මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයැයි ඉදිරිපත් කළ යෝජනාව ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වෙනත් අවස්ථා වලදීත් සිදුවී ඇත්තාක් මෙන් රටක ගැටලූකාරී අවස්ථා පැන නැගී ඇත්නම් ඒවා විසදා ගැනීමේ අරමුණින් කි්‍රයාවට නැංවුනු වැඩසටහන් ගොන්නට ඇතුළත් වන එකක් යැයි ශී්‍රලංකාවේ ඇමරිකා තානාපතිනී මිෂෙල් ජේ සිසොන් මහත්මිය පවසයි.
ඇමරිකාව වුවමනාවෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආවේයැයි ඇතැමුන් නඟන ප්‍රකාශයන් පදනම් විරහිත බවත් ඇය කියයි.
මේ කරුණ අරබයා ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශවයන් දැන් දෙපිළ බෙදී සිටින්නේයැයි ඇමරිකාවට ඇගිල්ල දිගු කිරීමට තවත් සමහරු කටයුතු කරන බවත් තම දැනීමට අනුව නම් එම පාර්ශවයන් සියල්ල පිල් ඛෙදී සිටියේ ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බොහෝ කාලයකට පෙර සිට බව ඇය පවසයි.
මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු යෝජනාව අනුව අන්තර්ජාතික මට්මෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට ඉඩ දීමට ශ්‍රී ලංකා රජයට සිදුවේ.
ශී්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර තිඛෙන අතර අන්තර්ජාතික විචාරකයින් පවසන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගත් කරුණු කාරණා කි්‍රයාවට නැංවීමේදී ඒ සදහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු සහයක් නොලැඛෙන බවක් පෙනෙන්නට ඇති බවයි.
ඇමරිකා තානාපතිනී මිෂෙල් ජේ සිසොන් මහත්මිය ශ්‍රී ලංකා රජය නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝශීභාවය පෙන්වා දීමට වහා පියවර ගත යුතුයැයි පවසා සිටී.ඇයට අනුව ස්ථීරසාර සංහිදියාවක් ඇති කිරීම සදහා ශී්‍රලංකා රජය තවමත් නිසි පියවර ගෙන නොමැත.
එක්සත් ජාතීන්ගේ හා වෙනත් අන්තර්ජාතික නියෝජිතයින් හමුවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එල්ල වන තර්ජනයන් ගැනත් තමන් විමසිලිමත් බව ඇය පවසයි.මානව හිමිකම් සුරැකීමට ඉදිරිපත්ව සිටින්නවුන්ට එසේ සැළකීම කිසිසේත් සිදුනොවිය යුත්තක් බව ඇය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරික්ෂණ සඳහා ලංකාවට ඇතුල් වීමට දරන උත්සාහයක් වගෙයි පෙනෙන්නේ. බලාපොරොත්තු වන පරිදි ලංකාව හිර කිරීම අපහසු බව තේරුන නිසා කරන කපටි වැඩක් වගෙයි. මේ අවස්ථාවේදී ඔවුන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන ලංකාව උනන්දු විය යුතුයි. මන්ද එවිට ඔවුන් අටවන උගුල මඟහැරීමට එය මාර්ගයක් වන නිසා. (නි)
අපේ අය පිල් බෙදිලා ඉන්නේ අදක ඊයෙක නොවන වග නම් සහතික ඇත්ත. ඔය පිල් බෙදිල්ල රජකාලේ ඉඳලා එන බෙදිල්ලක්. (නි)
ඇමෙරිකාව යනු මිතුරෙකු ලෙසින් එන භයානක හතුරෙක් පමණි. එම නිසා අපි එයාලට සලකන්නත් ඕන ඒ විදියට තමා. (ස)
මට නම් කියන්න දෙයක් හිතාගන්න බැහැ (නි)
ඔරුව මොන පැත්තට හැරුනත් ගැළවෙන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක් (නි)
අර අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ව කපලා කොටලා අපවත් කරපු ඒවා පෙන්නුවා නම් හරි. (නි)
ඉරාකයේ සදාම් හුසේන් ජනාධිපති, ලිබියාවේ ගඩාබී ජනාධිපති, යුගොස්ලියාවේ ජනාධිපති මේ අයට කළේ කුමක්ද? ඔය තරම්ම මානව හිමිකම් රකිනවා නම් ඇමරිකාවටයි යුරෝපයටයි තිබුනා අල්ලා ගත් පසු පරීක්‍ෂණයක් කරන්න. තිරිසන් සතුන් ලෙස මිනී මැරුවේ කවුද ? උදව් කළේ කවුද?ලංකාවට එන්න පෙරම කරන්නේ කුමක්ද කියලා ඔවුන් තීරණය කර හමාරයි. කොටියා හරි නරකම නරකයි කියලා සමබර වචන ටිකක් පෙන්නලා කියයි, මානව හිමිකම් කැඩිලා දඬුවම් දෙන්න ඕනෑ කියලා. කලින් කිවුවා ‘එව බලව‘ කියලා. නමුත් ,චෝගම් අාපු අයද,පිල්ලේද ඉතා කුහක ලෙසයි පැමිණ හැසිරුනේ. ඔවුන්ට කිවයුත්තේ ස්වෛරී රාජ්‍යවලට අත නොගසනු! මෙහි නොඑනු! රට රැකදුන් ජනපතිතුමා සහ රණවිරුවන් සමඟ එකාමෙන් නැඟී සිටිමු! කළ යුත්තේ එයයි. (නි)
බණ්ඩාර,කොටියා සිංහල මිනිස්සු මරනකොට සමහරු නිදාගෙන හිටියා. උන්ට අවි ආයුධ උපකරණ හොරෙන් විකුණුවා.දැන් එ් මිනී මරපු,අවි ආයුධ ගෙන්වපු කොටි හුරතල් වෙන්නේ කාගේ ඔඩොක්කුවේද? (නි)
ලංකාතිලක හුඹුටියාව,ඒවා කළ එක්කෙනා ඉන්නෙ කොහෙද කියලා ඔයා දන්නවා ඇතිනේ (නි)
තිලක් මයා, අපි දැන් පය ගහලා මෙහමවත් ඉන්නේ මානව හිමිකම් කවුන්සිලය හින්දා නොව මහින්ද රාජපක්ෂ ජනපති කොටි පරද්දපු නිසා.89 කොල්ලො මරද්දි, කොටි බෝම්බ ගහද්දි, මානව හිමිකම් කොමිසම මොකද කළේ.මේ දිනවල ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ, ලිබියාවේ, සිරියාවේ මානව හිමිකම් රැකගන්න මොනවද කරලා තියෙන්නේ. ඒවායේ මානව හිමිකම් කඩන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට එරෙහිව මොනවද කරලා තියෙන්නේ? (ස)
කොටියා සිංහල මිනිස්සු මරනකොට සමහරු නිදාගෙන හිටියා. උන්ට අවි ආයුධ උපකරණ හොරෙන් විකුණුවා. දැන් මානව හිමිකම් සළුවෙන් පියඹලා එන්නයි බලන්නේ (නි)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කියලා දෙයක් තිබිලත් මෙහෙම නම් නොතිබුණා නම් කොහොම තියෙයිද ?අපි පය ගහලා මෙහෙමවත් ජීවත් වෙන්නේ මානව හිමිකම් කියලා දෙයක් තිබෙන නිසයි කියලා හිතන්න බැරි මිනිසුන් ජීවත් වෙන රටක්. (නි)
බලමු එයා මොනවද කියන්නෙ කියලා (නි)
ලංකාතිලක හුඹුටියාව,එහෙම කළ කෙනාට ඇමති තනතුරකින් පිදුම් ලැබීම ගැන සිංහල ජාතියක් වශයෙන් අපි සතුටු වෙමු නේද? (නි)
නිකන් දෙපිටකාට්ටු කතා මොකටද? අනේ! අපි නොදන්නා අනුකම්පාව! (නි)
මට නම් පිස්සු වගෙයි. ලෝකෙම කැරකෙනවා. (නි)
මේ කතාවලට අපිත් හරි විදියට සූදානම් වෙන්න ඕනෑ. (නි)
මට තේරෙන විදිහට නම් එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තිය තමයි ජනතාව පත්කළ රජයක් ජනතාවගේ ආරක්ෂාවට කෙරන සටනකදී ත්‍රස්තවාදීන් මැරෙනකොට එක මානව හිම්කම් කැඩීමක්. නමුත් ත්‍රස්තවාදීන් අහිංසක මිනිස්සු මරනකොට ඒක මානව හිම්කම් ආරක්ෂා කිරීමක්. අනික නම් ඇමෙරිකාව ලෝකේ ගොඩක් රටවල ගැටුම් ඇති කෙරන්න කටයුතු කරලා තියෙන්නේ ඒකත් මම හිතන්නේ ලෝකේ මානව හිමිකම් රකින්නේ වැඩ කෙරන එක විදිහක් වෙන්නේ ඇති. බොහොම ඉක්මනට එක්සත් ජාතීන්ගේ සංවිදානේටත් වෙන්නේ 1942 පෙර තිබුන ජාතීන්ගේ සංවිදනෙට වෙච්ච් දේ.(නදී)
අපේ රටේ මෙතෙක් පාලනය කළ කිසිදු නායකයෙකු නොකළ ආකාරයෙන් අපේ රට වෙනුවෙන් තම මතය ඍජුව ප්‍රකාශ කළ මෙරට රාජ්‍ය නායකයා කිසිම පරීක්ෂණයකට ඉඩ නොතබන බව පවසන්නේ නිකම් නොවන බව මිෂෙල් ජේ මනාව වටහාගෙන ඇති බව පෙනෙනවා. අධිරාජ්‍යවාදීන්ට කොන්ද නොනමන උන්ගේ එහෙයියකු නොවන අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ පාලකයා වීම මෙරට කාගේත් වාසනාවකට සිදුවූවක් බව කවුරුත් තර්කයකින් තොරව පිළිගත යුතුව ඇත.(නදී)
සතුරාත් මිතුරාත් හඳුනාගැනීම ඉතා වැදගත් බව ජනාදිපති පුටින් පවසා ඇත. ඇමෙරිකා යනු මිතුරෙකු නොවේ. (නදී)
සේද මාවත ආයිත් දිගහැරෙනවා වගේ.(නදී)
ඔය කොටි අපේ සිංහල මිනිස්සු මොන තරම් බෝම්බ තියල මැරුවද? කුඩා පාසැල් දරුවන් රස්සාවලට යන අය. ඔය වගේ අහිංසකයෝ මරපු කොටින්ට කෝ මානව හිමිකම් උල්ලංගනය.(නදී)
බොහෝ දෙනෙක් මෙහි තිබෙන පුවත හරියට තේරුම් නොගෙන වගෙයි කතා කරන්නේ.(නදී)
අැත්තටම මානව හිමිකම් ගැන හොයා බැලුවා නම් සිංහල කොල්ලෝ 1989 දී ටයර් සෑයවල පුච්චපුවා ගැන පළමුව හොයලා බලන්න ඕනෑ නේද? (නි)
අනේ අපොයි! (නදී)
ලෝක පොලිස් කාරයයි සිතන එලෙස ක්‍රියාකරන ඇමෙරිකාව කරනු ලබන මානව හිමිකම කඩ කිරිම් සම්බන්දයෙන් කටයුතු කිරීමට .ඔය මහා ලොකුවට සමාජ වාදී යි කියන ලබන රටවලට හැකියාවක් නැද්ද.? (නදී)
ඔළුව අතගාලා පිහියෙන් ඇනලා.(නදී)
ජනක, ඔබේ කතාව හරියටම හරි. පළ කරපු ලංකාදීපයට තුති. කී දෙනෙක් ඔබ කියන දේ තෙරුම් ගනිවිද කියන එක තමා ප්‍රශ්නය. (ස)
එයාලා කරන දේවල් කාටවත්ම පෙනෙන්නේ නැහැ. (නි)
දියුණු වන රටකට කුලමල බේදය ,උසස් පහත් බව ,තිබීමම හානියක්,ලෝකයේ දියුණු රටවල රක්ෂාවක් අයදුම් කිරීමේදී එම අයදුම් පතේ සමාන අවස්ථා කියා සඳහන් කර තිබෙනවා. සියලුම දෙනා සමානාත්මක තාවයෙන් සලකන්නේ ...කෙනෙක් තව කෙනෙකුට ඇඟිල්ල ඔසවලා තර්ජනයක් වත් නොකිරීමට තරම් ඔවුන් පොහොසත්. මේවා නොදකින කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. ලෝක සවාරි යන දේශපාලකයෝ නම් මේවා දකින්නේය. ඔවුන් මේ ක්‍රමයන් රට තුල ක්‍රියාත්මක නොකරන්නේ මේවා රට තුල ක්‍රියාත්මක කලොත් මිනිසාව ඔවුන්ට අවශ්‍ය ලෙස පාලනය කර ගන්නට නොහෙකි වේ කියාය. මෙමගින් මානව හිමිකම් උල්ලංගනය ඉබේම සිදුවන්නේය. (නදී)
ඇමරිකාවේ බටර් ලාබයිනේ!ඉතින් තව හොඳට ගාන්නත් ,ගාගන්නත් පුළුවන් (නි)
ඒ කතාව මට නම් පෙනෙන්නේ අර කපන්න බැරි අත ඉබිනවා වගේ කියලා කියන කතාව වගේ. (නි)
එහෙම කොහොමද කරන්නේ? (නි)
ලෝකයේ දියුණුම යුද තාක්ෂනය තියන ඇමරිකාවට බින් ලාඩන් හොයාගන්න වසර දහයකට වඩා ගත උනා. නමුත් එයාලගේ උදව්වක් නැතිව අපේ රටේ ත්‍රස්තවාදය අවසන් කල නිසා සිදු උන ලැජ්ජාව වහගන්න තමයි ඔය කෙනෙහිලිකම් කරන්නේ.(නදී)
කොයි කවුරු මොනවා කිවුවත් අපි අපේ රාජ්‍ය නායකයා සුරකිනතුරු එතුමා අප සුරකින බව අපට විශ්වාසයි. (නි)
මැඩම්, ඔය කියන මානව හිමිකම් ගැන කතා කරන අය එල්ටීටීඊය අපරාධ කරනකොට කොහෙද හිටියේ. එදා එල්ටීටීඊ එකට ඔය වගේ තද ක්‍රියාමාර්ග ගත්ත නම් 2000 දී ත්‍රස්තවාදය නැතිකරන්න තිබුණා නේද? (ස)
මේ දවස්වල විපක්ෂයේ කෙනෙකුත් ඇමෙරිකාව පැත්තේ යන්නේ බටර් ගාන්නද? (නි)
දැන් ඔය ඇති. සියලුම රටවල් එකතු වෙලා ඇමෙරිකාවට,යුරෝපා රටවලට සහ තවත් යුධ අපරාධ කළ රටවලට විරුද්ධව යෝජනා ගෙන ඒමට කාලය එළඹ ඇත.තමන්ගේ වැරදි වලින් බේරෙන්න අනුන්ට වැරදි පටවන ව්‍යාපාර වලට දෙවියන් දඬුවම් කරත්වා! (නි)
ඡානක පවසන දේ හරි. අපි ලෝකය ගැන නොදැනුවත් වෙන තරමටම දේශපාලන ලොක්කන්ට මරු. සියලුම දෙනා සමානාත්මක තාවයෙන් සලකන්න මානව හිමිකම, මේවා රට තුල ක්‍රියාත්මක කලොත් මිනිසාව ඔවුන්ට අවශ්‍ය ලෙස පාලනය කර ගන්නට නොහැකි වේ. මෙමගින් මානව හිමිකම් උල්ලංගනය ඉබේම සිදුවන්නේය. (නදී)