පානදුර තීන්ත කම්හලක ඇතිවූ තීන්ත කාන්දුව හේතුවෙන් අවට හා කර්මාන්තශාලාවේ අධික තීන්ත සැර නැවැත්වීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රතික්‍රියක රසායනයක් ඉසිනු ලැබූහ.
ඒ.එෆ්.එෆ්.එෆ් රසායනික පෙණ ද්‍රාවණය මෙසේ ඉසීම මගින් ඒ අවට පරිසරයට එකතු වී ඇති තීන්තවල අධික ගන්ධය අවම කිරීමට උත්සාහ කරන බව ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්ත කාන්දු වුණා කියලා කර්මාන්ත ශාලා ඉවත් කරන්නේ මොකටද? හේතුව සොයාබලා, නැවත එවැන්නක් නොවීමට ඊට පිළියම් කිරීම නොවේද කළයුත්තේ? (නි)
බලපත්‍ර ලබාදීමේදී හා වසරින් වසර බලපත්‍ර අලුත් කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේදැයි පරික්ෂා කරනවා නම් ඔහොම වෙන්නේ නැහැ (නි)
පාතිපන්, වැරැද්දක් වුණා කියලා කර්මාන්තශාලා වහන්න ගියොත් හොඳට හිටී. හරියට මහදැනමුත්තාගේ තීරණයක් වගේ (නි)
මේ රටේ තිබෙන කර්මාන්ත ශාලා බොහොමයක ආරක්ෂාව අන්තිමයි. එයාලට ආරක්ෂාව මතක් වෙන්නේ මොනවාහරි වුණාම තමයි. කම්හල්වල විතරක් නෙමෙයි ගෙවල් වලත් ආරක්ෂාව බින්දුවයි. (නි)
ලංකාවට නොගැලපෙන කර්මාන්ත වහා ලංකාවෙන් ඉවත්කළ යුතුයි. (ස)