හංවැල්ල තුන්නානේ දී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතා මරණයට පත් වීමේ සිද්ධියේ රූපවාහිනී වීඩියෝපට රහස් පොලිසියට දෙන්නැයි අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී එච් අනුෂ්ක සෙනවිරත්න මහතා නියෝග කළේය.
මේ අතර මෙම ගැටුමට හේතු වූ රබර් අත්වැසුම් නිෂ්පාදන කම්හලට එරෙහිව කැලණි මිටියාවතේ පරිසරය සුරැකීමේ සංවිධානය නැගූ චෝදනා නොපිළිගන්නා බව කම්හලේ මෙහෙයුම් ප්‍රධානී ඩී කේ පතිරණ මහතා අධිකරණයේ දී පැවසීය.
එම ප්‍රදේශයේ ජලය අපවිත්‍රවීමට සමාගමේ කිසිම සම්බන්ධයක් නැතැයි ඔහු කීවේය.
ගැමියන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීවේදී දමින්ද බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 16 වැනි දා කලබලයෙන් පසු ජනතාවට පොලිසියෙන් විවිධාකරයෙන් හිරිහැර වන බවයි.
අගතියට පත් පාර්ශ්වයට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේ තීන්දුවට ගරු කරන්න ඕනි. මේ ගැන ඔය කියන ගම් පළාතට ජීවිතේටම ආපු නැති මහාචාර්ය වරයෙකුත් ඊයේ ප්‍රකාශයක් නිකුත් කලා ප්‍රදේශයේ පස සම්බන්දව. අපට තියන ගැටලුව හොරාට පෙර කෙහෙල්කන වැට පැනීමයි. ඔය සිදුවීම උන තැනට වගේම කර්මාන්ත ශාලාවටත් රජයට සම්බන්ද විවිද අය ආවා. එත් ඔය එක මිනිහෙක්වත් අදාල ගමේ මිනිස්සුන්ට කතා කරන්න ආවේ නැහැ. අපට තියන ලොකුම ප්‍රශ්නය බලදාරීන්ට ඕනි මිනිස්සු රකින එක නෙවෙයි ආයතනය රැකීමයි.(නදී)