මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.
මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති පැවසීය.
පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා අර ගායකයාට දමන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපති කීවේය. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි ජනපති අවධාරණය කළේය.
පසුගිය 20 වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර මෙසේ තරුණියක සිය තනපටය ගී ගයමින් සිටි එන්රික් අතට විසි කළාය.
එහි වීඩියෝ දර්ශනය පහතින්....
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් අසීලාචාර නැහැදිච්ච දේවල්. අපේ ලංකාවේ හුග දෙනෙක් හිතාගන ඉන්නේ ඔය වගේ දේවල් නොකරනවානම් ගොඩේ අය කියල. සෞදි රටක ගිහින් ඔයවගේ දෙයක් කළානම් අද මොන තත්ත්වයකද. ජනාධිපතිතුමාට නම් පින් දෙන්න ඕන මේ ගැන කතාකළාට (බ)
අපොයි මේවා නෙවෙයි කටුනායක පැත්තේ දේශීය සංගීත සංදර්ශන වලට ගිහින් බලන්න ගලවලා විසි කරපු දේවල් ! (බ)
වර්තමානෙට අනුව හැඩ නොවී ඉන්නන එකම ජාතිය සිංහල ජාතිය .. සංස්කෘතිය කියා කියා කරන්නෙම නොහොබිනා වැඩ. අනුන්ගේ ගෙවල්වල උළු ගනින්න ඉස්සෙල්ල තමන්ගේ ගෙදර බිදුණු උළුටික දාගෙන කතා කරපල්ලා (බ)
ලංකාවේ කෙල්ලෝ මෙච්චරටම පිරිහිලාද? (නි)
ලංකාව තලේබාන් රටක් නොවේ ...!!! (බ)
සහතික ඈත්ත මේ අපේ රට අපේ සංස්කෘතිය විනාශ වෙන්න දෙන්න බැහැ. ඔබතුමා මෙවන් දෑ යලි නොවන්නට දැඩිව ඉන්න (බ)
මෙතුමා මොනවා කිව්වත් තව ඉදිරියට සංදර්ශන වලදී තව නොයෙක් දේවල් විසිකරන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර මඩුමාළුවන් අල්ලා වලිග කපා එක්රැස්කර තබාගත යුතුයි (නි)
එයාට වෙන දෙන්න දෙයක් නොතිබෙන්න ඇති. ඉතින් තෑග්ගක් දෙනවා කියලා හිතලා දෙන්න පුළුවන්කම තිබුණ දේ දෙන්න ඇති. (නි)
ජනපතිතුමනි ඒවා අඳින ඵකක් තහනම් කරන්න (බ)
ඕක සමහරවිට එයාට දෙන්න කියලම හිතාගෙන ගෙදර ඉඳලාම අරගෙන ආවද දන්නෙ නැහැනේ. (නි)
පසුගිය කාලයේ දළදා මාළිගාව ඉස්සරහා විදේශීය සක්කරවට්ටම් අඩනිරුවතින් නටද්දී බහුතරයක් කසාය බීපු ගොළුවෝ වගේනේ හිටියේ. (නි)
ඔබතුමා තානාපතිකමක් දෙන්න යෝජනා කරපු කෙනා තමයි සංගීත සංදර්ශනය සංවිධානය කරලා තියෙන්නේ. (බ)
බලපල්ලා මේ ඇමෙරිකාවේ සත පහේ ගායකයට දාන හුරේ. ලංකාවේ ගායකයන්ට හුවක් තියන්න කියලා ගායකයා ඉල්ලුවත් මෙහෙම චියර් එකක් දාන්නේ නැහැනේ. අනෙක ගුවන් හමුදාපතිගේ දු පොඩ්ඩා බුලත් විටකටවත් වටින්නේ නැහැ කරපු වැඩේට (බ)
රටේ ජනාධිපතිටත් කතා කරන්න වෙලා තියෙන දේවල් (බ)
නිහාල්, ඔබ මෙහි යටි අරුත සැබෑවටම ස්පර්ශ කර ඇති බව පෙනේ. (නි)
හෙල්මට් දාගෙන මංකොල්ල කන එක නවත්තන්න ෆුල් ෆේස් හෙල්මට් තහනම් කළා නම් අැයි බැරි මෙවැනි සංදර්ශන වලට යද්දී තනපොට සහ යට ඇඳුම් ඇඳගෙන යන එක නවත්වන්න. (බ)
රටේ දැවෙන ,දාහක් ප්‍රශ්න තියෙද්දී තන පටයද දැන් ලොකුම ප්‍රශ්නය...?අපේ රටේ නැති ප්‍රශ්න ගැන කතා කරන්න කලින් තිබෙන ප්‍රශ්න වලටත් මෙසේම ප්‍රතිචාර දක්වනවානම් කොතරම් හොඳද...? (බ)
සංදර්ශන නවත්තලා සමහර කාන්තාවන්ගේ ලජ්ජා භය ආරක්ෂා කරන්න යනවට වැඩිය ඔය තරුණියන්ගේ වැඩිහිටියන්ගේ මොලය පරික්ෂා කරා නම් ඉවරයි. (බ)
මේවාටත් බද්දක් ගහමු. (බ)
වහාම චක්‍ර ලේඛනයක් නිකුත් කරන්න වේවිද දන්නේ නැහැ අර ගුරුවරියන්ගේ සාරිය ඇඳීමේ සීමාව වගේ ගෙදරින් පිට ගැලවීම තහනම් කියලා. (බ)
මීට ඉස්සරත් ඔය පිට්ටනියේ ලංකාවේ අයගේ සංගීත සංදර්ශනයක් තියල ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් ලංකාවේ අයගේ තනපට අැතුල තියන දේ අතගාන සංදර්ශන ලංකාවේ හැමෝම වීඩියෝ එකකින් දැක්කා. ඒ දවස්වල හිටියෙත් මේ වගේ පාලකයෝ තමා (බ)
මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් මුලින්ම ඔය එක එක විදිහට දේශීය චිත්‍රපටි වල පෙනීසිටි සමහර ලලනාවන්ටත් දේශපාලනයත් තහනම් කරන්න වේවි! (නි)
කවුද දන්නේ සෙනග තද බදය අස්සේ ළඟ ඉන්න කෙනාගෙන් ගලවාගෙන ගැහැනියක් නොවන කෙනෙක් ඕක විසි කළාද කියලා. (බ)
එයා ඒක ගෙදර ඉඳලම සැළසුම් කරගෙන එන්න ඇති කියලයි මටත් හිතෙන්නේ (නි)
ඔබ තුමාට නිවන් ලැබෙන්න ඕන ඔය පිනට! බොහොම පින් !! (බ)
මම නම් කියන්නේ සංගීත සංදර්ශන වලට සහභාගී වන කාන්තාවන්ට උඩ සහ යට ඇඳුම් තහනම් කළ යුතුයි (බ)
එහෙමනම් ගමරාලගෙ පුතාටයි බෑනා තිලිණටයි එන් රික් බදාගත්ත ගුවන්හමුදා පතිගේ දුවටයි සංවිධායක.මහේල සහ කුමාර් සංගක්කාරටයි.අරවගෙන් ගහනවද? (කෞ)
අයියො .අපි දුක් මහන්සි වෙලා එවන සල්ලි නේද එන්රික් අරගෙන ගියේ අපි වාහනයක් ගන්න ගියාම තමයි විදේශ විනිමය යනවට ටැක්ස් ගහන්නේ (බ)
ජනාධිපතිතුමා ත් දැන් ගහ දන්න අයට කොළ කඩාපානව වගේ? ඒ ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකයන් අතර, බොහෝ අය ප්‍රිය කරන මහේල සහ සංගා ත් වූ බව ප්‍රසිද්ධ කරුණක්. අලුත් හොරු බෝවෙන්න ඉඩනොදී කරුණාකර ඒ ප්‍රවේශපත් වංචාවෙන් රජයට හිමිවියයුතු බදුමුදල් අයකරගැනීමට උත්සුක වියයුතුය.(බ)
ටිකට් 1ක් 50,000 30,000 ඉතින් මේවට යන්නේ සාමාන්‍ය මිනිස්සුද? ඔය හැදියාව ලොකු ෆැමිලි වලින් පටන් ගත්තා නම් හරි නේද ? අනේ මමනම් කවදාවත් රු.50ක් දිලවත් මියුසිකල් ශෝ එකක් බලන්න ගිහිල්ල නෑ යන්න දීලත් නෑ ගෙවල්වලින් මෙච්චර පිටරට හිටියත්. (බ)
සංවරව අහන්න (බ)
ඇයි මෙතරම් ප්‍රමාදයක් මෙහෙම ප්‍රකාශයක් කරන්න? (නි)
මම මේ කියනදේට පක්ෂ, පාට නැතුව පිළිතුරු දෙනවද? දැක්ක එකම දේ මේ ප්‍රශ්නය විතරයිද? (නි)
"හොරු ටික අල්ලලා ඉවර නිසා...ස්වාධීන කොමිෂන් ටික පත්කරලා ඉවර නිසා..ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට දීලා ඉවර නිසා. විධායක බලතල අහෝසි නිසා...තවදුරටත් එතුමාට දේශපාළණික මැදිහත් වීම් කරන්න නැති නිසා එතුමා ධූරකාලයේ ඉන්නකල් මොනවා හරි කරන්න එපාය...." (බ)
මේක කළේ ලොකු ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනකුට අයිති සමාගමකින්ලු. කොස්සෙන් තමා මුන්ට ගහන්න ඕන. (බ)
ඔබතුමා මේ සංගීතය සංවිධානය කරපු අයට මඩු වලිගෙන් තලන්න ඕන කියල. හැබැයි එක සංවිධායක කෙනෙකුට තමයි ඔබතුමා දෙපා ළඟටම ගොහින් අර එක රටක ලංකාව නියෝජනය කරන තානාපති ධුරය බාරගන්න කිවේ. (බ)
මට මතකයි මගේ අම්මා ඉස්සර කියනවා එල්විස් ප්‍රෙස්ලිගේ සංගීත සංදර්ශනවලදී ගැහැණු ළමයි එයාගේ ඇඳුම් ඉරාගන්න හදනවලු.. ඒ 1960 1970 කාලේදී ඇමෙරිකාවේ තිබුණු හිපි සංස්කෘතිය හැටි.. දැන් එහෙම දෙයක් එහෙ වෙන්නේ නැහැ.. අපි ඉතින් ඕනෙම දෙයක් දොහොත් මුදුනින්ම භාර ගන්නවා නේ සුද්ද ගේ නම්.... අද බලන්න 'ක්ෂණික කෑම කියල දෙයක් ඇමෙරිකාවේ නැති තරම්.. (බ)
මෙතන තියෙන භයානකම දෙය තමයි මේ කෙල්ලෝ නේද හෙට දවසේ අපේ රටේ අම්මල වෙන්නේ.. (බ)
ලෝකල් සංගීත සංදර්ශන වලදී ගලෝල දාලා තියෙන ඒවා දැක්කා නම් හරක් වලිගයෙන් තලන්න ඕන කියයි (බ)
සමහරු නම් කටමැත දොඩවන්නේ මැරිලා ඉපදිලා වගේ. අපි නොදන්නා එන්රික්. (බ)
ජනපති තුමනි අපි ඔබේ ප්‍රකාශය ඉතාම අගය කරමි. ඔබ රටේ නායකයා වශයෙන් මෙවන් දේ නැවත්වීමට මුලිකත්වය ගැනීම අගය කරමි. ඔබේ අදහස් ජනතාව ඉතාම අගය කරන බව පමණක් මම දකිමි. ඔබ ක්‍රියාවෙන්ද මේ බව ඔප්පුකොට පෙන්වන්න. (බ)
ලංකාවේ කෙල්ලන්ට මේ මොනවද වෙලා තියෙන්නේ? (නි)
ජන්මෙන් ගේන දේවල් අපට හදන්න බෑ. නමුත් අපේ රටේ නම කැතවෙන වැඩක්නම් හදන්න බැරි නම් මකන්න හරි ඕන (බ)
මෙයට පෞද්ගලික මාධ්‍ය සම්පුර්ණයෙන්ම වගකිව යුතුය, එකිනෙකා පරයමින් තරගකාරීව ප්‍රේක්ෂකයා ගොනාට අන්දමින් ලාමක වැඩ කරන සිය ලාබයම අරමුණු කරගෙන රටේ සභ්‍යත්වය වලපල්ලට යැවීමක්. (බ)
මිනිස්සු තමන්ගෙ සල්ලිවලින් කාටවත් හිරිහැරයක් අපරාදයක් නොවෙන විදියට සතුටු වුනානම් අනිත් අයට තියෙන අමාරුව මොකක්ද ? මහලොකුවට ලංකාවෙ සංස්කෘතිය ගැන කතාකරන්න කලින් ලංකාවෙ දවසකට ලමයි කීදෙනෙක් ගබ්සා කරල මරනවද කියල පොඩ්ඩක් හොයල බලන්න. (බ)
මහේල සහ සංගාගේ ආයතනයකින් තමා මේ ගායකයාව ගෙන්වලා එකාගෙන් 35,000 ගානේ අය කරලා තියෙන්නේ. (බ)
ජොනතන්, මේක ප්‍රශ්නයක් නෙමෙයිද? මේ අපේ අනාගත අම්මලා වෙන පරම්පරාවේ වටිනාකම් පිළිබඳ සමාජයීය ප්‍රශ්නයක්. මෙහෙම ගියොත් මනමාලියන් උත්සව සභාවට මොනවාහරි විසිකරන දවස වැඩි ඈතක නෙමෙයි. ඔය ක්‍රීඩකයන්ට ලොක්කන්ට ඒගොල්ලන්ගේ දුවලව සල්ලි පෙන්නලා කාගේ හරි ඇඟේ එල්ලන්න පුළුවන්. අපිට එහෙමද? (නි)
වියයුත්තේ රටේ සදාචාරය නැවත ගොඩනඟන්න කටයුතු කරන එක. මේ වගේ ප්‍රසංගයකට ගිහින් රසවිඳලා එන්නේ කොහොමද කියලා තරුණ පරම්පරාව හැඩගස්වන්න ඕනෑ. එහෙම නැතුව මොකක් හරි වුණාම ඒක තහනම් කරන එක නෙමෙයි. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනෑ හරවත් විදිහට හිතන පරම්පරාවක් එක්ක. දැන් කියන්න එපා මේ ප්‍රසංගය හරවත් එකක් නෙමෙයි කියලා. එක එක පුද්ගලයන්ගේ රසවින්දනය වෙනස්. (නි)
අපිට මතක තියෙනවා පහුගිය 2002 යහ පාලන ආණ්ඩුව සමයේ මේවගේම රෝයල් පාටියක් දාල තිබුන. වර්තාමන ආණ්ඩුව රටට ඉතාම අහිතකර දේවල් කරන්න අනුබල දෙනවා. මේකට වර්තමාන ආණ්ඩුවේ පියරු බබාලා සෙට් එකම වග කියන්න ඕන. (බ)
ඕව ඉතින් බයියන්ට වැරදි වැඩ වුනත් ටොයියන්ට නියම වැඩ.බයියෝ වන අපි උඩ බලන් ඉන්නව. ටොයියන්ට ගිය රට නොවැ. (ස)
එක නැහැදිච්ච කෙල්ලක් නිසා මහේලට හා සඟට දොස් කියල වැඩක් නෑ එක එයාලගේ වරදක් නොවේ.හැදිච්ච දෙමාපියන්ගේ නැහැදිච්ච දරුවෙක් ගත්ත ගොන් ආතල් එකක් (ම)
සීමා තියෙන්නේ ඕන. (ර)
මීට පස්සේ සංදර්ශන වලට ඇතුළු වෙන කාන්තාවන්ට තනපටය තහනම් කරන්ඩ ඕන. (ස)
ඕවට කියන්නේ අස්සයා ගියාට පස්සේ ස්තාලය වහනවා කියලා. සමහරු මෝඩකමට කරනවා, තව ඇත්තෝ කපටි කමට කරනවා .නුවනැත්තෝ නුවණින්ම බලත්වා. (ර)
මේවා ගැන ඒ තරම් කලබල වියයුතු නැහැ. තන පටය විසිකළා මිසක වෙන දෙයක් ගලවල විසිකලේ නැහැනේ. (ර)
ඒකට කියන්නේ නිදහස කියලා... (ර)
මෙතනදී ගායකයාගෙන් නෙවෙයි වැරැද්ද වෙලා තියෙන්නේ බලන්න ආපු කෙනෙක්ගෙන් නේද? වැදගත් විදිහට හැසිරෙන එක ප්‍රේක්ෂකයාගේ වගකීම. (ර)
සහතික ඈත්ත මේ අපේ රට අපේ සංස්කෘතිය විනාස වෙන්න දෙන්න බෑහෑ. (ර)
දැන් එතකොට සිගිරි අප්සරාවන් සහ අපනයනයට වික්ටෝරියා සික්‍රට් මහන අපේ ඇඟලුම අංශයට මොකද වෙන්නේ ? (ම)
උපුල්, වෙන ඊට එහා ගැලවිය හැකි දේවල් තියෙන්නේ මොනවද? පුලුවන්නම් අනෙක් ඒවත් ගලවල විසි කරයි ඊළඟ සන්දර්ශනයේදී. (බ)
නිදහස හොද දෙයක් නමුත් මෙහෙම නිදහස අනවශ්‍ය දෙයක්. (ර)
ඔය තනපට කතාව උනේ මෙහෙම වෙන්න බැරිද? තනපට නිෂ්පාදකයෙක් හෝ එවැනි මෙවලම් වෙළදාම් කරන පිරිසක් විසින් හෝ වෙළඳ ප්‍රචාරයක් සඳහා එයින් එකක් ගායකයා දෙසට විසිකරා වෙන්න බැරිද? එහෙම උනා නම් තනපට අයිති බව කියන බවලතාට දෝස්මුර දාලවත්, මෙවැනි සන්දර්ශන තහනම් කිරිමේවත් තේරුමක් නැහැ ජනාධිපති තුමනි. (ස)
රොෂාන් සෑහෙන්න නිදහස ගැන හිතන මහත්මයෙක් වගේ. (ර)
දැන් මේ සංදර්ශනය සංවිධානය කෙරුනෙත් හිරි ඔතප් නැති හැසිරීම් පෙන්නුම් කලෙත් සාමාන්‍ය ජනතාව නොවන බව සමහරු දන්නේ නැහැනේ. සංස්කෘතිය ඉගැන්වීම ඉස්සෙල්ල ඔය ලොකු තැන් වලින් පටන් ගත්තා නම් හරි. (ර)
ඕක විසිකරන්න තිබ්බ තනපටයක් වෙන්නැති. (ස)
ඔබ තුමාට මාගේ උපහාරය. (ර)
ඉන්දියාවේදීත් මෙය සිදු උනා අගමැති කීවේ මෙම ගැහැණු දරුවන් අප ඉන්දියානුවන් බව තරයේ දැනගත යුතු බවය නැවත සිදු නොවිය යුතු බවය මින් මතු ඉන්දීය කාන්තාවන් එලෙස හැසිරුනේ නැත ජනපතිගේ ප්‍රතිචාරය අගයමු අප ශ්‍රී ලංකික උතුම් සන්කෘතියක් ඇති දෙමාපියන් යදින ජාතියකි. (ර)
හොඳ වැඩක්. (ර)
හරියටම හරි. මෙහෙම දේවල් කරන අය මේ රට ට ඕනේ නැහැ. ඔස්ට්‍රේලියාවට හරි යුරෝපෙට හරි හොඳයි. (ර)
ජනාධිපති තුමාට මගේ උපහාරය. (ර)
මෙය නම් අගය කල යුතු දෙයකි. (ර)
මේ සිදුවීම් ලංකාවට ලොකු දෙයක් උනාට , බටහිර ලෝකයට සාමාන්‍ය දෙයක් , එහෙම සිදුවුයේ නැතිනම් තමා පුදුමය බටහිර රටවල , (ස)
ඔය ගැනු ළමයා ගෙදර ගියේ කොහොමද ? උතුම් මව් පදවියේ සංකේතය සුද්දන්ට දමා ගහලා. (ර)
ඔය කියන ඇඳුම නම් සංවිධායකයින්ටම වේදිකාවට විසි කරන්නත් පුළුවන්. (ර)
මේක පොෂ් වැඩක්නේ... ඇයි බනින්නේ... (ර)
දැන් මේ වගේ හැසිරීම් පෙන්නුම් නොකරන තරුණියන් ගොඩේ යන කොට්ටශයට හංවඩු ගැහෙන තත්වයට සමාජය පිරිහිලා ඉවරයි . කොටට අඳින්නේ නැති , මේකප් තලි පිටින් තවරන්නේ නැති, මගේ ඥාති දියණිය පොෂ් මදි සෝෂල් මදි කියමින් යෝජනාවකින් බලන්න පැමිණි ඉන්ජිනේරුවෙකුගෙන් ප්‍රතික්ෂේප වුනේ ගිය සතියේ . (ර)
මහේල සංගා නම කැත කරගත්ත. රටේ සල්ලි සහ ගෞරවය රැකගන්න වැඩ කරලා මොකක්ද මේ කල මෝඩ වැඩේ? තවත් මෙවැනි දේ නොවන්න වග බලාගන්න. (ස)
රටට දීපු පොරොන්දු ඔක්කොම ඉටු කරලද දැන් මේ තන පටයක් ගැන කතා කරන්නේ . අනික බලන්න රටේ දිනකට කාන්තා සහ ළමා දුෂණ කියක් වෙනවද කියල ? ඒවා නතර කරන්න රටේ නිතිය වෙනස් කරන්න . (ස)
තම තමන්ගේ දොනියන්දලා හදා ගැනීම තමන්ගේ වගකීමක් . ඒක සංදර්ශන කාරයන්ටවත් , ආණ්ඩුවටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ ළමයාට වයස 16 වුනත් ෆේස් බුක් ගිණුමක් නැති මට්ටමට අපි ආම් බාම් කරගෙන ඉන්නේ. අන්තිමේ පිට මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ . (ර)
අන්න මේ හැසිරීම් දැක්වූ තරුණියන්ට දොස් කියපු අයටත් ෆේස් බුක් එකේ ගොඩේ කියලා සමහරු බනිනවා. (ර)
වැඩේනම් හොඳයි ජනාධිපති තුමනි. (ර)
මේ වගේ දේවල් ලොකු ප්‍රධාන මාතෘකා වෙනවා කියන්නේ මිනිස්සු වැදගත් දේවල් ගැන හිතන්නේ නැහැ කියල තමා පෙනෙන්නේ. (ර)
පුරුවේ වාසනාවකට අපේ රටේ කෙල්ලෝ උඩින් විතරයි ගලවන්න ගත්තේ ? (ර)
අපේ කෙල්ලන්ට තනපටිය ගළවලා සුද්දන්ට විසිකරන්න තහනම් කියලා අළුතෙන් නීතියක් අරගෙන එමුද? (නි)
පිස්සු හැදෙනවා..... විල්පත්තුව විනාශකරන එකටත් නැහැනේ මෙච්චර අදහස් ටිකක්.... (නි)
මීටකලින් ගල්කිස්ස , හික්කඩුවේ වෙරළ තීරයේ මහා පරිමාණ වෙරළ සාද වලදී අපේ තරුණියන් අඩනිරුවතින් වෙරිවුණ වෙලාවේ කිසිම පියවරක් කවුරුවත් ගත්තේ නැහැ. (නි)
තමන්ගේ ගෙවල් වල බවලතුන් පාලනය කරගන්න බැරි නම් ඒක ඒ අදාළ ගෙදර පිරිමියාගේ ප්‍රශ්නයක්. මගේ දුවෙක් නම් මම හදාගන්නවා මිසක් එයාව නරක්කළේ අසවල් සමාජ රැල්ල කියමින් අනුන්ට දොස් කියන්නේ නැහැ. ක්‍රීඩකයන්ගේ දුවලා ඒගොල්ලන්ගේ තාලෙටත් අපේ දුවලා අපේ තාලෙටත් හදාගනිමු. එච්චරයි. බහුතරයක් ක්‍රීඩකයන්ගේ නෝනලාත් ලංකාවේ සංස්කෘතියට හැදිච්ච උදවිය නොවෙනකොට, ක්‍රීඩකයන්ගෙන් රටේ සංස්කෘතියේ ආරක්ෂාව බලාපොරොත්තුවීම විහිළුවක්. (නි)
හොඳ වැඩකට අපේ සහයෝගය. (ර)
හොඳට කල්පනා කරන්න, ඔය ක්‍රීඩකයන් බහුතරයක් විවාහ වෙන්නෙත් ඔයකියන සිංහල සංස්කෘතියට හැදුනු තරුණියන් එක්කද කියලා. සමහරු විවාහවෙලා ඉන්නේ බටහිර සම්භවයක් ඇති කාන්තාවන් එක්ක. ඒ අයගේ දුවෙක් මේ ටික කළත් ඒ උදවියට ගණනක් නැහැ . එම නිසා අපේ ළමයින් අපි හදාගන්නවා මිසක් අනුන්ට ඇඟිලි දික්කරලා වැඩක් නැහැ. (නි)
ඕවා ඉතින් කොළඹ නෝනලාට කිව්වොත් තමයි වඩාත් හොඳ (නි)
ඉතාමත් හොද යෝජානාවකි . අපේ රට ගැන , සංස්කෘතිය සහ හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම. නැති නම් හරසුන් ජාතියක් ඉන්න රටක් වේවි. (ර)
ඒවා අඳින ඵකත් තහනම් කළා නම් හරිනේ (නි)
සමීර කියනදේට මමත් එකඟයි (නි)
සොයා බලා කටයුතු කලයුතු බොහෝ දේ අමතක කර විනොදාස්වාදයක සිදුවූ සිදුවිමක් පිලිබදව විශේෂ යක් දැක්විම විහිලුවක්. එලෙස සිතනවනම් රට තුල තිබෙන රාත්‍රී සමාජශාල තුල සිදුවන්නේ කුමක්ද යන්න ද නොදන්නවා නොවෙයි. මේවා රැල්ලට කියන කතා. (ර)
චමිලා කියපු කතාවට මමත් එකඟයි. රටේ නීතිය වෙනස් වෙන්න ඕනෑ (නි)
කවුද අසංවර? රටින් ආපු ගායකයාද නැත්නම් අපේ රටේ කාන්තාවන්ද? මම හිතන්නේ ගැටලුව තියෙන්නේ පවුල සහ සමාජය තුලයි. සංදර්ශනය නැවතීම තුලින් මෙම ගැටළු විසඳිය නොහැකියි. (ර)
ඒක නම් ඇත්ත තමයි සමීර (නි)
අනේ මෙහෙමත් නාටක ලංකාවේත් දකින්න ලැබෙන හැටි.... (නි)
දෙකක් ඇඳන් ඇවිත් එකක් ගලවලා විසි කරන්න ඇති. අපි නම් අහුවෙයි ඕවට. (ර)
විදේශීය ගායකයන් ගෙන්වීමේ නම් තේරුමක් නැහැ තමයි (නි)
මඩු වලිගෙන් තැලිය යුත්තේ මේවා පවත්වන්නන්ට නොව මේවා බලන්න යන අයටයි (නි)
ආණ්ඩුවෙන් නැවත්තුවාට මේවා කාන්තාවන් පුද්ගලික මට්ටමින් නවත්වයිද. මම ගිය සතියේ සහභාගී වූ මගුල් උත්සවයේ කාන්තා නැටුම් කණ්ඩායමේ ඇඳුම් වියතයි. (ර)
අන්තර්ජාලයෙන් මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණු බව අපි දැක්කා (නි)
දහස් ගානක් ජනතාව ඉදිරියේ තන පටය ගලවා පිරිමියක් දෙසට විසි කරන්න පුලුවන් නම් තනියම පිරිමියෙක් අහු උනොත්.... (ර)
සංදර්ශනයට ගිය අයටත් එතකොට මඩු වලිගෙන් ගහනවාද?? (නි)
ඇත්ත ජනාධිපතිතුමනි. මොනවාද මේ විකාර? මේවා නවත්වා දමන්න (නි)
දැන් ඉතින් ලංකාවේ ඔක්කොම දේවල් සිද්ද වෙන්නේ ඇමරිකන් රාග - තාල අනුව නිසා මේ කෙල්ලත් ඇමරිකන් ක්‍රමය අනුගමනය කරන්න ඇති .(කෞ)
ඔබ තුමා මෙයට පියවරක් ගන්න. (ර)
මම නම් මේ සිද්ධිය එතරම් ගණන් ගන්නේ නැහැ. (නි)
සංවිධායකයන් මේවා කරන්නේ මේවාට දේශීයව ඇති ඉල්ලුම නිසා නේද? (නි)
අනේද කියන්නේ කියලා තමයි මට කියන්න තියෙන්නේ (නි)
හොඳ වැඩක්. (ර)
තම තමන්ගේ දරුවන් තම තමන් විසින් හදාගත්තා නම් හොඳයි නේද? (නි)
දැන් ලොකු ලොකු පවුල් වල දරුවන් මේවට ඇබ්බැහිවෙලා ඉවරයි (නි)
ජනපතිතුමනි, අනේ ඕවා නවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. රට සෑම අතින්ම විනාශය කරා යමින් පවතිනවා. ඔබතුමා බලයේ ඉන්න කාලය තුළදී මේ රටේ එදා වේල හොයාගන්න බැරුව දුක්විඳින ජනතාව වෙනුවෙන් යමක් කරන්න බලන්න. ඒක ඔබතුමා කරගන්න ලොකුම පින්කමක් වෙයි. (නි)
ගායකයා බලෙන් ගලවන්න ගියේ නෑනේ ඒක. ඔය වග දේවල් ලෝකේ කොහෙත් වෙනවා. (ර)
අද ලෝකය දියුණුයි. කවුරු මොනවා කිව්වත් සත්‍යය අපිට දැනගන්න පුළුවන්. (නි)
අපි නම් කියන්නේ එදා කියපු දේවල් ප්‍රථමයෙන් ඉෂ්ට කරලා ඉන්න කියලයි. (නි)
දැන් ලංකාවේ සංස්කෘතියත් සෑහෙන තරම් පිරිහිලා අවසානයි (නි)
දැන් මේ තරුණියන් දේශපාලනයටත් සුදුසුකම් ලබලා අවසානයි නේද ? (ර)
පිට රටවලින් එන හෙමදේම අපි බදාගන්න ඕනේ නැහැ. මෙහෙම වෙනකොට අපේ රටේ ගැහැණු උදවියට ලොකු ලැජ්ජාවක් දැනෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. (ර)
රටට ගිය කලක්. කවුද වැරදි? කවුද හරි? කොතනද වැරදුනේ? කාටද වැරදුනේ ? කවුද වැරැද්දුවේ? (ර)
නුවන් ඔයා කියන කතාව හරියටම හරි. රටේ දැවෙන ප්‍රශ්න කොච්චර තියෙනවද වේදිකාවට නැගල තනපටි වීසිකරපු ගැන කතාවට වඩා. මීට පස්සේ සංගීත සංදර්ශන වල බෝඩ් ගහන්න තනපටි වීසිකිරිම තහනම් කියලා. (ර)
සම හරක් අයගේ මනස යුරෝපයේ ශරීරය ලංකාවේ ඒ අයට අපේ රටේ සංස්කෘතියට හෙන ගෑහෑවුවත් කමක් නෑහෑ කියලා තමා හිතාගෙන ඉන්නේ ඒ අය අපිට දොස් කියනවා තමයි. (ර)
ලංකාවේ සංගීත ප්‍රසංගයකට අවසානයේ ගියානම්.... (ර)
අද කාලයේ සමහර අම්මලා දුවලාට කියලා දෙන්නේ පොෂ් වෙන හැටි විතරයිනේ . යන්තම් වයස 10 වෙනකොට කොටට කොටේ ඇඳුම් අන්දවලා හැටට හැටේ පාරවල් දිගේ යවනවා. ඊට පස්සේ මොනවා හරි සිද්ධ වුන ගමන් පවතින ආණ්ඩුවේ සහ තුන් ලෝකෙම ඉන්න පිරිමින්ගේ මුතුන් මිත්තන් මතක් කරනවා. (ර)
ඒ ගායකයාටත් ඒ වෙලාවේ කරකියා ගන්න දෙයක් නැතිවුණා කියලා පෙනෙනවා නේද? (නි)
දැන් දැන් ලංකාවේ තරුණියකට විවාහ වෙන්න තිබෙන ඉහලම සුදුසුකම කොටට ඇඳගෙන මේකප් දමාගෙන දකින දකින පිරිමියාට හාදු දෙමින් " සෝෂල් " වීම තමයි. (ර)
අපේ රටේ අය අනිකුත් රටවල හොඳ දේවල් නම් ආදර්ශයට ගන්නේ නැත. තැන තැන කුනු දැමීම වැනි. ඔස්ට්‍රලියාවේ බල්ලන් පාරේ අරගෙන යන්නෙත් හිස් ෂොපින් කවරයක් අරගෙන මගදී මලපහ කොලොත් අර ෂොපින් කවරයට දමාගෙන ඇවිත් කුනුදමන නියමිත තැනට දමනවා. (ර)
ඔය ගැහැණියට (කෙල්ලක් වෙන්න බැහැනේ ) නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද ? (ර)
ඔයින් ගියා ඇති. (ර)
පොඩි කාලේ ඉදන් මේවා ගැහැණු ළමයෙකුට කියලා දෙන්න ඕනේ. (ර)
දැන් මේ ළමයට අනවශ්‍ය මානසික පීඩනයකට ලක් කරන්න එපා. පාසල් තුල ඉදලා විනය කියන්නේ මොකද්ද කියලා ළමයින්ට කියලා දෙන්න. (ර)
එන්රික්ගේ ෂෝ වල තනපටියක් දෙකක් කොහොමත් වේදිකාවට එනවා. මේවා කලින් සෙට් කරලා තියෙන්නේ. (ර)
මේ ෂෝ එක ඉතින් අම්පාරේද තිබුනේ? මම දන්නේ නැති අහන්නේ. (ර)
අගය කල යුතු වැඩක්. (ර)
දැන් ඔය කියන විදියට දේශපාලන රැස්වීමක කවුරුහරි තන පටය ගලවා විසිකළොත් මීට පසු දේශපාලන රැස්වීම් තහනම් කරනවද? (බ)
ඔය ඇඳුම බවලතුන්ට අඳින්න අවශ්‍ය නැහැ කියලා අමුතු විලාසිතාවක ගවුමක් ඇඳන් පසු ගිය පුර්වාදර්ශ සැපයුවේ අපේම ටෙලි නිලියක්නේ. මේ ගායකයාට සහ සංවිධායකයන්ට බැනලා වැඩක් තියේද ? (බ)
මේකේ ලියන කට්ටිය සේරමලම කතා කරන්නේ සංස්කෘතිය ගැන.නමුත් අපේ සංස්කෘතියේ දෙයක් නේද භාෂාව නමුත් අපේ කියන ගුවන් සමාගමේ ගුවන්යානා වල කතාකරන්නේ ඔය කියන සිංහල භාෂාව නෙවේ නමුත් ලෝකයේ අනික් ගුවන් සමාගම් වල පළමු තැන දෙන්නේ ඔවුන්ගේ මවු බසට මේවා හදන්න ඕනේ මුලින් ඔය අපේ කියන සංස්කෘතිය රැකගන්න (බ)
මෙවැනි අසංවර වැඩවලට එරෙහි නොවුණහොත් ඉදිරි දිනක ප්‍රසිද්ධ වේදිකාවමත සළුපිලි උනා දමා නිදිවදින දසුන් දෙසද බලාසිටීමට සිදුවනුඅැත. විශාල ගුවන් හමුදාවක ප්‍රධානියාට තම දියණිය පාලනය කරගැනීමට නොහැකිවීම කණගාටුවෙන් වුවත් සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි.(ම)
සීගිරියේ ඇති සියලු චිත්‍ර අසභ්‍ය බැවින් වහාම මකා දමනු (බ)
සංවිධායකයින්ට මේකට දොස් කියල හරියන්නේ නැහැ. මෙයට පෙරත් ඕනෑතරම් පිටරට ගායකයෝ ලංකාවට ඇවිත් ගිහින් තියෙනවා. ඉදිරියටත් එහෙම ඒගොල්ලෝ යන්ට එන්ට ඕනේ. අපේ සම හරක් රසික රසිකාවියන්ට මෙවැනි සංගීත සංදර්ශනවලදී හැසිරෙන්ට ඕනේ කොහොමද කියල උගන්වන්ට වෙයි. (ම)
නේරු තුමා කියල තියෙනවා ජන නායකයෙකුට අතීතය,වර්තමානය මෙන්ම අනාගතය ගැනද ඉවක් තිබිය යුතුයි කියලා.කෙසේ නමුත් රටේ සංස්කෘතිය එන්ට එන්ටම වෙනස් වෙනවා, ලෝකේ අනෙකුත් රටවල් වගේ.ඒවා නවත්තන්ට මඩු වලිග වලින් නම් අමාරුයි. (බ)
රතු පස්වලට වතුර දුන්නනම් විල්පත්තුවට විසඳුමක් දුන්නනම් හොඳයි (බ)
සංස්කෘතිය තියෙන්නෙ කොහේද ? (බ)
ඔබට පිටරට ගායකයන්ට වඩා අපේ අමරදේව, වික්ටර් නන්ද මාලනි, එහෙම නැත්නම් සන්තුෂ් භාතියලා නැද්ද? ලැජ්ජයි සුපිරි මහත්වරුනේ. (නි)
"ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන" (නි)
එක ඒකිගේ වලත්තකම, ගායකයා කියන එකත් තනපටය අතට අරගෙන ඉඹිනවනේ. මේක තියන්න ඉඩ දීපු එකයි වරද. හේතුව නම් තියෙන්නෙත් සෙෂ් අණ්ඩ ලිව් කියල නේද? ඉතින් සංදර්ශනේ නමේ හැටියට වැඩ කරලා තියෙනවා. (බ)
මීට පසු පිටරට නළු නිලියන් ගායකයන් (ශාරුක්ල බටහිර ගායකයන් එපා ) අපේ දේශීය දේවල් වලින් ප්‍රයෝජන ගන්න, සංවිදායක මහතුනේ (කෞ)
රොෂාන් ගලවන්න දෙයක් නැහැ ..ඒවාට නම් හෙට අනිද්දට නැතිවම යාවි. පසුගිය කාලේ සමහර පළාත්වල උදවිය පත් කර ගත්තු කට්ටිය ගැන මතක් වෙනකොට අපිට එහෙමයි හිතෙන්නේ ! (බ)
සංදර්ශන තහනම් කළා කියලා සමහර කාන්තාවන්ගේ විලි බිය ආරක්ෂා වෙන්නේ නැහැ. ඔය ගැන තැකීමක් නැති බවලති සැමියා ගෙදර නැති අතරතුරේ හරි ඔය හැසිරීම දක්වනවා. (බ)