IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තනතුරැ මාරැව ගැන ලොකු මහත්තයගෙන් ඉඟියක්

2016-05-10-ent-58ගාල්ලෙ තිබුණ මැයි දිනේට දවසකට දෙකකට කළින් රටේ ලොකු මහත්තය ගාල්ල පැත්තෙ නිල ගමනක් ගියා. මෙහෙම ගිය ගමනෙදි පළාතෙ පළාත් පාලන නියෝජිත කස්ටියක් හම්බවුණා. මෙතෙන්දි පළාත් පාලන කස්ටියට ජනාධිපතිතුමා කවදාවත් නොකියූ රහසක් කිව්ව.....

මෙතෙක් පත්තරවල ප්‍රවෘත්තියක් විතරක් වුණ කැබිනට් වෙනස්කම් ගැන කතාව උන්නැහේ මුල්වරට මේ අය එක්ක කීවලු....

සාමාන්‍යයෙන් රටේ ලොකු මහත්තය තමන්ගේ තීන්දු ගැන වැඩිය කතා කරන පාරම්බාන කෙනෙක් නෙවෙයි... ඒකයි උන්නැහේ ගාල්ලෙදි කළ හෙළිදරව්ව ඉතාම වැදගත් වෙන්නෙ....

මෙතෙන්දි ලොකු මහත්තය කියල තියෙන්නෙ ආණ්ඩුවෙ ඉන්න ඇමැතිල අතරෙ බරපතළ චෝදනා එල්ලවෙන එක්කෙනෙක් දෙන්නෙක් ගැන පැමිණිලි සහ තොරතුරැ ලැබිල තියෙනව... දිගින් දිගටම චෝදනා එල්ලවෙන හා විවේචනය වන ඇමැති සයිස් මහත්තයෙකුත් ඉන්නව.... මේ අයගෙ තනතුරැ ළඟදිම වෙනස් කරන්න වුණත් ඉඩ තියෙනවය කියන කතාවයි මෙතුමා කළ හෙළිදරව්වෙදි දැනගන්න ලැබුණෙ....

මේ හෙළිදරව්ව කරන්න දවසකට දෙකකට කළින් රටේ ලොකු මහත්තයයි දෙවැනි මහත්තයයි හම්බුවෙලා සතරකන් මන්ත්‍රණයක් තිබ්බලු. ඒකෙදි කතා වුණෙත් ඔය විදියට වෙනස් කරන පට්ටම් ගැනලු. ඒ අනුව තමන්ගෙ යූනියන්කාරයො එක්ක ලොකු අවුලක ඉන්න ඇමැති මහත්තයකුටත්, ජනාධිපති කන්තෝරැව කිට්ටුවම ඔපීසිය තියන ඇමැති මහත්තයකුටත් නාරාහේන්පිට පැත්තෙ කන්තෝරැව තියන ඇමැති විතරක් නෙවේ උප ඇමැති සයිස් කෙනෙකුටත් අද හෙටම ටිකට් ඇදේවි කියලා කියනවා....

 

DESHAYA



අදහස් (0)

තනතුරැ මාරැව ගැන ලොකු මහත්තයගෙන් ඉඟියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site