ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙන අද (8) ඊට විරෝධය දක්වමින් හිනිදුම ඇතුළු ප්‍රදේශ කිහිපයක කළු කොඩි ඔසවා තිබිණි.
මනම්පිට, ගොඩඅමුණ, මත්තක, බංගමුකන්ද ආදී ප්‍රදේශ කිහිපයක හා කතරගම ස්ථාන කිහිපයක මෙසේ කළු කොඩි ඔසවා ඇති අයුරු දක්නට ලැබිණි.
සංවිධාන කිහිපයක එකමුතුවෙන් අද සවස කොළඹදී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට රජයට සහ ජනාධිපතිට විරුද්ධව විරෝධය පල කිරීම තමා කළු කොඩි දමා සාමකාමිව කරන්නේ (බ)
තව ටික දවසකින් ජනතාවට සුදු කොඩි දාන්නත් වෙයි බලන්නකෝ (අ)
මම පිට රටක ඉන්න කෙනෙක්. අපිට පේනවා ලංකාව ඉස්සරහට නෙවි පස්සට දැන් ගමන් කරන්නේ. කොළඹ ගිය අවුරුද්දේ හරි ලස්සනට තිබුණා. හැබැයි දැන් කුණු පිරුන මුඩුක්කුවක් වගෙයි . (ස)
අද කළු කොඩි දාන්නවත් නිදහස තියනවා . එදා දැම්මනම් කොහොමද? (බ)
පැත්තක් කළු කොඩි දානවා , පැත්තක් සුදු කොඩි දානවා. හැබැයි ජනතාවට ඔය කොඩි දෙවර්ගයම දැන් අවුරුදු හැටගානක් තිස්සේ කොඩිවිනයක්. ඒ හින්දා එන්න අපි රතු කොඩියක් දාමු. (ර)
කළු කොඩි ඔසවන්නේ බඩු මිල වැඩිවීම නිසාමද ? (ර)
ඇත්ත තමයි බෙන්තර මහේෂ්, කොහෙද අපේ මිනිස්සු වෙනස් වෙන්න කෑමති නැහැනෙ. 67 වසරක් තිස්සෙ මෙ ලැබිලා තියෙන්නෙ. කියන්නෙ කැපුවත් කොල. කැපුවත් නිල්, කියලා විතරයි. රටට මොනා උනත් කමක් නැ. (ර)
මම ස්වාධීනව දෙයක් ලියන්නම් .මෙතුමා ජනාධිපති වුනේ හිටපු ජනාධිපතිතුමා නීත්‍යනුකුලව පවත්වපු ජනාධිපති වරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබමින්.ඒක ජන වරමක්. විවිධ අදහස් ඇති දේශ පාලකයින් තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ කරයි. නැතිව රට ගැනවත් ජනතාව ගැනවත් හිතා මෙවැනි දේ කරනවා නොවෙයි (බ)
කළු කොඩි දාන්න තරම් රටේ ප්‍රශනයක් තියනවද? (ම)
යහපාලනයට වසරක් පිරෙනකොට රට වසර දහයක් ආපස්සට ගිහින්. ඕක තේරුම් ගන්න බැරි අයට රට ගැන මොන හැඟීමක්ද? (නි)
මීට කලිනුත් ලංකාවේ ජනාධිපතිවරු මාරු වුනා. පදවි ප්‍රාප්තිත් මීට වඩා උත්කර්ෂවත් විදියට සද්දේ දාලා සැමරුවා. ඒත් පදවි ප්‍රාප්තියකදී කිසිම විපක්ෂයක් කළු කොඩි දැමූ බවක් මකත නැහැ. මේක තනිකරම තමන්ගේ උවමනා එපාකම් ඉටු නොවීම නිසා කරන වැඩක් බව පේනවා. (ර)