පොසොන් පුන් පෝහොය නිමිත්තෙන් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් 13 වැනි වතාවට සිදුකරන තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පුජාව මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ පුරාණ රජමහා විහාරධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි ලංකාදීප කාර්ය මණ්ඩලය මෙවර අලෝක පුජාවේ කටයුතු සංවිධානය කරයි.
පොසොන් වන්දනාවේ යමින් තන්තිරිමලේ පුද බිමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මුලික පහසුකම් සියල්ල සුදානම් කර ඇති බවත් විශේෂයෙන් පොලිතින් අපද්‍රව්‍ය පුදබිමට රැගෙන ඒමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
තන්තිරිමලේ පුදබිම මූලික පිරිසිදු කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
ඡායාරූප හා වීඩියෝ - එච්.චන්දන







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත් සමඟ මමත් එකඟයි (නි)
5වැනි ෆොටෝ එක දැක්කහම හිතෙන්නේ ඔබල අපේ හදවත් වල පිපුණු මල් කියලය්,ඔබ සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. බුදු සරණයි (බ)
මේ පින්කමට දායකවූ සියලු දෙනාටම බුදු සරණයි (බ)