ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශය නොවැම්බර් 22 ඉරිදා විවෘත බව තානාපති කාර්යාලය පවසයි.
කොන්සියුලර් සේවයේ ලිපි බාර ගැනීම පෙරවරු 10 සිට තුන දක්වා දල අංක නිකුත් කිරීම පෙරවරු නවයේ සිට ද සිදු කෙරෙතියි කියති.
කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත් නොවැම්බර් 25 වැනි දා දහවල් 12 න් පසුව ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටීයි.
තානාපති කාර්යය මණ්ඩලය විසින් මෙම ඉරිදා සේවය ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන බවත්, මෙදින ලිපි ලේඛන කටයුතු සැපයීමේදී අමතර ගාස්තුවක් අය නොකරන බවත් ප්‍රකාශකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
22 ඉරුදින ඔතනට එන ශ්‍රමිකයන්ගේ බාරගන්න වැඩ එදිනම බාරදෙන්න බැරි නම්, දුරකතර ගෙවා එන අයට නැවත එම ලිපි ලේඛන ගෙනයන්න එන්න කියන්නේ 25 දින නම් එහි සාධාරණත්වය පිළිබඳ ගැටලුව ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි (නි)
මේ ක්‍රමය කිසිම සාර්ථකබවක් නැති බව මගේ හැඟීමයි. එක ඉරිදාවක බාරදෙන ලියවිලි දින 5 කට පසුව සකස්කර ලබාදෙන්නේ නම්, එම අයදුම්කරුවන් තව දවසක අමතර දුරක් (සමහරවිට කි.මී.600, 700 වගේ) ගෙවාගෙන පැමිණිය යුතුය. (නි)
ඉරිදා සේවය කෙසේවෙතත් සතියේ වැඩකරන දිනවලදී අපේ උවමනාවකට දුරකථන ඇමතුමක් ගත්තත් උත්තර දෙන්නේ නැහැ (නි)
තානාපති කාර්යාලයේ දුරකථනයට කවදාවත් ගන්න බැහැ. දුර නගරවල සිට කිසිවකුටත් කතා කරන්න බැහැ. අලුත් තානාපතිතුමාට මේ අවනඩුව පෙනේවා! ඉරිදා වැඩ නොකළත් අනෙත් දවස්වල වැඩ හරියට කරනවා නම් ඒ ඇති. මාස ගණනාවක් සිට හදිසි ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. මෙය මොනතරම් අසාධාරණයක්ද? (නි)
අපිට අවශ්‍ය ඔබලාගෙන් නිවාඩු දිනයේ වැඩ ගැනීම නොවේ. නියමිත කාර්යාල වෙලාව තුළ කරන වැඩ කාර්යක්ෂමව කර ගැනීමයි. විවිධ නගර වල සිට පැමිණෙන තැරව් කරුවන් නිසා සිදුවන දුෂණ නැති වෙනවා දැකීමයි. මේවා ඇතුළු අනෙකුත් අයතා ක්‍රියා සිදුවෙමින් ඉරිදාත් වැඩ කල පලියට ඔබලාට අපෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැත. (අ)