IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තානාපති කන්තෝරුව ඉරිදාත් වැඩ

ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශය නොවැම්බර් 22 ඉරිදා විවෘත බව තානාපති කාර්යාලය පවසයි.

කොන්සියුලර් සේවයේ ලිපි බාර ගැනීම පෙරවරු 10 සිට තුන දක්වා දල අංක නිකුත් කිරීම පෙරවරු නවයේ සිට ද සිදු කෙරෙතියි කියති.

කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත් නොවැම්බර් 25 වැනි දා දහවල් 12 න් පසුව ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටීයි.

තානාපති කාර්යය මණ්ඩලය විසින් මෙම ඉරිදා සේවය ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන බවත්, මෙදින ලිපි ලේඛන කටයුතු සැපයීමේදී අමතර ගාස්තුවක් අය නොකරන බවත් ප්‍රකාශකයෝ කියති.



අදහස් (0)

තානාපති කන්තෝරුව ඉරිදාත් වැඩ

නුවන් Friday, 20 November 2015 12:46 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සමන් Friday, 20 November 2015 01:02 PM

22 ඉරුදින ඔතනට එන ශ්‍රමිකයන්ගේ බාරගන්න වැඩ එදිනම බාරදෙන්න බැරි නම්, දුරකතර ගෙවා එන අයට නැවත එම ලිපි ලේඛන ගෙනයන්න එන්න කියන්නේ 25 දින නම් එහි සාධාරණත්වය පිළිබඳ ගැටලුව ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි (නි)

:       0       0

නීතා Friday, 20 November 2015 01:07 PM

මේ ක්‍රමය කිසිම සාර්ථකබවක් නැති බව මගේ හැඟීමයි. එක ඉරිදාවක බාරදෙන ලියවිලි දින 5 කට පසුව සකස්කර ලබාදෙන්නේ නම්, එම අයදුම්කරුවන් තව දවසක අමතර දුරක් (සමහරවිට කි.මී.600, 700 වගේ) ගෙවාගෙන පැමිණිය යුතුය​. (නි)

:       0       0

බණ්ඩාර Friday, 20 November 2015 02:18 PM

ඉරිදා සේවය කෙසේවෙතත් සතියේ වැඩකරන දිනවලදී අපේ උවමනාවකට දුරකථන ඇමතුමක් ගත්තත් උත්තර දෙන්නේ නැහැ (නි)

:       0       0

කමල් පෙරේරා මිලානෝ Friday, 20 November 2015 07:28 PM

තානාපති කාර්යාලයේ දුරකථනයට කවදාවත් ගන්න බැහැ. දුර නගරවල සිට කිසිවකුටත් කතා කරන්න බැහැ. අලුත් තානාපතිතුමාට මේ අවනඩුව පෙනේවා! ඉරිදා වැඩ නොකළත් අනෙත් දවස්වල වැඩ හරියට කරනවා නම් ඒ ඇති. මාස ගණනාවක් සිට හදිසි ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. මෙය මොනතරම් අසාධාරණයක්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 20 November 2015 11:35 AM

අපිට අවශ්‍ය ඔබලාගෙන් නිවාඩු දිනයේ වැඩ ගැනීම නොවේ. නියමිත කාර්යාල වෙලාව තුළ කරන වැඩ කාර්යක්ෂමව කර ගැනීමයි. විවිධ නගර වල සිට පැමිණෙන තැරව් කරුවන් නිසා සිදුවන දුෂණ නැති වෙනවා දැකීමයි. මේවා ඇතුළු අනෙකුත් අයතා ක්‍රියා සිදුවෙමින් ඉරිදාත් වැඩ කල පලියට ඔබලාට අපෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site