නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමින් රටේ සියලු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීමට යහපාලන රජය දරන වෑයම කඩාකප්පල් කිරීමේ ‘තුන්මුල්ලේ කුමන්ත්‍රණය‘ පිටුපස සිටින මහ මොළකරු වන්නේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටදී පැවැසීය.
‘නව ව්‍යවස්ථාවක් පැනවීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන සභාවක් බවට පත්කොට ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නමුත් රජයේ මෙම වෑයම පරාජය කරන්නට පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජය වු කණ්ඩායම් කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවා. නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා. රට විනාශය වෙනවා යැයි පවසමින් ඔවුන් වැරදි මත සමාජ ගත කිරීමට උත්සුක වෙනවා. ජනවරම දෙවාරයකදීම අහිමි වු පිරිසක් තමයි, ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරන්නට රජය දරණ මෙම උත්සහායට බාධා ගෙන එන්නේ. රට පුරා උද්ඝෝෂණ, වර්ජන, පාද යාත්‍රා කරමින් ඔවුන් මේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට යනවා. ජනතාවාදි වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විනාශයේ තුන්මුල්ලේ විමල්ලා කැස කවනවා.‘ යැයිද ඇමැතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්.ජී.ඕ.කරුවන් බලවත් කිරීම මාගේ ඒකායන පරමාර්ථයයි.!!! (බ)
එන්ජීඕ වලින් මෙයාට හොඳට ගෙවනවා ඇති. පුරා වස්තු මංකොල්ල වලින් හොයපුවා ඉවර ඇති දැන්. (බ)
ඕක හදන්න නොර්වේ උපදෙස් ඕනෙද. අපි දන්නවා මොකටද එන්න හදන්නේ කියලා. (බ)
ඉස්සර වගේ දැන් පක්ෂ නායකකමට අඩන්නේ නැද්ද. (බ)
ඔබතුමාලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න රටේ මහජනතාව 2015 බලයක් දුන්නේ නැහැ නේද? (බ)
1978 සිට 2010 දක්වා මේ කණ්ඩායම පවත්නා ආණ්ඩුක්‍රමය හොඳ නැත එකඩිපති කිව.දැන් වෙනස්කරන්න හදනකොට එක හොදයි.අවස්ථාවාදීන්ට එල්ලෙන්න මොකක්හරි ඕන.(අ)
පක්‍ෂවීම මෙන්ම විරුද්ද වීමටද හිමිකමක් ඇත (ම)