මහින්ද රාජපක්ෂ රජය සමයේ 2013 අගෝස්තු 01 වැනිදා රතුපස්වල දී යුද හමුදා වෙඩි තැබීමෙන් තුවාල ලැවූ පිරිසට ලබන අප්‍රේල් 05ට පෙර වන්දි ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යයාලයේ අද පැවති සාකච්ඡාවක දී තීරණය වූ බව එහි ආරංචි මාර්ග කියයි.
හම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ටී.බී. අබේකෝන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාන් ලක්තිලක සහ රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීහු සහභාගී වූහ.
රතුපස්වල ප්‍රශ්නය ගැන රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය ජනාධිපතිවරයාගෙන් සහ ජනාධිපති ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලා තිබිණි.
ඒ අනූව පසුගිය දෙසැම්බර් මාසයේ ජනාධිපති අතිරේක ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවති අතර රාජ්‍ය නිළධාරීන් මේ සඳහා සාකච්ඡා පවත්වා ප්‍රශනය විසදන බව පොරොන්දුවක් දී තිබිණි.
නළ ජලය නොලැබුණු ගම්වාසීන්ට ජලය ලබා දීමටත් උද්ඝෝෂණය කළ ගැමියන්ට එරෙහිව පවරා ඇති නඩු ඉවත් කරවීමටත් අද පැවති සාකච්ඡාවේදී තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතු දෙයක් (ම)
වකුගඩු නරක් වුන රජරට ජනයාට වන්දි ලබා දෙන්නේ නැද්ද?(හේ)
88-89 කාලයේ මරාදැමුණු තරුණ තරුණියන්ගේ පවුල් වලට වන්දි ලැබෙන්නේ කවදාද? (නි)
එතකොට වෙඩී තැබිමට හා පොලු මුගරු වලින් පහරදුන් .පහරදීමට උපදෙස් දුන් අයට විරුද්ධව නිතිය කියාත්මක වනවාද.? (ර)
හොඳ තීරණයක් (නි)