ජිනීවා මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව නිසා පාර අවහිරවීයැයි කුරුඳුවත්ත පොලිසියෙන් කළ පැමිණිල්ල අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හය දෙනකුට අද නොතීසි නිකුත් කළේය.
පසුගිය පෙබරවාරි හය වැනි දා වූ එම සිද්ධියේ වීඩියෝපට ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් අවසර දුන්නේය.
වීරවංශට අමතරව ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විඩේනායක, රොජර් සෙනවිරත්න, මොහොමඩ් මුසම්මිල් සහ දොන් ලුසියන්ට ද නොතීසි නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටත් පිස්සු මේවගෙන් වෙන්නේ දෙකයි පනහේ අය නග්ගල ගන්න එක (බ)
නිතිය අකුරටම ඉටුකරන්න තරාතිරම නොබලා (බ)
ඉදිරියට මෙවැනි චිත්‍රපට නතර කළ යුතුයි. රටේ අනාගතය උදෙසා .දැන් රාජසමය නොව ... ජනතා සමයයි ..(බ)
අපි ඔබ සමඟයි. පෙරටම යමු (නි)
කරමුද උපවාසයක්? (නි)
අපි විමල් සමඟයි සැමදා (නි)
විමල්ලත් දාගන්න ලෙඩ! (නි)
සුසන්ත, ඇත්ත තමයි. (නි)
මදැයි වෙච්ච දේ! (නි)
උද්ඝෝෂණ කරන්න ඕනෑ තැනකට ගිහින්, හැබැයි පාරවල් අවහිර කරන්න එපා (නි)
සුසන්ත, ඔයා කියන්නේ යහපාලනය කියලා හැම වරදකටම අස් කන් පියාගෙන ඉන්න කියලද? රට ගැන හිතුවා නම් මේ විරෝධතාව මීට වඩා හොඳ විදියට කරන්න තිබුනා. මේ වගේ වැඩ වලින් රටේ නමයි කැතවෙන්නේ.වාහන තදබදය නිසා කොපමණ ඉන්ධන ප්‍රමාණයක් වැයවෙන්න ඇද්ද? (නි)
සුසන්ත කියනදේම ලංකාවේ ඉන්න මගේ තාත්තත් කියනවා. (නි)
තුන්මුල්ලේ විමලේ ඇතුළු වන්දිබට්ටයන්ට ගිරිය පුප්පාගෙන කෑගහන්න අලුත් මාතෘකාවක් ලැබුණා. දැන් ඔය නොතීසියට විරුද්ධව මේ සහෝදර හමුදාව මාරාන්තික උපවාසයක් පටන් ගනීද දන්නේ නැහැ තුන්මුල්ල හන්දියේම. මේගොල්ලෝ ඉතින් පාරෙමනේ හැමදාම. (නි)
එක් කෙනෙකුටවත් පාරවල් වහලා උද්ඝෝෂණ කරන්න දෙන්න එපා (නි)
අසරණ අපි තමයි මේවායින් දුක්විඳින්නේ (නි)
විහිළු කතා කියන්න එපා විරෝධතා කරන්න පාරවල් හිර කරන්නේ නැතිව.විකල්ප පාරවල් නැති තැන් වල පෙරහැරවල් විරෝධතා කිරීම තහනම් කළ යුතුයි (බ)
ජනතා සමය නොවේ මර්දන සමය. දැන් නම් තරු 5 හේ ප්‍රජාතන්ත්‍රවාදය (නි)
ජනතාව ඉල්ලපු දේවල් දැන් ලැබෙනවනේ (නි)
විරෝධතා කරන එක නෙමෙයි ගැටළුව, පාර අවහිර කරන එක. ඒකටයි පොලීසිය පියවර අරගෙන තියෙන්නේ. (නි)
ඉල්ලීම් දිනාගන්න / විරෝධතා වලට පාරවල් හරස්කරන එක දැන් විලාසිතාවක් වෙලා. මුළු දිවයිනටම බලපවත්වන විදියට කිසිම පාරක් හරස්කරන එක වළක්වන උසාවි නියෝගයක් ගන්න ඕනෑ. (නි)
සාමාන්‍ය මහජනතාවගේ එදිනෙදා කටයුතු වලට බාධා නොවන සේ උද්ඝෝෂණ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතුයි. නමුත් මිනිසුන් පනහක් හැටක් ගෙන්නාගෙන පාරවල් අවහිරකර මහජනතාව අපහසුතාවයට පත්කිරීම වරදක්. (නි)
මදැයි කරගත් දේ! (නි)
වීරවංස මැතිතුමා ඊලග දඩයමට සුදානම් වෙන්න (හේ)
අයියෝ විමල්! (නි)
රටේ නීතියක් තියෙනවා ,ප්‍රචාරක උපකරණ පාවිච්චි කරන්න පොලිසියේ අවසරය ඕනෑ .මේ ගොල්ලෝලන්ට තවම දැනිලා නැහැ මහජනයා මේ අයව දෙපාරක් ප්‍රතික්ෂේප කරපු බව. (ර)
රටේ නීතියක් තියෙනවා ප්‍රචාරක උපකරණ පාවිච්චි කරන්න පොලිසියේ අවසරය ඕනෑ. මේ ගොල්ලෝලන්ට තවම දැනිලා නැහැ මහජනයා මේ අයව දෙපාරක් ප්‍රතික්ෂේප කළ බව. ඉස්සර නම් එක කෝල් එකෙන් පොලිසිය විසුරුවා හැර පොලිසියේ ලොකුම මහත්වරුන්ගේ කැප් වලටත් ගහලා බිම දැම්මා. (නි)
ඔව් පරිස්සමින් පාරේ යන්නේ... (නි)
ලෙමන් පෆ් ඕනේද (බ)
මෙයා ගිය පාර උපවාස කරලා 154 බස් රවුම් ගස්සවලා මිනිස්සු අනන්ත කරදර වින්ඳා. දැන් මොකටද සුදානම් වෙන්නේ? (නි)
යහපාලන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයෙන් දැන් විරෝධතා වලටත් මර්දනය වගේ. එක්කෝ වතුර නැත්නම් බැටන් පාරවල්, නැත්නම් නඩු. ඒකාලේ කිව්වෙනම් කොහොමද. ඔය විදියට හැම විරෝධතවකටම නඩු දාන්න පුළුවන්නේ. (බ)
රොජර් සෙනෙවිරත්න කියන්නේ අර බට්ටිගේ මිනිහ නේද. ටෙලි නාට්‍යයේත් රගපැවේ මෝඩ චරිතයක්. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අදහස තේරුම් ගන්නෝ ගනිත්වා. (බ)
ඉස්සරහට විරෝධතා කරන්න ඉන්න කවුරු කවුරුත් පරිස්සම් වෙන්න. සෙබළුන් හිරේ දැමීමට, ජාතික කොඩි වෙනස් කිරීමට, ෆෙඩරල් දීමට, ඉට්කා අත්සන් කිරීමට, රැකියා ඉල්ලීමට, අයිතිවාසිකම් ඉල්ලීමට - කොයි උද්ඝෝෂනයටත් ඔච්චර තමයි. පේනවනේ යහපාලන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. යහපාලන කැරැට්ටුව නොදැන හිටි ෆේස්බුක් වීරයන්ට ඉස්සරහට බලන්න පුළුවන් මර්දනයේ තරම. (බ)