ප්‍රංශ හා කැනඩා ජාතිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් තුන් කෝටියක් වංචා කළැයි කියන හය දෙනෙක් රහස් පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
මෙම කාඩ් හා හොරට හැදීම සඳහා යොදා ගත් යන්ත්‍ර සමග දෙදෙනකු ප්‍රංශයට හා කැනඩාවට පැන ගොස් ඇතැයි ද, ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එහි ජීවත් වෙතියි ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔවුන් අත්අඩංගුවට ගනීමට පියවර ගන්නා බව ද පොලීසිය කීවේය.
ආනන්ද රූබම් කුලදීපම්, රත්නසිංහම් ජයහරන්, ජයචන්ද්‍රන් බාලේන්ද්‍රන්, බාලසිංහම් විජේදාසම්, කනපතිපිල්ලේ කෝවලන් හා සිවරාජිනී සිවදර්ශනී ඔවුහුය.
ඔවුන් අත්අඩංගුවට ගනිද්දී රුපියල් දස ලක්ෂයක් පමණ සොයා ගත් බවත්, ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් අසූ ලක්ෂයක් පමණ තුබූ බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරුවන්ගෙන් සිව් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගනු ලැබූහ.
වැඩිදුර විභාගය 23 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ රටවලට හොඳ පාඩමක්. අපිට මානව හිමිකම් කියකිය වැට බන්දිදී. එල් ට් ට් ඩයස්පෝරාවට පුරවැසි කම දීල ඉල්ලන් කනවා. මේ මුදල් තමයි ඩයස්පෝරාව පාවිච්චි කරන්නේ ලංකාවට එරෙහිව.(නදී)
නරක වැඩ කරනකොට බොහෝ ඉංග්‍රීසි පත්තරවල පළකරන්නේ "ශ්‍රී ලාංකික" කියල. ලොවම දන්නවා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති "ක්‍රෙඩිට් කාර්ඩ්" හොරු දමිල ජාතිකයෝ කියලා. මගේ කැනඩාවේ ඉන්න අහිංසක දමිල මිත්‍රයෝ ඉන්නේ මේ ගැන කනස්සල්ලෙන්. ලංකා ගුවන් ගමන් බලපත්‍රයේ ජන වර්ගය සඳහන් කරන්න කාලයයි.(නදී)
නම් වලින්ම පේනවනෙ මුන් කවුද කියලා. සඟවපු ආයුධ පෙන්නන්න අරගෙන ගියානම් හරි.(නදී)
නියම මොළ කාරයෝ.(නදී)
මුරුගා,මහෙශ්වරන්, මෙන්න ශ්‍රීලාංකිකයන්ගේ වැඩ. නුඹලාගේ මෙවන් මහා වංචාකාරයෝ අසුවූදාට පොදුවේ ශ්‍රී ලාංකිකයෝවෙයි. පසුව අපව මරණ,අතුරුදහන් කරන බව කියා සුද්දාගේ ඉදිරිපිට වැදවැටෙන විට ඔබලා ශ්‍රීලාංකික දමිළ සරණාගතයෝවෙයි. ඔබ දෙදෙනා මෙන්ම දමිළ බහුතරයක් මා ඉහතකී දෙයාකාරයටම අපරට අපහාසයට ලක්කරයි.(නදී)
"ක්‍රෙඩිට් කාර්ඩ්"අයිතිකාරයා බැංකුවට කිව්වම එය නෙමෙයි මේ සල්ලි ගත්තේ කියලා, එයාටවත් බැංකුවටවත් කිසි පාඩුවක් නැහැ(එයාල ඉන්ෂුවරන්ස් වෙලා තියෙන්නේ). ලංකාවේ බැංකු වලට තමා එතනත් ප්‍රශ්නේ. ඉන්ෂුවරන්ස් එකට තමා ගෙවන්නේ වෙන්නේ. (නි)
ජන වර්ගය සඳහන් කිරීම ඉතා අවශ්‍ය දෙයක්. මම නම් කොහොමත් අවශ්‍ය හැම තැනකදීම ශ්‍රී ලාංකික, සිංහල යනුවෙන් සඳහන් කරනවා. මෙය හැම කෙනෙක්ම පුරුද්දක් කරගත යුතුයි. (ස)
මේ හය දෙනාගේ සල්ලි මොනවට ද වියදම් කලේ කියල හොඳට හොයල බැලිය යුතුයි. අනිවාර්යයෙන්ම ජාති වාදීන් මෙයාලා.(නදී)