සිංහල දෙමළ ජනතාව අතර ප්‍රශ්නයක් නිර්මාණය කළේ බලලෝභී දේශපාලකයන් මිස දෙමළ ජනතාව නොවේ යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවැසීය.
‘රත්මලාන කොතලාවලපුර විද්‍යාලයේ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේදී ඔහු මෙසේ ද කීය.
රජයේ ත්‍රි භාෂා ප්‍රතිපත්තියට අනුව දැන් දරුවන්ට භෂා තුනක්ම ඉගෙන ගන්න වෙනවා, සිංහල, , දෙමළ, ඉංග්‍රීසි භාෂා තුන ඉගෙන ගැනීමෙන් හොද රැකියා ඉල්ලුමක් ද නිර්මාණය වෙනවා.
දැනුම ලබා ගන්න භාෂාව ඉතා වැදගත්.දෙමළ ජනතාවව අද සොයන සහෝදරත්වය ඉස්සරහට ගෙනයන්න නම් ශ්‍රි ලාංකික දරුවන් හැටියට ජාතික භාෂාව වන දෙමළ භෂාව ඉගෙනීමට යුතුකමක් හා වගකීමක් තිබෙනවා.
අපේ කාලයේ අපි පොත් වලට වඳිනවා. පොත් නොමිලේ දෙන නිසා දරුවන්ට වටින්නේ නැහැ.ඉස්සර ආණ්ඩුවෙන් අධ්‍යාපනය නොමිලේ දුන්නට අපි පොත් ගත්තේ සල්ලි වලට.එ නිසා වසර පුරා අපි ඒවා ආදරෙන් පරිස්සම් කළා.’
කොතලාවල පුර විද්‍යාලයේ විදුහල්පති සහ මේජර් ඩී.එම්.එල්.කේ. දිසානායක මහතා ද එහි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැකලා තිබෙනවා බස් එකේදී හරි පොදු ස්ථානයකදී හරි අපි දෙමළෙන් කතාකරන විට අපේ දෙස බලා හිනාවෙන අය. ඒ අය හිතන්නේ අපිව අපහාසයට පත්කළා කියලා. නමුත් රැවටුනේ එයාලම කියලා දන්නේ නැහැ. මේ කුඩා රටේ තිබෙන ප්‍රධානම භාෂා දෙකම අපිට කතා කරන්න බැරිනම් අපි වැරදියි. කටාර් රාජ්‍යයට සේවය කරන්න එන අපේ සහෝදරයින් කෙසේ හෝ අවුරුද්දක් තුළ හින්දි හෝ අරාබි භාෂාව ඉගෙන ගන්නවා. ඒ අැයි? මේ භාෂාව නැත්නම් මෙහි රැකියාව කරන්න අපහසුයි කියන එකම හේතුව මත. එසේ නැත්නම් ලංකාවට ගිහින් හින්දි වලින් හෝ අරාබියෙන් කතාකරන්න ඕනෑ කියලද? එහෙනම් ලංකාවේ අවුරුදු ගානක් එකට හිටි අපිට අැයි බැරිවුණේ? (නි)
ඉංග්‍රීසි බස නොදත් සිංහලයෙකුට රජයේ කාර්යාලයක ට ගොස් සිංහලෙන් ඉල්ලුම් පත්‍රයක් පුරව තමන් දන්නා බසින් පිළිතුරු ලබා ගැනීමේ හැකියාව ලබාදීම, ඉංග්‍රීසි බස අසමත් දරුවෙකුට,දැරියකට රජයේ රැකියාවකට යාමේ අවස්ථාව ලබා දීම වරදක්ද, එදා මෙ හැම දෙයක්ම දෙමළ අයටත් තිබුන, රජයේ සෑම ලේඛනයක් ම සිංහල.දෙමල සහ ඉංග්‍රීසි බසින් මුද්‍රණය වුන. වරද උනේ සිංහල ඉගෙන රැකියාව ලැබීමෙන් පසු ඉංග්‍රීසි ඉගෙන නොගැනීම සහ උන්නන්දුවක් නැතිකම නිසා ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවල් ඉගෙන නොගැනීම. මමත් ඉංග්‍රීසියට ආවදු පවුලක.ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබූ අයෙක්. නමුත් මේක වැඩි දෙනෙක් සිංහලයන් ජිවත් වෙන රට. සිංහලයන් දෙමල ඉගෙන නොගැනීම නිසා යුද්දය ඇතිවුණා යි කියනවනම් වගේම ,ගරු බණ්ඩාරනායක අගමැති තුමා සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා යුද්දය අතිඋනයි කියනවනම් ඊක වැරදි. (අ)
ග්‍රේරු මහත්තයා නම් වැඩක් කරන පාටයි.... (නි)
උත්තරා, කොරියානුවන්ට ඉංග්‍රීසි උගැන්වීමට මට අවශ්‍යතාවයක් නැත.නමුත් මගේ ශ්‍රී ලංකාවේ සියලු දෙනාම තමන්ගේ මව් භාෂාව දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් පළමු වසරේ ඉගැන්වීමට වැඩපිළිවලක් යෙදෙව්වොත් ඉංග්‍රීසි භාෂාවට අපේ පොඩි අය පෙළඹෙන අතරතුර ලෝකයා ඉදිරියේ අපිට හොඳ ස්ථානයක් ලැබෙනවා ඇත. ඒ වගේම සිංහල / දෙමළ යනුවෙන් වර්ගීකරණයක් අැති නොවෙනවා වගේම මුලින්ම අප රට තුල එකමුතුවත් දෙවනුව ලෝකයා ඉදිරියේ අපි සැමෝම ශ්‍රී ලාංකිකයන් හැටියට බැබෙළෙනුත් ඇත (නි)
දැනට ඉංග්‍රිසි බැරි අය ටික දෙනෙක් වෙනුවෙන් සිංහල/දෙමළ රාඡ්‍ය භාෂා කරලා හරියන්නෙ නැහැ. දුරදිග බලල හැමෝටම ඉංග්‍රිසි උගනවන්න. දැනට ඉන්න ටික දෙනාගේ ප්‍රශ්නෙ ඉවරඋනාම අනාගතය ස්ථාවරයි. ආත්ම විශ්වාසෙන් ජීවත්වෙන්න පුළුවන් හැමෝටම. (අ)
සිංහල රාඡ්‍ය භාෂාව කල එක වැරදියි.(අ)
මේ ප්‍රයන්තයට විරුද්ධ විය හැක්කේ ජාතිවාදයෙන් අන්ධ වුනු පාසල් නොගිය , ලෝකය වෙනත් රටවල් ගැන නොදන්නා මෝඩ ගෙම්බන්ට විතරයි (අ)
මේ කියන විදිහට භාෂා තුන ඉගෙන ගත්තට ජාතිවාදය විසඳෙන්නේ නැහැ. භාෂා වගේම ආගම වෙනස් නිසා ආගම් තුනක් ඇදහිය යුතුද?එදා සිට අද දක්වා සිටින පාලකයින්ගේ වැරැද්ද නිසා මෙම ජාතිවාදය පැනනැගුනේ. මෙයට විසඳුම ජාත්‍යන්තර භාෂාව රටේ භාෂාව වියයුතුයි. බලලෝභී පාලකයින් සාධාරණව ජාතීන්ගේ ප්‍රශ්න විසඳිය යුතුයි.(නදී)
1. අධ්‍යාපන ඇමති හැටියට දෙමල ප්‍රශ්නයට හේතු ඉදිරිපත් කරන්නේ අයි? 2. ඉංග්‍රීසි ඔච්චර අමාරුවෙන් ඉගෙන ගන්න අතරේ තවත් භාෂාවක් හොඳින් ඉගෙන ගත හැකිද? 3. මුදල් දී ගන්න දේවල් පමණක් වටිනවා යයි සිතන්නේ නම් නිදහස් අධ්‍යාපනේ ඇමති කමක් භාරගත්තේ අයි? (නදී)
දෙමළ සහ මුස්ලිම් අයට සිංහල වලට අමතවර බුදුදහමත් ඉගැන්නුවා නම් ප්‍රශ්න ගොඩක් අවසන් වෙයි (නි)
දෙමළ භාෂාව සදහා රැකියා වෙළද පොළ තිබෙන්නේ කොහේද? (නි)
හරිම හරි කතාවක් .එකග වෙමි. (නදී)
ඔබතුමාගේ අදහස් හොඳයි. නමුත් වචන වලට සීමානොකර අඩුවශයෙන් එකක්වත් ක්‍රියාත්මක කරන්න බලන්න. ඔය වගේම උසස්පෙළ සිසුන්ට නවීන ලෝකයට ගැළපෙන, ඒ වගේම රැකියා වෙළඳ පොළේ ඉල්ලුමක් ඇති විෂය සංයෝගයන් තෝරාගැනීමේ අවස්ථාවක් ලබාදෙන්න. අද තත්ත්වය අනුව කලා සිසුන්ට ආර්ථික විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වගේ වැදගත් විෂය සංයෝගයක් තෝරාගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. (නි)
කිසියම් රටක බහුතරය භාවිතා කරන භාෂාව සෙසු දුළු පිරිසට ඉගැන්වීම නෙමෙයිද තාර්කික. ඒක නේද වඩා පහසු. ලංකාවේ 69% පමන සිංහල නම් ඉතුරු 31% සිංහල උගන්නන්නෙ නැතුව 69% කට දෙමළ උගන්වන්න මහන්සි වෙන්නේ ඇයි? උත්තරාගේ කතාවත් 100% ක් ඇත්ත. ඇයි මේක නොකත්රෙන්නේ දේශපාලනඥයින්ට.(නදී)
එහෙම නැත්නම් අනෙකුත් විෂයදාරා ඉවත් කර " භාෂාවන් " පමණක් දරුවන්ගේ විෂය නිර්දේශයට දාන්න. මොකද වෙන විෂයක් ඉගෙන ගන්නවා වගේ නෙමෙයි භාෂාවක් ඉගෙන ගන්න හරි අමාරුයි. ඒකටම ඇලිල ගැලිලා හිටියෙ නැත්නම්. එහෙම නැතනම් සුළුතරයට බහුතරයේ භාෂාව උගන්වන්න. ඒක ලේසියි. පහසුයි. ප්‍රායෝගිකයි. ඕනතරම් ගුරුවරු ඉන්නව. (නදී)
උත්තරා සහ රුපිකා, ඔය දෙන්නටම දෙමල භාෂාව කතා කරන්න දන්නවද අඩුම තරමෙන් ? අනික මව් භාෂාව හැටියට හදුන්වන දෙමල භාෂාව තමුන්ට ඉගෙන ගන්නට බැරි කොට කොහේ යන ඉංග්‍රීසි භාෂාව අමාරුවෙන් ඉගෙන ගන්න ඕනේ නෑ.(නදී)
ජයවේවා ඔබ තුමන්ට (දී)
ඔබ තුමාට තුන් කල් දක්නා නුවණ ද ඇත. මම හිතන්නේ මේකට අදහස් දමන අය හරි අවබෝධයක් නැහැ කියා. අද දමිල සහෝදරයන් අමාරුවෙන් හරි සිංහල ඉංග්‍රිසි කතා කරන්න උත්සහ කරනවා. අපි දමිල සහෝදරයෙක් හමු වුනාම හස්ත භාෂාවෙන් කතා කරනවා. දෙන්නටම හරියට තෙරෙන්නේ නැහැ. අමති තුමනි අලුත් යමක් කරන්න හදන කොට මුලින් අපහාස කරයි, එහෙම බැරි වෙන කොට කකුලෙන් අදීවි,එහෙමත් බැරි වෙන කොට ගරහාවී, එත් බැරි වෙන කොට කඩාකප්පල් කරාවී. කිසි දෙයකින් නවත්වන්න බැරි වෙන කොට හැමෝම අගය කරාවි. ඔබ නිවැරදි අදහසක් දක්වා ඇති බව පැහැදිලිය.(නදී)
ඉංග්‍රිසි නැතුව මුකුත් තරන්න බැහැ. අඩු තරමේ වැසැකිලිය කෙහෙද කියා අහන්නත් ඉංග්‍රිසි ඕනේ. අපේ එක සිංහල වුනු පලියට සිංහලවත්, අපේ එකා දෙමළ වුනු පලියට දෙමළවත් උගන්වලා හරියන්නේ නැහැ. සුද්දන්ට සිංහල/හෝ දෙමළ උගන්වන්නත් බැහැ. අපි ලෝකෙ බහුතරය භාවිතා කරන එක ඉගෙන ගන්න ඕනේ අපේ එකට අමතරව. (නදී)
මංගල, දෙමළ භාෂාව සදහා රැකියා වෙළදපළ තිබෙන තැන ඔබ දන්නේ නැද්ද ? (නි)
දේශපාලඥයෙක් වී බලයට එනවා කියන්නේ මොනවගේ දෙයක්ද කියලා අද බොහෝ දෙනෙකුට වැටහෙන්නෙ නැහැ (නි)
කවදාවත් දෙමල සහෝදරයෙක් මුණ නොගහෙන දුර පළාත්වල දහස් ගණන් සිංහල ලමය් දෙමළ ඉගෙන ගත යුතුද? භාවිතයෙන් තොර භාෂාවක් ඉගෙන ගත හැකිද? සම්බන්ද (linking) බාෂාව වන ඉංග්‍රීසි පමණක් ඉගෙනීම ප්‍රමාණවත් නැතිද? ඉංග්‍රීසි වලින් ඉටු නොවන දෙමල භාෂාවෙන් ඉටුවන අවශ්‍යතා මොනවද? (අ)
භාෂාවන් පෞද්ගලිකව ඉගෙන ගන්නවා වගේ නොවෙයි ජාතික අධ්‍යාපන සැලසුම ඔස්සේ පාසැල් දරුවන්ට භාෂාවක් උගන්වනවා කියන්නේ. ලංකාවේ සිංහල දරුවන් අතර සිංහල දැනුම පසුගිය වසර කිහිපය තුළ ඉතා තදින් පහත වැටී තිබෙනවා. විද්‍යාත්මකව විශ්ලේෂණය කර බැලුවිට පෙනී යන්නේ තම මව්බසට දිය යුතු ස්ථානය නොදී වෙනත් විෂය දහරාවන්ට ප්‍රමුඛ තැනක් දීම නිසා මේ තත්වය ඇතිවී තිබෙන බවයි. සිංහලයිනි, ද්‍රවිඩයිනි, දැන්වත් අවදිවවු! දේශයට, ජාතියට, ආගමට, සංස්කෘතියට ගැළපෙන අන්දමට භාෂා අධ්‍යාපනය සකස් කර ගනිවු! (නි)
අනේ නිර්මාල්,කොරියානු භාෂාව උගත් කීයෙන් කීදෙනාද එදිනෙදා ජිවීතයට එය පාවිච්චි පවිට්චි කරන්නේ? ඔය කැපවීම අපි දෙමළ භාෂාවට දැක්වුවහොත් ශ්‍රී ලංකාවේ අපිට කොපමණ සුහදව ජිවත් වෙන්න තිබුනාද? දැන්වත් සිතන්න.ශ්‍රී ලංකාවේ අපේ දේවල් වලට මුල්තැන දෙන්න (නි)
ඔයා නේද එහෙම කියලා පක්සය මාරු කළේ. (නදී)
කීර් මොනව කියනවද මන්ද? කොරියානු භාෂාව ඉගෙන ගන්නේ කොරියාවට ගිහින් රස්සාව කරන්න මිස ලංකාවෙදි පාවිච්චි කරන්න නෙමෙයි. ඔයා හරි තමයි තමන්ගේ මව් බස හැමෝම හොඳට දැනගන්න ඕනේ. මම කියන්නේ ඊට අමතරව සිංහල දෙමළ දෙගොල්ලොම ඉංග්‍රිසිත් ඉගෙනගන්න ඕනේ. එහෙම නැතුව සහයෝගය ඇතිවෙන්නයි කියලා 7% විතර වෙන සිංහල ළමයින්ට දෙමළ ඉගෙනගන්නයි කියන එක වැරදියි. උත්තරා කියනව වගේ එහෙම නම් ඉන්දියාව ඉන්දුනිසියාව වගේ රටවල ළමයින්ට භාෂා 1000 ක් විතර ඉගෙනගන්න වෙයි. මේ සරල සත්‍ය තේරුම් ගන්න බලන්න. (නදී)
ඉංග්‍රිසි වල වටිනාකම තේරෙන්න රටින් පිටට ගිහින් බලන්න ඕනේ. එතකම් තේරෙන්නේ නැහැ. දෙමළ විතරක් නෙමෙයි මේ ලෝකෙ තියන හැම භාෂාවම හැමෝටම පුළුවන්නම් සෑහෙන සංසඳියාවක් ඇතිවෙයි. නමුත් ඒක කරන්න බැහැ. ඒ නිසයි අනෙක් භාෂාවන්ට සාපේක්ෂව සරල භාෂාවක් වූ ඉංග්‍රිසි ඡාත්‍යන්තරව පිළිගන්නේ. දෙමළ අය සිංහලවත් සිංහල අය දෙමළවත් ඉගෙනගන්න මහන්සි නොවී ඇයි දෙගොල්ලොම එතකුවෙලා ලෝකෙන් භාගයකට වැඩිය එක්ක කතාකරන්න පුළුවන් ඉංග්‍රිසි ඉගෙන නොගන්නේ. (නදී)
7% නෙමෙයි 70% ක් වන සිංහල ළමයි (නදී)
එතකොට ඔයාගේ භෞතික විද්‍යාවට මොකද වෙන්නේ (නදී)
ග්‍රේරු මහත්තයට වැරදිලා. ඔය කතාව දේශපාලකයින් නොව බලලෝභී දේශපාලකයෙක් නිසා කියල නිවැරදි වෙන්න ඕනේ. 1956 මැතිවරණයෙන් පස්සේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කලේ කවුද කියල අමතක කරන්න එපා. එම මෝඩ තීරණයෙන් පස්සේ තමයි මේ විනාශකාරී යුද්ධයට මුල පිරුණේ. (නදී)
මව් බස සහ ඉංග්‍රීසි විතරක් ඉගෙනගත්තොත් මදිද ?ලොකු වැඩ ගැන කතාකරන්න එයාල හරි කැමතියි. (නදී)
හැම රටකම රාජ්‍ය භාෂාවක් තිබෙනවා. ගරු බණ්ඩාරනායක අගමැති තුමාගේ කාලේ මේ රටේ වැඩි ජනතාවගේ භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නැති නම් පාලන භාෂාව කිරීම සහ එදා බමුණු කුලයේ භාෂාව වූ ඉංග්‍රීසි නුගත් සිංහල මිනිසුන්ට තමන්ගේ මව් බසින් රජයේ කාර්යාලයන් කටයුතු කිරීමට හැකියාව ලබා දීම සහ ඉංග්‍රීසි සාමාර්ථය නැති එදා අ.පො.ස සමතුන්ට රජයේ රැකියාවන්ට ඇතුලු වීමේ හැකියාව ලබා දීම. මෙම අවස්ථාව එදා දෙමල අයටත් ලැබුනා. නමුත් ඔවුන්ගේ ජාතිවාදී බව සහ එදා සිටම මේ රට තම ප්‍රාන්තයක් කර ගැනීමේ එදා සොලින් වූ අද තමිල් නාඩු දේශපාලකයන්ගේ අවශ්‍යයතාවය ඉටු කරන්නට මෙහි ජාතිවාදී දෙමල අයට අවශ්‍ය උනා. ඒක දෙමල ජාතිවාදය මිසක් සිංහලය රජ බස,බුදු දහම රාජ්‍ය අගමැ කරවූ. ගරු බණ්ඩාරනායක අගමැති තුමාගේ වරදක් නෙවෙයි. එදා විභාග ප්‍රශ්න පත්‍රය එකම කොලයක භාෂා තුනෙන් ම මුද්‍රණය කර තිබුනා. ලංකාවේ දෙමල භාෂාවට තියෙන තැන අද ඉන්දියාවේ වත් නැහැ. භාෂාවන් ඉගෙන ගැනීම හොඳ වැඩක්. ඉංග්‍රීසි කියන්නේ ජාතයන්තර භාෂාවක් දෙමල භාෂාව එවැනි භාෂාවක් නෙවෙයිනෙ. ඉගෙන ගැනීම හොඳයි. නමුත් දෙමල ජාතිවාදයට සිංහල භාෂාව පාවා දිය යුතු නැහැ. එබැවින් රාජ්‍ය භාෂාව සිංහල කිරීම ගැන කතාකරන අය නිසා යුද්දය ඇති උනා යැයි කියන අය ටිකක් දෙමල ජාතිවාදය ගැන සොයා බලන්න. (නදී)
ඔබ තුමාට නම් තුන් කල් පෙනෙනවා. ඒත් රටේ අවාසනාවද දන්නේ නැහැ,දරුවන්ට , දෙමාපියන්ට , බලධාරීන්ට මෙවා නොපෙනෙන්න. රටේ අනාගතයට ඉස්සර බලන්නේ ළමයාව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කරන්න. ඒ ඉලක්කයට එකේ පන්තියේ ඉදන් ළමයි පන්ති වලට ගෙනියන්නේ, ඒත් දරුවා ගුණ දම් රකින මිනිසෙකු කරන්න දෙමාපියන් උනන්දු නොවීම කණගාටුවක්. කොහොම වුනත් දමිළ අයට සිංහල ඉංග්‍රිසි එයාලගෙ විදිහෙන් හෝ කතා කරනවා. සිංහල අපේ අය සිංහල හරියට කතා කරන් නේ නැහැ. අඩුම තරමේ දමිළ බස ඉගෙන ගන්න ඕනා කියා වත් හිතන්නේ නැති එක අවාසනාවක් තම්යි ඇත්තටම. (නදී)
නිමල් ලලිතා, මොනව කිව්වත් බණ්ඩාරනායක මහතා සිංහල රාඡ්‍ය භාෂාව කළ එක වැරදියි. අපි වගේ කොලනි වල හිටිය සමහර රටවල් ඉංග්‍රිසි රාඡ්‍ය භාෂාව ලෙස තියාගත් නිසා ඔවුන්ට අද ලෝකෙට යන්න අමුතුවෙන් ඉගෙනගන්න ඹිනෙ නැහැ. මම කියන්නේ සුද්දගෙන් ගන්න තිබුනු හොඳම දෙය භාෂාව . අපි ඒක නොගෙන අනිත් හැම කුණූ කන්දලක්ම ඔළුව උඩ තියාගෙන විඳවනවා. (නදී)
ඊශ්‍රායලයේ සුළුතරයක් වන මුස්ලිම් ජාතිකයන් හිබ්රු ඉගෙන ගන්නවා මිස මහජාතිය වන යුදෙව්වන් අරාබි භාෂාව ඉගෙන ගන්නේ නැහැ .(අ)
ඒක නිසා වෙන්න ඇති යුද්දය කරද්දී ,ප්‍රභාකරන් දෙමල මිනිසුන් යොදා තනාගෙන තිබු ආරක්ෂක වලල්ලේ ,දෙමල මිනිසුන් නොමැරෙන ලෙස ගලවා ගැනීම අමතක කර උතුරු පළාත් සභා ඡන්දයේදී කොටි හිතවාදී දෙමල සන්දානයට විශිෂ්ට ජයක් ලබා දුන්නේ , ඒ වගේම කොටි නායක එලිලන් ගේ බිරිඳට මනාප අසුහය දහසක් ලබා දුන්නේ.නියෝජ්‍ය ඇමති තුමාට මම කියනවා පුළුවන් නම් යාපනේ නගර සභාවේ අසුනකට තරග කර ජය ගන්න කියලා. එදාට මම මගේ සිංහල ජාතිකත්වය නවත්වා දෙමල මිනිසුන් ළඟ ජාතිවාදය නහැ කියලා පිලිගන්නවා. (නදී)
මොහාන් ලාල් ග්‍රේරු කියන්නේ හොද මහත්මයෙක් (නි)
සිංහල/දෙමල ඕනෙම මනම්, බහුතරය භාවිතා කරන භාෂාව සෙසු දුළු පිරිසට ඉගැන්වීම නේද කරන්න ඔනේ. පහන්කියන්නෙත්,නිර්මාල් කියන්නෙත් ඒකම තමයි. (අ)
ඇමතිතුමාගේ කතාව සහතික ඇත්ත හැමෝටම උනන්දුව තිබේනම් ඕනෑම භාෂාවක් ඉගෙනීමට පහසුයි.අනික ඉන්දියාවේ කොපමණ භාෂාවල් භාවිතා වනවාද.? . .
මම නම් කියන්නේ සිංහලයි දෙමළයි මේ තිබෙන විදියට ඉගැන්නුවහම ඇති. දැනුම ලබාගන්න ,රටකට ගියාම හරි වෙනත් රටක කෙනෙක් සමග සන්නිවේදනය කරන්න හරි ලෝකෙන් භාගයකට වැඩිය භාවිතා කරන ඉංග්‍රිසි ඉගෙනගන්න. දෙමළ නොවන කෙනෙක් දෙමළ ඉගෙනගෙන උසස් අධ්‍යාපනය කරන්න රටකට ගියත් ඉංග්‍රිසියි ඕනෑ. (නි)
ඉන්දියාවේ වාර්ගික සුහදතාවය ඇති කිරීමට එක අයෙකු භාෂා 1000ක් වත් ඉගෙන ගත යුතුය. කීර් , කොරියානුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අපට බල කල නොහැක. එත් ලංකාවේ දෙමල යට ඉංග්‍රීසි ඉගැන්විය හැක. (දිල්)
සිංහල අය දෙමළ ඉගෙනගන්න යොදවන කාලය මහන්සිය ඉංග්‍රිසි ඉගෙනගන්න යොදන්න. දෙමළ අය සිංහල ඉගෙනගන්න යොදවන කාලය මහන්සියත් ඉංග්‍රිසි ඉගෙනගන්න යොදන්න. දෙගොල්ලන්ටම හොඳ කලක් යයි. බහුතර සිංහල රටේ දුවා දරුවන්ට දෙමළ උගන්වන්න යන එක ගැන නම් මම අකමැතියි. අපි කුඩා ජාතියක්. අපි කාටවත් කියන්නෙ නැහැ අපේ භාෂාව ඉගෙනගන්න කියලා. ඇයි අනෙක් සුළු ජාතිනුත් එහෙම නොසිතන්නේ. (නි)
අපි ඉන්දියාවට ගිහින් ඒ අයට දෙමළ වලට අමතරව සිංහල ඉගෙනගන්න කියලා බලන්නකෝ. එහෙම නැත්නම් අපෙත් සෑහෙන පිරිසක් ඔස්ට්‍රේලියාවෙ ඉනනව. සුද්දට කියල බලන්නකො සංහිඳයාව ඇති වෙන්න කියලා සිංහල ඉගෙනගන්න කියලා. ඇයි මේ බහුතර සිංහල රටේ දරුවන්ට වද දදි දෙමල උගන්වන් දතකන්නේ. මම තියන්නේ තම තමන්ගේ මව් බස තමන් කැමති පරිදි දරුවන්ට උගන්න ගන්න. පොදුවේ ඉංග්‍රිසි භාවිත කළානම් හරි ලේසියෙන් ජාතිවාදි ප්‍රශ්නෙ විසෙඳෙනවා. කොහොමත් දැන් තියන ජාත්‍යන්තර රැල්ලත් එක්ක ඉස්සරහට එන්නේ ඉංග්‍රිසි පුළුවන් පරපුරක්. සිංහග අය දෙමල දැනගත්ත කියලාවත් දෙමළ අය සිංහල දැනගත්ත කියලාවත් සහයෝගයක් ඇතිවෙන්නෙ නැහැ. තව තව කුලල්කාගන්නව මිසක්. අපේ හර පද්ධතිය සාමකාමි බවයි ළමා මනසට ඇතුල් කරන්න ඕනෙ. එතකොට ඒ පරම්පරාවවත් සාමයෙන් ඉදියි. (අ)