IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘තුන්මුල්ලේ කුමන්ත්‍රණකරුවන් ගල් පෙරළනවා‘

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමින් රටේ සියලු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීමට යහපාලන රජය දරන වෑයම කඩාකප්පල් කිරීමේ ‘තුන්මුල්ලේ කුමන්ත්‍රණය‘ පිටුපස සිටින මහ මොළකරු වන්නේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා බව නිවාස හා  ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටදී පැවැසීය.

‘නව ව්‍යවස්ථාවක් පැනවීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන සභාවක් බවට පත්කොට ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත  කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නමුත් රජයේ මෙම වෑයම පරාජය කරන්නට පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජය වු කණ්ඩායම් කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවා. නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා. රට විනාශය වෙනවා යැයි පවසමින් ඔවුන් වැරදි මත සමාජ ගත කිරීමට උත්සුක වෙනවා. ජනවරම දෙවාරයකදීම අහිමි වු පිරිසක් තමයි, ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරන්නට රජය දරණ මෙම උත්සහායට බාධා ගෙන එන්නේ. රට පුරා උද්ඝෝෂණ, වර්ජන, පාද යාත්‍රා කරමින් ඔවුන් මේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට යනවා. ජනතාවාදි වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විනාශයේ තුන්මුල්ලේ විමල්ලා කැස කවනවා.‘ යැයිද ඇමැතිවරයා කීය.

sajith_201616_1975646883_o sajith_2016167_919552067_n



අදහස් (0)

‘තුන්මුල්ලේ කුමන්ත්‍රණකරුවන් ගල් පෙරළනවා‘

ජයන්ත Wednesday, 06 January 2016 11:04 AM

එන්.ජී.ඕ.කරුවන් බලවත් කිරීම මාගේ ඒකායන පරමාර්ථයයි.!!! (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 January 2016 12:17 PM

එන්ජීඕ වලින් මෙයාට හොඳට ගෙවනවා ඇති. පුරා වස්තු මංකොල්ල වලින් හොයපුවා ඉවර ඇති දැන්. (බ)

:       0       0

ඉමල්ක Wednesday, 06 January 2016 12:41 PM

ඕක හදන්න නොර්වේ උපදෙස් ඕනෙද. අපි දන්නවා මොකටද එන්න හදන්නේ කියලා. (බ)

:       0       0

ඇසළ Wednesday, 06 January 2016 12:56 PM

ඉස්සර වගේ දැන් පක්ෂ නායකකමට අඩන්නේ නැද්ද. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 06 January 2016 01:24 PM

ඔබතුමාලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න රටේ මහජනතාව 2015 බලයක් දුන්නේ නැහැ නේද? (බ)

:       0       0

ද්ව් Wednesday, 06 January 2016 03:31 PM

1978 සිට 2010 දක්වා මේ කණ්ඩායම පවත්නා ආණ්ඩුක්‍රමය හොඳ නැත එකඩිපති කිව.දැන් වෙනස්කරන්න හදනකොට එක හොදයි.අවස්ථාවාදීන්ට එල්ලෙන්න මොකක්හරි ඕන.(අ)

:       0       0

දුමින්ද Wednesday, 06 January 2016 10:26 AM

පක්‍ෂවීම මෙන්ම විරුද්ද වීමටද හිමිකමක් ඇත (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site