IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තෙන්ඩුල්කාර් ලකුණු 15,000 සම්පූර්ණ කරයි

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු 15,000 සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වීමට අද (8) සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ෆෙරෝෂ් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තෙන්ඩුල්කාර් 28 වැනි ලකුණු සම්පූර්ණ කිරීමත් සමග ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ ලකුණු 15,000 රැස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය. තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 182 කට සහභාගි වී ශතක 51 ක් සහ අර්ධ ශතක 61 ක් සමගින් ලකුණු 15,005 ක් රැස්කර තිබේ. 38 හැවිරිදි තෙන්ඩුල්කාර් අන්තර්ජාතික ශතක 100 ක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට එක ශතකයක් පසුපසින් සිටියි. ලෝක ටෙස්ට් සහ එක්දින වැඩිම ලකුණු ලාභියා වන තෙන්ඩුල්කාර් මේ වන විට එක්දින තරග 453 කදී ශතක 48 ක් සහ අර්ධ ශතක 95 ක් සමගින් ලකුණු 18,111 ක් රැුස්කර තිබේ. තෙන්ඩුල්කාර්, අන්තර්ජාතික එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් (200*) රැස්කළ එකම ක‍්‍රීඩකයා ද වේ.



අදහස් (0)

තෙන්ඩුල්කාර් ලකුණු 15,000 සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site