත් එකේ ප්‍රතිඵල තමයි ඔය. (නි)
ඇයි ඕක ලංකාවේ රෝහල් වලින් හොඳ කරගන්න බැරි ලෙඩක්ද? (නි)
එමිරේට්ස් ගුවන් සේවයට තුන්වෙනියද, පළවෙනියද කියන එකෙන් වැඩක් නැහැ (නි)
‘එමිරේට්ස්’ ගුවන් සේවකයින්ට කව්රුත් එකයි. ගුවන් සේවයේ නීති රීති වලට පිටුපා වැඩකර රැකියාව නැති කරගන්න කව්ද කැමති. අපේ අයට නම් දේශපාලකයෝ කිවුවහම හරිම බයයි. (නි)
ගුවන් ගමන් වලට අසනීප අය භාර ගන්නා විට සිදුකල යුතු ක්‍රියාවන් තිබෙනවා. (හේ)
කතානායකතුමාට ඉක්මනින් සුව වේවා යැයි පතමි. (නි)
ඔය සිංගප්පූරුවට ගෙනියන්න යන සල්ලි වලින් අපේ රෝහලුත් දියුණු කරලා ලංකාවේම ප්‍රතිකාර කළා නම් කොච්චර වටිනවද? මොකද ලෝකේ හොඳම දොස්තරලා ඉන්නේ ලංකාවේ. (නි)
එතුමා ලෙඩවෙන්න ඇත්තෙ මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)
තුන්වන බලවතා වන එතුමාට එසේ නම් කිසිම බලයක් නොමැති අසරණ අප හට කෙසේ වේද...? (නි)
හොඳ වැඩේ. ඇයි අපේ වෛද්‍ය සේවය හොඳ නැද්ද? (නි)
දැන්නම් රට යන අත ගැන අපිට සතුටුවෙන්න පුලුවන් (නි)
මෙයාලා මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඔයදේම කරන්න ගිහින් වුණදේත් අපිට මතකයි (නි)
හොඳ තීරණයක්. නීතියක් තිබේ නම් එයට අවනත වියයුතුය. (නි)
මේ පළමු දෙවැනි තුන්වෙනි පුරවැසියෝ සංකීර්ණ රෝගවලට වලට ප්‍රතිකාර අපේක්ෂාවෙන් පිටරටට බඩගාන වෙලාවේ, නරකද මෙහෙම ප්‍රතිකාර කරන්න නිසි පරදී ඉස්පිරිතාලයක් ගොඩනැගුවොත්, දුප්පතුන්ටත් ප්‍රතිලාභ ලැබෙන විදියට. (ර)
ගුවන් සමාගම අනවශ්‍ය අවදානමක් ගන්න කැමති නෑ. (ර)
අපේ රටේ මෙච්චර කාලයක් රට පාලනය කරපු අයට හිතන්න බැරි උන රටේ සෞඛය දෙපර්තම්න්තුවකුත් තියෙද්දී රටේ මිනිසුන් ගැන හිතලා මේවා දියුණු කරන්න. ඒ ගොල්ලෝ අසනීප උනාම රට යනවා. දුප්පතා... (ර)
ඉස්සර මහින්දගේ ආණ්ඩුව කාලේදී කතානායකට මෙහෙම දෙයක් වුණා නම් කොහොම වේවිද? (නි)
නිදහස් සෞඛ්‍ය සේවයටත් ප්‍රතිකාර ඉල්ලා සිංගප්පූරුවට ගෙන ගියොත් නරකද? අැයි මේ ආණ්ඩුවේ ඇමතිවරු විතරක් එහි යන්නේ? (නි)
දැන් ලංකාවේ දොස්තර මහත්වරු ඉන්නේ බොහොම ටිකදෙනයි. වැඩිපුර ඉන්නේ ජනතාවගේ මුදකින් පිනට ඉගෙනගෙන ජනතාවගේම මුදල් හූරාකන මුදල් ඔස්තාර්ලා. එනිසා වැඩිපුර මුදල් ඇති අය පිටරටකට ගිහින් බෙහෙත් ගන්න එකේ වරදක් නැහැ. (නි)
ඔය ලොකුකම්, දේශපාලන බලපුළුවන්කාරකම් වලට ගුවන් සමාගම් නීති වෙනස් කරන්න බැහැ. මේගොල්ලන්ගේ හිතේ එයාලා නැග්ගහම කොහොමහරි ගමන යතහැකියි කියලයි. (නි)