මූල්‍ය කඩා වැටීමකට ලක්ව ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ් එල්) ආයතනයේ මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද පැවැත්විණි.
ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව හේතුවෙන් සියලු තැන්පත්කරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීම පැහැර හැරීම නිසා ඔවුන් මෙසේ විරෝධය පෑමට එක්ව සිටි අතර ඔවුන් නව නගර ශාලාවේ විශේෂ රැස්වීමක් ද පවත්වා එතැන් සිට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.
රජය මැදිහත් වී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය ජායති සෝකෝ (නි)
අපරාදේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටිකටත් මහබැංකුවේ ලොක්කෝ ටිකය් කාර්යමණ්ඩලයේ හොරු ටික්යි ඒකතු වෙලා වැඩේ දුන්න (අ)
මම ලක්ෂ 17ක් දාලා තිබුණා. බොහොම අමාරුවෙන් ඒක ගත්තේ ගිය අවුරුද්දේ.මම නූලෙන් බේරුනේ. (නි)
මහා බැංකුව මොනවද කළේ එතකොට? (නි)
මහබැංකු කට්ටිය මුල්‍ය ආයතන අධීක්ෂණය කරනවා නේද? ඒකට වෙනම අංශයකුත් තියෙනවා නේද? සමහරවිට 'අංශ බාග' වෙලා ඇති. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාල වහන්න නම් පුදුමාකාර දක්ෂතාවයක් තියෙන්නේ. (නි)
අගවිනිසුරුතුමිය නෙරපා හැරීමේ ප්‍රීතිය නිමිත්තෙන් පාටි දාපු ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට දැන් සල්ලි ලැබිලද? අනේ පව්. (නි)
අගවිනිසුරුතුමිය ගෙදර ගිය සතුටට කිරිබත් කාලා රතිඤ්ඤා පත්තු කරපු කට්ටියට නැවතත් අගවිනිසුරු නිල නිවස තියෙන බෞද්ධාලෝක මාවතට ඇවිල්ලා නැවත කිරිබත් උයන්න කියමු.එතකොට සල්ලි ලැබේවි.ගෝල්ඩන් කී එකේ සල්ලි තැන්පත් කරපු අයටත් වන්දි දුන්නනේ? (නි)