තමා සමග මුහුණට මුහුණලා දේශපාලනය කිරීමට බියේ සිටින දේශපාලනඥයා තමා දේශපාලනයෙන් හා මහජනතාවගෙන් ඈත් කර තැබීමට ගත් උත්සහායක් සුදුකොඩි නඩුවේ තීන්දුවෙන් පෙනේ යැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා විත්ති කූඩුවේ සිට ප්ර කාශයක් කරමින් පැවැසීය. තමා නිදොස් බව ප්රේකාශ කළ විනිසුරුට හිස නමා ආචාරකරන බව පැවැසීය. ඔහු එම විනිසුරු දෙසට හිස නමා ආචාර කෙළේය. තමා වැරැදිකරු කරමින් පැනවූ සිරදඩුවම ආශිර්වාදයක්. එම ආශිර්වාදය ලබා දුන් විනිසුරුවරුනට ස්තුති කරන බවත් පොන්සේකා කීය. යුද්ධයේ දී යුද අපරාද නොකළ බව කී පොන්සේකා එසේ කිසිවකු එවැනි දේ කළා නම් ඔහු නීතිය හමුවට පැමිණවිය යුතු බව තම ස්ථාවරය වී යැයි ද තමා එම චෝදනා වලින් නිදොස් යැයි ද කීවේය. සරත් පොන්සේකා විත්ති කූඩුවේ සිට මෙසේ ද කීය. මේ නඩු තීන්දුව ගැන මා පුදුම වන්නේ නැහැ. අවංකවම කියනවා නම් මෙම ක්රිඩයාදාමයේදී සාධාරණය ඉටු නොවන බව මෙහි සිටින නීතිඥවරුන්ගේ සහා මහජනතාවගේ සැකයක් තිබුණා. මා අණ දුන් හමුදාවෝ අපරාධ කෙළේ නෑ. ජාත්ය න්තර යුද නීතිය ආරක්ෂා කළා. මානව හිමිකම් ආරක්ෂා කළා. මේ අසාධාරණ තීන්දුවෙන් බිරියගෙන් හා දරු දෙදෙනාගෙන් මා ඈත් කළ බව ද කීය. මේ අසාධාරණය ස්වභාවධර්මය ද පිළිගන්නේ නෑ. කවදා හෝ මේ වැරැදි තීන්දුව නිවැරැදි කළාම යුක්තිය ඉටු වේවි. පොන්සේකා විත්තිකූඩුවේ සිට දීර්ඝ ප්රේකාශය කෙළේ ලියාගත් සටනක ආධාරයෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
”වෛර නොකරමු”
අතිශය අසාධාරණ තීන්දුවක්.අධිකරණයට අපහාස කරපු තැනැත්තියකගෙ සාක්කි පිලිගන්නෙ කොහොමද?
වචනය නැවත ගත නොහැකිය
අනේ පවු දැන් අසරණවෙලා, කවුරුවත් නැ උදවුවට
දෙශපාලනය කියන්නේ තනිකරම කුනු ගොඩක්.....
වැරැද්දක් කළොත් දඩුවම් ලැබිය යුතුයි
මගේ නිගමනය නම් ස්වභාවධර්මයේ තින්දුව සැමටම පොදු බවයි.මට සරත් පොන්සේකා මහතා ගැන අවංකවම කණගාටුයි. නමුත් වී කරලක් පැහෙන්න පැහෙන්න පොළවට නැමෙනවා වගේ මිනිස්සු වුණාම ඉහල යන්න යන්න අනිත් අයට ඇහුම්කන් දෙන්න ඕන. ඔහුට මිනිස්සු සලකන්නේ යුධ වීරයෙක් ලෙස මිසක් දේශපාලඥයෙක් විදිහට නොවෙයි කියලා බොහො දැන උගත් වියතුන් ඔහුට තේරුම් කරලා දෙන්න උත්සහ කළත් ඒ පිළිබඳව ඔහු එතරම් තැකීමක් නොකළ බවත්, තමන් පිළිබඳව අනවශ්‍ය විස්වාසයකින් යුතුව කටයුතු කළ බවකුත්,අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ චරිතය පිළිබඳව දේවේශ සහගතව කටයුතු කළ බවත් මේ පිළිබඳව සියුම්ම අධ්‍යනය කරන්නෙකුට හැඟී යයි. කසේ වුවත් වැරදි කිරීම සාමාන්‍ය දෙයකි. අපේ රටේ කට නිසා අමාරුවේ වැටුණු බොහෝ අය සිටින බව මේක කියවන පාඨකයෝ හොඳටම දන්නවා නේ. අනික ඉතිං මම මුලින් කීවා වගේ ස්වභාවධර්මයේ තීන්දුව කාටත් පොදුයි. ඒ නිසා මේ හැම දෙයක්ම ගැන ඉතා උපේක්ෂාවෙන් බලා හිඳිමි.
මේ රටේ මිනිස්සු ඇස් කන් අරගෙන ඉන්න නිසා තමයි දැන් අපිට නිදහසේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ. තිස් අවුරුද්දක් තිස්සේ ඇස් කන් වහගෙන ප්‍රභාකරන්ට යටවෙලා හිටිය කාලේ අමතකද?
කට පරිස්සම් කර ගත්තනම් මේ කිසි දෙයක් නෑ.... පිළිවෙළකට ජනතාව ඉස්සරහට ආවනම් සමහරවිට ෆොන්සේකා මහත්තය දැන් හොද තැනක. ආවේගයෙන් ජනතාව දිනා ගන්න බෑ. මිනිස්සු දිනාගන්න සුන්දර වචන තියෙන්න ඕනෑ.
එහෙනම් මේ ගැනත් හිතන්න. කරුණා අම්මාන් කොහොමද සිංහල ආමි එකේ ආරක්ෂාව මැද්දේ සුවෙන් කාලේ ගෙව්වේ? ඔහු කවුරුද? ඔහු නියම අපරාධකරුවෙක් නෙමෙයිද? නීතිය නෙමේ වැරැදි නීතිය හරියට වැඩ නොකරන එකයි වැරැදි.
ඕක තමයි කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියලා.
ජනාධිපති සමාව ලබා දිය යුතුයි
නීතිය සැමට සාධාරණයි.
ඕක තමයි කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියලා.නිදහස් කළොත් විතරද තීන්දුව සාධාරණ ,මේක මාර රටක්නේ ? සාධාරණයි.
ඔබට ජය...
කවුද මේ අදහස් ප්‍රකාශ කරල තියෙන්නේ ගජබා, බුද්ධික, රුවන් ඔයගොල්ලො ඇස් ඇර ගෙන ද ඉන්නේ.
සාධාරණයි.
ආ මග කෙටියි. යා යුතු මග දුරයි.
නිදහස් කළොත් විතරද තීන්දුව සාධාරණ ,මේක මාර රටක්නේ ?
සාධාරණයි