ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනකු කටුවන හැඳිවත්තේ දී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලම්පිටියේ අමරේ. (ජී.ජී. අමරසිර) වලස්මුල්ල මහේස්ත්‍රාත් උසාවියේ දී අද සාක්කිකරුවන් විසින් හඳුනා ගනු ලැබීය. වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එල්. හේරසිංහ මහතා ඉදිරියේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සාක්කිකරුවෝ තිදෙනෙක් ම හඳුනා ගනු ලැබූහ. හඳුනා ගැනීමට නොහැකි වූයේ එක් අයකුට පමණි.