මීගලෑව වී මෝල් හිමියකු වන මහින්ද කුමාර සිව් හැවිරිදි පුතු දිනිඳු යශේන් ඒකනායක පැහැර ගෙන තුන් දිනක් ගත වු අදත් එම දරුවා ගැන කිසිදු තොරතුරක් නොලැබුණු බව පෙලීසිය කියයි.
අසල ළිඳක් ළඟ ලේ පැල්ලමක් තිබෙන බවට ලැබණු තොරතුරක් සමඟ එම ළිඳ වතුර මෝටර් දමා හිස් කළ නමුත් කිසිත් සොයාගත නොහැකි විය.
පසුගිය 29 වැනිදා යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙක් දරුවා රැගෙන පළා ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මාස හයක්ම ඉන්නේ ?(අ)
අල්ල්ලලා අයුද හොයන්න ගෙනියන්න ඕනේ (අ)
දෙවි පිහිටෙන් දරුවට කරදරයක් වෙන එකක් නැහැ දරුවා ඉක්මනින් ලැබේවා (නදී)
පොලීසියෙන් මීට පෙර වතාවක ප්‍රසද්ධ උනා කනප්පුවෙන් හොරු අල්ලන කතාවක් !පොලිස් සුනඛයෝ සොරු ඇල්ලීමේ සාර්ථක මෙහෙවරක යෙදුනාලු !ඉතින් ඇයි මේ , මුළු සේසතම දෙන්නම් කියාපු පියාට දරුවා ගැන ඉවක් පොලිසියට තවම නැත්තේ !(අ)
මෙයාලට සමාවක් නම් දෙන්නනම් එපා (අ)
දළදාහාමුදුවන්ගේ පිහිටෙන් ඉක්මණට ලැබේවි. ! (අ)
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැක්වරණ ලබා , දරුවා නිරුපද්‍රිතව නැවත ඉක්මනින් දෙමව්පියනට ලැබේවා , මම නිතර පතමි .(අ)
දැන් ඉතින් මේකටත් ආණ්ඩුවට බනින්න පටන් ගනීද දන්නේ නැහැ. දැන් ඉතින් කට්ටිය කියන්ඩ පටන්ගනී බඩු මිල වැඩි නිසා මිනිස්සු කප්පම්ගන්න පුරුදු වෙලා කියලා. (නදී)
තිස්තුන් කෝටියක දෙවියන් මේ රටේ වැඩ ඉන්නවා නම් මේ දරු පැටියා ඉක්මනින් අම්ම තාත්ත ලඟට ගෙනත් දෙන්න දෙවියන්ට පින් අනුමෝදන් වෙනවා. මල් වගේ අහිංසක දරු පැටියගෙන් පළි ගන්න මේ වගේ පාපතරයින්ට ගල් ගහල මරන්න ඕනේ (නදී)
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවා ඉක්මනින් ලැබේවා (නදී)
නුවන් හරි (නදී)
ආරංචියක් තිබෙනවා මීගමුවෙත් තුන් අවුරුදු දරුවෙක්ව පැහැරගෙන කියලා. මේක නම් බලාගෙන ඉන්න හොඳ තත්වයක් නෙවෙයි. මෙහෙම ගියොත් මේ රට කප්පම් කරුවන්ගේ දේශයක් වෙනවා. (නදී)
මොවුන් අල්ල ගත්තත් නීතිය ඉදිරියේ අනුකමපාව ලබා ගනීවි. දැනටමත් අර එක නඩුවකදී වගේ ගැබ් ගත්ත පෙම්වතියක් ලැහැස්ති කරගෙන ඇති උසාවියේ අනුකම්පාව ඉල්ලන්න. (නදී)
කවුරුවත් තරහ වෙන්න එපා මෙහෙම මම කියනවට. මේ අපරාධ කාරයන්ගේ දරු පවුල් ඉන්නවා නම් මගේ නම් කිසිම අනුකම්පාවක් නැහැ. අනුන්ගේ දරුවන්ට ගිනි ගෙඩි දීලා තමන්ගේ දරුවන්ගේ බඩ පුරවන අයගේ දරුවන්ට වත් යා දෙන්නේ නැහැ. (නදී)
මේවා කවුරු කරන නරුම වැඩද (දී)
දැන් එන්න එන්න අපරාද වැඩියි. දරුපැටියට මොනවා වෙයිද? (නදී)
අහිංසක දරුවා බේරගන්න. ගම් වැසියනි ඉක්මන්කරන්න (නදී)
මම නම් හිතන්නේ ඕක, පිට සක්වල ජීවීන්ගේ වැඩක් වෙන්න ඇති?මොකද එංගලන්තේ එහෙම උනත් ලංකාවේ ඔහොම වෙන්න බැරි නිසයි?? (දී)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කලොත් හොද නැද්ද (දී)
නුවන් මේ වගේ අපරාධකාරයන් නැති කරන්නම ඕන. හොදම ක්‍රමය ආයුද පෙන්නන්න අරගෙන යෑම.ඒත් ඉතිං එතකොට රට විකුණලා බඩ වඩාගන්න වසංගත එන්.ජී.ඕ. නිලධාරි නඩය සහ බංකොලොත් දේශපාලන නඩය කිඹුල් කදුළු හෙලන්න ගන්නවා නේද? (දී)
අපේ රටේ පවතින්නාවූ නිර්මල බුදු දහමට නිගාවෙන මෙවැනි තිරිසන් ක්‍රියා හෙලා දකිමු. (දී)
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවා ඉක්මනින් ලැබේවා (දී)
අහිංසක දෙමාපියනට උහුලන්න බැරි ගින්දර දීලා දරුවන් පැහැරගෙන යන තිරිසන් මිනිසුන්ට හොඳක් වෙන්න එපා. (නි)
දරුවා සොයාගන්න මුලු රටම මේ ගැන දැනුවත් කරන්න. (නි)
ලේ පැල්ලම ළිඳ ගාවට ආ කවුරුහරි කූඩැල්ලෙක් කාලා වෙන්න බැරිද? මේක හරියට පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්නේ (නි)
කොහොම හරි ළමය හම්බ උනානේ ඒ ඇති. (නදී)
තරුණයන් හතර දෙනෙක් යතුරුපැදි දෙකකින් පැමිණ පැහැරගෙන යාමත්, එම යතුරුපැදි දෙක සොයාගෙන තවත් යතුරුපැදි දෙකක් පැමිණීමත් ඇසින් දුටු සාක්ෂි වලින් හෙළිවේ.දේශපාලන හෝ කුඩු එතොන්ල් සම්බන්ධයක් නැතුව මෙතරම් සංවිධානාත්මක ලෙස මෙවැන්නක් කරන්න අපහසුයි. (නි)
දරුවා සෙවීමට, මීට වඩා මහජනතාවගේ සහය ලබාගත යුතුය. හමුදාව යොදවා සෙවීම වඩාත් සුදුසුයි (නි)
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවා ඉක්මනින් ලැබේවා (අ)
අහිංසක දරුවන් මෙලෙස වදයන්ට හෙළීම අහස පොලොව නුහුලන අපරාදයක් බව මේ තිරිසනුන්ට නො වැටහීම ජාතියේම අවාසනාවක් ! කාට කියන්නද නිතිය හරියට නැති රටක ජනතාවකට ...අබ සරණ තමා ! (අ)
මෙවැනි හොරුන්ට එල්ලුම්ගස නියම කළයුතු කාලය පැමිණ ඇත. මේගැන වගකිව යුත්තන් බලා සිටින්නේ මෙහි දළු එනතුරු ද? (අ)
මම හිතන්නේ මුළු ලංකාවම දන්නා මේ අහිංසක දරුවාගේ කතාව අහන සියලු දෙනාම දරුවා ගෙනිච්ච්ච හොද ජාතකයක් නැති තිරිසන් මිනිසුන්ට හැම දෙනාගේම දුකෙන් ඉපදෙන ශාපය වදිනවා. ගෙනිච්ච තිරිසනුන්ට පෙනී පෙනීම දඩුවම් ලැබේවා. කිසිම කරදරයකින් තොරව දරුවා ඉක්මනින් ලැබේවා! (නදී)
මේ ළමයා මව ගාව වෙන්න ඇති. ඉස්සෙල්ලා මේ පවුලේ මව කොහෙද කියල සෙව්වොත් නරකද. (නදී)
සමන් දෙවි සහ සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවා ඉක්මනින් ලැබේවා (නදී)
රටේ අපරාධ රැල්ල නැවත වැඩි නම් මාස 6න් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්ඩ ඔිනා (අ)
රටපුරා අංජනම් පේන බලන්න තැන් තියෙනවා. මේවාගෙන් පිහිටක් ලබා ගන්න බලන්නේ නැද්ද (නදී)