පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘තණි කකුලක් පමණක් ඇත. තනි කකුල රුපියල් 100‘ යනුවෙන් එහි දැන්වීමක් ද තබා ඇත.
එක සපත්තුවක් පමණක් විකිණීමට ඇතත් එහි නිරන්තරයෙන් පාරිභෝගිකයන් වට වී සපත්තු තෝරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කිසිම රටක දකින්නට නොලැබෙන දසුනකි මේ තනි සපත්තු අළෙවිය (නි)
මගේ නැතිඋන සපත්තුවේ අනෙක තියෙනවද දන්නේ නැහැ (දී)
තනි කකුලෙන් නැගිටින්න උත්සහ කරන්න ඕන කියල කතාවක් තියෙනවනේ. මේ කට්ටිය එහෙම වෙන්න උත්සහ කරන්නේ. (දී)
ලැජ්ජාවේ බැහැ මිනිස්සු තව තොරනවත් එක්ක (දී)
මගේ ජිවිත කාලෙටම මෙවැන්නක් දැක්කාමයි (දී)
රොෂාන් කියුව වගේ ලෝකෙම මවිත කරනවා (දී)
මේවා පාවිච්චි කරපුවද නැත්නම් තොග අවසන් කිරීමේ මහා සේල් ද (දී)
භයානකයි යාළුවගේ සපත්තු පරිස්සම් කර ගන්න එකක් නැති උනොත් මෙන්න හොයා ගන්න තැන (දී)
අනිත් කකුල රත්මලානේ ගොළුමඩම හන්දියේ තියනවා විකුනන්න (දී)
මිනිහෙක්ට කකුල් දෙකක් තියෙන්නේ තනි සපත්තුවෙන් යන්නද (දී)
මෙතනින් කැමති එකක් තෝරගත්තට පස්සෙ කඩේ ඇතුලින් ඒකේ අනික් කකුල ගන්න පුළුවන් 1400/- (දී)
තනි කකුලක් තෝරන්නේ අවුරුද්දට බට්ට පනින්න වෙන්න ඇති. (දී)
මම හිතන විදියට මෙතනින් තනි කකුලක් අරගෙන කවුරුත් යන්නේ නැහැ. හැමෝම බලන්නේ කොහොම හරි ගැලෙපෙන සපත්තු ජෝඩුවක් අරගන්න රු 200 කට. ඒක තමයි ඇත්ත. තනි කකුල කියල ගහලා තියෙද්දිත් මෙච්චර පොරකාකා බලන්නේ කීයක් හරි ඉතුරු කර ගන්න. ලොකු මහන්තත්ත කම තියන අයට මේවා මැජික්. මේක තමයි බහුතර අපේ ජිවිත කතාව. මෙතන අදහස් දාල තියන අය ඔක්කොම හොඳ සල්ලි කාරයෝ වගේ. (දී)
නලින් කියලා තියෙනකතාව සියයට දෙසියයක්ම නිවැරදි (දී)
ඔව් නලින් මාත් හිතන්නේ ඒ විදිහට.ඕක තමා තිත්ත ඇත්ත.(දී)
නලින් කිවා වගේ හුගක් අයගේ කදුළු කතාවේ එක දර්ශනයක්! (දී)
ඇති නැති පරතරය කොතරම්ද කියලා මෙයින් පෙනෙනවා. තනි සපත්තුව රු 100 ට ගන්න රටේ සමහරු ඩොලර් 15000 වටිනා සපත්තු දානවා. ඕකට තමා කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා (නි)
ලසන්ත වගේ පිටරට ගිහින් සුද්දන්ගේ සපත්තු ලෙවකනවට වඩා තමන්ගේ නැතිබැරිකම තියාගෙන නම්බුකාර විදිහට මේ රටේ ඉඳගෙන තනි සපත්තුවකින් හරි ඇවිදින එක ගෞරවයක්. ඔයා සල්ලි උඩ පීනුවත් ඔයා ඔය රටේ ඉන්නේ තුන්වැනි පුරවැසියෙක් හැටියට. මුදල් වලින් ඔයා වැහුණත් ඔයාගේ හිතේ තියෙන අසහනය, ගැතිකම, යටහත්භාවය සහ විශේෂයෙන්ම දුරස් වූ ආත්ම ගෞරවය කවදාවත් මේ රටට එනතුරු ඔයාට ලැබෙන්නේ නැහැ. (නි)
සමහරුන්ට මේක අවුරුද්දේ සුභ පණිවුඩයක් වේවි. (නි)
නලින්, මම ඔබ සමග සියයට දාහක් එකඟයි.පම්පෝරි ගැහුවට මේක තමයි ශ්‍රී ලංකාවේ තිත්ත ඇත්ත (නි)
මේ ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් ඕනෑ (නි)
මෙන්න අපගේ මිනිසුන්ගේ යතාර්ථය. (නි)
නලින් හරි. හැබැයි ඇඹිලිපිටියට වැරදුනු එක තැනක් තිබෙනවා. පිටරටවල ඉන්න හැමෝම අසහනයෙන්, ආත්ම ගෞරවයක් නැතුව ඉන්නේ නැහැ. පිටරට කියන්නේ මැදපෙරදිගට හෝ කොරියාවට පමණක් නොවේ. විශේෂයෙන් වෙනත් රටවල ඉතා උසස් රැකියාවල් කරමින්, කිසිම අසහනයකින් තොරව එම රටවල වැසියන්ගේත් ගෞරවය ලබමින් සිටින පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අපි කතා කරනකොට පොදු පද භාවිතා කිරීමේදි ප්‍රවේශම් වියයුතුයි. (නි)
"ලෝකයේ කිසිම රටක දකින්නට නොලැබෙන දසුනකි මේ තනි සපත්තු අළෙවිය" නැහැ. අනික් කකුල වෙන ගොඩක තිබෙනවා. ඒක රුපියල් 900 යයි (නි)
ලාබෙට ලැබෙනවා නම් තනි කකුල වුණත් කමක් නැත.( දාගන්න නොව බල බලා ඉන්න) (නි)
මුදලාලි කොක් පරම්පරාවෙන් පැවත එනවා වෙන්න ඇති.(නදී)
අනිත් කකුල් කොලඹ හරි ගාල්ලේ හරි ඇති. මේක ආනයන ටැක්ස් සෙල්ලමක්.(නදී)
නලින් ගේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මම නම් හිතන්නේ මේ එන අය බලන්නේ හොඳ "බ්‍රෑන්ඩ් නේම්" එකක්[නයික්, පුමා, අධිදාස්] තිබෙන සපත්තු දෙකක් සොයාගන්න වෙන්න පුළුවන්. හොඳ නමක් තිබුනත් එකිනෙකට වෙනස් සපත්තු දෙකක් දාගෙන විහිළුවක් වෙනවට වඩා පරණ පාවහන් විකුණන තැනකින් ගැලපෙන දෙකක් දාගෙන ගියොත් වඩා හොඳයි නේද ? ඇඹිලිපිටිය මහතාගෙන් අහන්න තියෙන්නේ ළමයෙක් ඉස්කෝලේ දාගන්න තැන ඉඳල, රැකියාවක් ලබාගන්න තැන ඉඳල, මුළු ජිවිත කාලයම නුගත් දේශපාලඥයන් මත යැපෙන එක, අල්ලස් දීල වැඩ කරගන්න එක ආත්ම ගරුත්වයක් ඇතුව ජිවත් වෙන එකද කියලා. මම හිතන්නේ නැහැ ලසන්ත මහත්මයා ඉන්න රටේ මේ වගේ නිවට වෙන්න ඕන කියල තමන්ට අයිති දේ ලබාගන්න.(නදී)
මම හිතන්නේ මෙතන අදහස් දාලා තියෙන හුගක් අයගේ ලෝකය පිලිබද දෑනුම අල්පයි. මෑද පෙරදිගට සැවොම යන්නේ වලන් හෝදන්න වාහන එලවන්න කුනු අදින්න පමනක් නොවේ. මා අවුරුදු 13 පමන සෞදියේ සේවය කරමි, මා යටතේ සෞදි ජාතිකයන් ඇතුලු අනෙක් විදේශිකයන් සැලකිය යුතු ප්‍රමානයක් සේවය කරයි. කලමනාකරුවන්,ඉන්ජිනෙරුවන් , වෛද්‍යවරුන්, තාක්ෂනික ශිල්පින්). මා මෙන්ම තවත් ශ්‍රි ලාංකිකයින් ප්‍රමානයක් මෙරට ඉතා ගෞරවාන්විතව සේවය කරන බව හොදින් දනිමි. ඒ සැවොම වෙනුවෙන් මෙය ලියා තබමි. ශ්‍රි ලාංකිකයෙකු වීම මට ආඩම්බරයකී.(නදී)
ලංකාවේ එළවලු ග්රෑම් 100 විකුණන එකේ තනි කකුලට සපත්තු විකිණීම එතරම් පුදුම වෙන්න දෙයක් නොවේ. (ස)
මෙතනින් පෙන්වන්නේ ලංකාවේ තියෙන බාල/පහත් බඩු විකිණීමේ තත්වය. අපේ හැම අයෙක්ටම හොඳ දේවල් භාවිත කිරීමට ඉඩ තියෙන්න ඕනේ. එහෙත් හැම හොඳ දෙයක්ම පිටරට යවල පහත් තත්වයේ දේවල් ලංකාවේ විකුණන්න ඉඩ දෙනවා.ප්‍රමිති සමගම නිදිද? ලංකාවේ ජනතාව ප්‍රමිති සමාගමට පඩි දෙන්නේ පහත් තත්වයේ බඩු ලංකාවේ විකුණන්න ඉඩ දෙන එකටද? (ස)