සන්ධානය ජාතික ආණ්ඩුවකට සහාය නොදේනම් එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (25) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කොළඹ මුස්ලිම් මහ පල්ලියට ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු ප්‍රකාශ කළේය.
තමන්ට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ආදී පක්ෂ අවශ්‍ය විට සහාය ලබාදෙනු ඇති බවත් විපක්ෂය කොයි තරම් නම්‍යශීලී වෙයිද යන්න බලා සිටින බවත් ඒ මහතා පැවසීය.
ඔවුන්ගේ විරෝධතාවයක් ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත් කබීර් හෂීම් මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කියන්නෙත් ඒකනේ මහත්තයෝ..මොකටද මේ හවුල් ආණ්ඩු හදන්නේ..සන්ධානෙට මිනිස්සු ඡන්දෙ දුන්නේ හවුල් ආණ්ඩු හදන්න නෙමෙයි..යු අැන් පියට මිනිස්සු ඡන්දෙ දුන්නෙත් ඒකට නෙමෙයි..මේ පක්ෂ මංකොල්ල කාගෙන තමන්ගේ හීන ඉටු කරගන්න හදන ප්‍රජාතනත්‍රවාදයක් සදාචාරයක් නැති දේවදත්තලට චින්චිමානවිකාවන්ට යට නොවී හදන්න යු අැන් පි ආණ්ඩුවක්..මේ ජනමතයට ද්‍රෝහිවුණු එව්වෝ එක්ක හදන ආණ්ඩුවටත් ඒ ජනමතයේ සාපය ස්ථිරව වදිනවා..ඔය හවුල් ආණ්ඩුවෙන් වෙන්නේ යු ඇන්පී එකට ඉක්මනට ගෙදර යන්න වෙන එක පමණයි...(බ)
පිවිතුරු යහපාල, ඔබ යොදාගන්න නම ගැනත් මට දුකයි. නේ කතා කරන මහත්තය වගේම ඔබත් ගණන් ටිකක් හරි ඉගෙනේ ගෙන තියෙනවනම් තේරෙනවා බැරි වෙන්නත් යම් සම්භාවිතාවක් තියෙනවා කියල. අනික ජේවීපී එක?, දෙමළ සන්ධානේ ඉල්ලන දේවල්?. පුළුවන් නම් කරලා පෙන්නන්නකො. අපිත් බලන්න අාසයි. (බ)
ටී.එන්.ඒ එකට මන්ත්‍රීවරු 14 ඉන්නවා.. එයින් 4-5 කට ඇමතිකම් දීලා සන්ධානෙනුත් 4-5 අරගෙන හදන්න පුලුවන්...(හේ)
තනියෙන් හදන්න පුලුවන් අයවැය පැරදුනහම අාණ්ඩුව විසුරවන්න වෙනවා නේද මහත්තයෝ (හේ)
බැරි නෑ පුළුවන් උත්සහ කර බලන්න.(හේ)
දැන් ඉතින් කවුරුත් චන්ඩි තමයි.(හේ)
අන්න හරි මහත්යෝ ටීඑන්ඒ එක හරි එකතු කරලා මේ කාලකණ්නි අහක දාලා ආණ්ඩුවක් පිහිටුවන්න..මොකද ඔය ඉන්න කට්ටිගෙන ගන්න හොඳ අය ඉන්නේ 2-3 ක් විතරයි..අනික් ඔක්කොම සවුත්තු අය..ඉක්මන් කරන්න..කාලකණ්නිට ඉඩ නොදෙන්න..අපේ සහය ඔබතුමන්ලාට.(හේ)
ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම.එය ජනතාවගේ පැත්තෙන් යහපතක් වේවි (හේ)
පුළුවන් තමයි (බ)
නරියත් මිදී තිත්තයෙයි කීවලු (නදී)
හොඳම දේ ජනතාවගේ පැතුම් ඉටු කිරීම. එ්ක කරන්න පුළුවන් යූ එන් පී ආණ්ඩුවක් හැදීමෙන් මිසක් ශ්‍රී ලංකා එකේ ජනතාව ප්‍රතික්ෂේප කරපු හොරු එක්ක ආණ්ඩුවක් පිහිටුවීමෙන් නොවෙයි. අපිට ඕනේ යූ එන් පී ආණ්ඩුවක්. ඇයි සිරිසේනට බයද. එයට රටේ බලයක් නැහැ. එයා දිනුවේ යූ එන් පී ඡන්ද වලින්නේ. (නදී)
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න (නදී)
ඇමතිකම් වලට පොර අල්ලන්නේ නැතිව රට ගැන සිතන්න. (ම)
තනිව ආණුඩුවක් හදන්න පුලුවන් නම් සන්දාන ගහන්න යන්න එපා. (නදී)
හරියට හරි අවුරුදු 11 බලන් හිටියේ අලියා ආණ්ඩුවක් හදන්නනේ. සන්ධානේ එපා.(නදී)
කබීර් හෂීම් මහත්තයාට වැරදිලා. ජේවීපියට ඕනෑ උනේ මහින්ද පරද්දන්න මිසක් එජාප ආණ්ඩුවක් හදන්න නොවේ. ඔබට ආණ්ඩු හදන්න වෙන්නේ දෙමළ සන්ධානේ සමග පමණයි, ශ්‍රීලනිප ගෙම්බෝ බා ගත්තේ නැත්නම්.(නදී)
ඔය ඒකාලේ මහින්ද මහත්තය කරපු න්‍යාය අනුගමනය කළා නම් ඔය අදහස නිකම්ම කරගන්න තිබුණා (ම)
කයිවාරු නැතුව කරලා පෙන්නන්න (ම)
මේ පාර කාටවත් ආණ්ඩුව විසුරුවා හරින්න බැ පහක් යනකන් හොදේ (ම)
සමගිය බලයවේ. අගමැතිතුමා ඒ අබියෝගය බාරගෙන ඇත (නදී)
ඉක්මනට ගෙදර යන බව පේනවා. දැනටමත් චන්ද්‍රිකා බලය අතට අරගෙන වගේ.(නදී)
අපිට ඔය දේශපාලන කුණු ගොඩවල් වලින් වැඩක් නැහැ. ජේ.අාර් වගේ අපිට අවශ්‍ය වන්නේ හොඳ ආර්ථික දර්ශනයකුත් රාජපක්ෂවගේ හොඳ යෝජනාත් පමණයි.(නදී)
මේ එන්න හදන්නේ මොකටද ? (නදී)
කොහොමත් යු එන් පී එකට තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් (ම)
ඉතින් සන්ධානේ හලලා හදන එකනේ තියෙන්නේ. මිනිස්සු සන්ධානෙට ඡන්දෙ දුන්නේ පස්ස දොරෙන් එජපායට රිංගන්න නොවේ. ශ්‍රීලංකා කාරයෝ ඇමති කමට රට වික්කා .(අ)
තියෙන ටිකෙන් හරි රටට අවශ්‍ය හොඳ දේවල් කරන්න පටන් ගන්න. ඉන්පසු සැලෝන් දොර විවර කර තිබේ කිවුවාම ඇමතිකම් නොඉල්ලාම පාට වෙනස් කරගෙනම කට්ටිය ඇතුළට එයි. (අ)
එහෙම තනිවම ආණ්ඩුවක් පිහිටුවන එක තමයී සුදුසු (ම)
මේ රටේ දියුණුවක් ඇතිවී තියෙන්නේ එකසත් ජාතික පක්ෂ රජයක් තිබෙන කාලයේදී පමණයි. මම කියන්නේ බොරු නං ඉතිහාසය පරීක්ෂා කරලා බලන්න.1948 ඉඳන් ඩි.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්දන , ආර් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ වැනි අ ය කරපු වැඩ දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න. (නදී)
මහින්ද සල්ලිවලට මන්ත්‍රීලා අරගෙන ආණ්ඩු හදනකොට කව්රුත් කෑගැහැව්වේ නැහැ. පත්වුණු මන්ත්‍රීලට ජනතාවට සේවය කරන්න නොවෙයි ඕනේ හොඳ කටු තියන ඇමතිකම්. අපේ ජහමනය පත් කරපු හොරු ටික අයින් කරලා අනිත් අයගෙන් ආණ්ඩුව හදන්න බැරිවෙයිද? ජේ.වී.පී සහෝදරයන්ගේනුත් ඉල්ලා සිටිනවා ආණ්ඩුවකට යන්න කියලා. මොකද ඒ ගොල්ල ඉන්නවා නම් හොඳයි. ජහමනයා ජේ.වී.පී එකේ තියන ප්‍රතිපත්ති ගැන බලන්නේ නැහැනේ ආණ්ඩුවකට ගිහිල්ල වැඩ පෙන්නන්න කියල ජේ.වී.පී එකෙන් ඉල්ලනවා. හොරුන්ට නම් අවස්ථව දෙන්න එපා. (නදී)
සන්ධානයටත් පුළුවන්නේ (බ)
පුලුවන්නම් තනියෙන් ආණ්ඩුවක් හදල පෙන්නන්නකො. (බ)