හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීමට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනපති පරීක්ෂණ කොමිසමට බලයක් නොමැති බවට මතුකළ මූලික විරෝධතාවය ඉවත දැමීමට එම කොමිසම ගත් තීරණයට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය තමන් ලබා ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමට දැනුම් දුන්නේය.
කොමිසමේ අධිකරණ බලය සම්බන්ධයෙන් මතුකළ මූලික විරෝධතාව ඉවත දැමූ පසු ජනපති නීතිඥ ගාමිණී මාරපන මහතා මේ බව කොමිසම හමුවේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ජනාධිපති පදවියේ හිටපු කාලෙත් හිටියේ නොමඟ ගිහින් (පැරදුනේ ඒ නිසයි) ඔබ දැනුත් හැසිරෙන්නේ නොමඟ ගිය අයෙකු ලෙසයි. දැන්වත් එළඹී සිහියෙන් කටයුතු කරන්න බලන්න.එය ඔබටත් හොඳයි. රටටත් හොඳයි. (නි)
යහපාලනයට අවශ්‍යය දුෂණය වළක්වනවාට වඩා තරහ අය ටික ආයෙත් යාලුකරගන්නද? මහජනතාව කැමති නම් පමණක් මේක වෙනසක් කියලා හඳුනාගන්න පුළුවන්. අපට පෙනෙන එකම වෙනස ඒ ගොල්ලොයි අපියි වෙනස් කියන එකයි. (නි)
අපි නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම දේ (නි)
මහින්ද යලි කරලියට එන එක ඔය මොනවා කළත් නවත්වන්න බැහැ. එතුමා සමග ජනතාව ඉන්නවා. (බ)
දැන් කාටත් තේරෙනවා ඇතිනේ (නි)
කවදාද මේ රටට නීතිගරුක නීතිපති දෙපාර්තමේන්තුවක් සහ පොලිසියක් හදන්නේ? මිනිස්සු පාරට බහින දවස වැඩි ඈතක නෙමෙයි වගේ (නි)
කියන්න දෙයක් නෑ මට. (ර)
ප්‍රසන්න,ඒක වෙන්න ඇති ඡන්දෙට ඉස්සර පාරම්බෑවේ ඔක්කොම හොරුන්ගේ ෆයිල් එයා ළඟ තියෙනවා කියලා!! (නි)
මල්ලි වගේම අයියත් නීති ප්‍රශ්නයක් දාලා අහුනොවෙන්න හැදුවා මදැයි. අපි බලා ඉන්නේ මෙයාලට අන්තිමට වෙන දේ ගැනයි. රජකම් කළත් කළදේ පළදෙයි. මෛත්‍රී වගේ උතුමෙකු රටට ලැබුණේ අපේ පිනට. දැන් බොරු ෂෝ නැතුව වැඩ කෙරෙන හැටි පේනවා නේද? (නි)
අවබාවිත කළා නම් කවුරු උනත් වැරදියි. (ර)
ඇපැල් උසාවියේ කවුරු හරි ඇති සහතිකේටම (බ)
කට්ටිය එකතුවෙලා ඉතින් එකට මුදල් ටික ගෙව්වොත් නේද හොද ඒ මුදල ගෙවන්නේ නැතුව මොනවද මේ විගඩම් (බ)
ඒ පිළිබඳව විමසීමේ අයිතිය එතුමාට තිබෙනවා (නි)
කවුරු කවුරුත් මෙතෙක්කල් බෝලය පාස් කළා ඇති කියලා දැන් අපිට හිතෙනවා (නි)
කොහොමහරි වැඩේ නවත්ත ගන්න තමයි ට්‍රයි එක දෙන්නේ. වැරද්දක් කරලා නැත්තම් ඇයි පරීක්ෂණ කරන්න බය වෙන්නේ. (ර)
කොමිසමේ දිග පළල හොයන්නේ මොකටද? තමුන් නිවැරදි නම් . කියන්න තියෙන දේ කිව්වා නම් ඉවර නේ. මෙහෙම කරන කොට ඔබ ගැන අපිට එක එක විදියට හිතෙනවා.(ම)
ඇපෑලක් ඉදිරිපත් කර හෝ නීතිය රැකගත හැකිවේවා! (නි)
මේවට ඉදිරිපත්වෙන නීතිවේදීන් කියාගන්නා උදවිය එක්ක මට නම් පුදුම තරහක් තියෙන්නේ (නි)
අනේ මන්දා මේ පටලැවිල්ල.? (ර)
නිතිය නිතිය විසින් ප්‍රශ්න කිරීම නිදහස් අධිකරණයක ස්වභාවයක් . අපි ඉවසා සිටිමු.(ම)
දැන් ජනතාවට පැහැදිලියි මේ කට්ටිය මේ පරීක්ෂණ වලින් පැනලා යන්න හදන්නේ ඇයි කියලා. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
විශාල ඡන්ද ව්‍යාපාරයකදී ප්‍රචාරක කටයුතු කෙරෙන්නේ වෙනත් ප්‍රචාරක සමාගමක් මඟින්. එම මුදල් ගෙවියයුත්තේ එම ප්‍රචාරක සමාගමට. ජන්ද අපේක්ෂකයාට ප්‍රචාරක කටයුතු කිරීමට කාලයක් නොමැත. පරීක්ෂණයක් කළයුත්තේ එම සමාගම සමඟය. (නි)
තමන් වරදක් කරලා නැත්නම් කලබලවෙන්න දෙයක් නැහැනේ (නි)
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
මේක පුදුම වැඩක්නේ. ඒ කියන්නේ පරීක්ෂණ කරන්න බැහැ කිසිමදේකට? (නි)
මෙය තනිකරම මඩ ගැසීමක්. ඡන්දෙන් පැරදුනාට පස්සෙවත් ඉන්න දෙන්නේ නැහැ. (ර)