අන්තර්ජාතික සමුළු තුනකට සහභාගිවීමට නව ඇමැතිවරු තිදෙනෙක් අද (24) ඇමැති පදවිවල දිවුරුම්දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යාමට නියමිතය.
මේ නිසා මංගල සමරවීර විදේශ ඇමැති ලෙසත්, ඩී.එම්.ස්වාමිනාදන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමැති ලෙස හා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැති ලෙසත් දිවුරුම්දුන්හ.
මංගල සමරවීර මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවකටද ස්වාමිනාදන් මහතා සරණාගතයන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවකටද රාජපක්ෂ මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ රැස්වීමකටද සහභාගීවීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු අය කවද දිවුරුම් දේද මන්ද. මොනාවුණත් රට ගැන හිතල විශය ගැන පලපුරුද්ද ඇති අය පත්කළොත් නම් හොදයි නේද? නැතිනම් ඉතිං මාස 60ක් නෙමෙයි සති 60 ක් යන්න කලින් යහ පාලනය වහ පාලනයක් වෙයි නේද? (අ)
මංගල නම් මාතර ඉන්නවට වැඩිය හිටියෙ පහු ගිය මාස හයේම පිට රටවලමයි. ඉදිරියට ඉන්නෙත් එහෙමම වෙයි. එයා අපේ රටේ කීර්ති නාමය, යස-ගොස ඔහොම ගොහින් ලෝකයේ දස දෙස පතුරවයි නේද? (නදී)
මේ සමුළුවට සහභාගිවීම අනිවාර්ය බව රජයට අවබෝධයක් තිබිල නැති පාටයි. මේවා කලින්ම සැලසුම් කළ යුතුව තිබුණා.(අ)