නියෝජ්‍ය ඇමැතිවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ලසන්ත අලගියවන්න සහ එරික් වීරවර්ධන සිය තනතුරුවලින් අද ඉල්ලා අස්වූහ.
මෙම තිදෙදෙනා ඉල්ලා අස්වී ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පසුගිය (14) වැනිදා කළ විශේෂ ප්‍රකාශයෙන් ශ්‍රිලනිපයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සිදු වි ඇති බරපතල අවමානය හා හානියක් වී යැයි කියමිනි.
වීඩියෝ - ඉෂංක සුනිමල්
වීඩියෝ - සනත් ඩෙස්මන්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතෝල වගේ අය හිටිය කියල රටට බරක් මිසක් වෙන මොනවද ලැබෙන්නේ .(ස)
මේ අයට ඇමතිකම් තිබුනාට කිසිම රහක් නැහැ. නිකම්ම නිකම් පතෝල වගේ. නැති එකමයි හොඳ. (නදී)
ජනධිපතිතුමා කිව්වේ ඇත්ත.(හේ)
වෙලාවේ හැටියට ඔයින් ගියා ඇති. අම්මප ලක්ෂ්මි, ඔය යලට - මහට දෙකටම නැති කෙනා වෙලා බිමට වැටෙනවා, වටෙනවාමයි. (ස)
හරිම පාඩුවක්,,(ස)
මෙයාලව විශ්වාස කරන්න බැ. වහ වෙනස් වෙන සුළුයි .(හේ)
මේ අය මොනවද කරලා තියෙන්නේ.(හේ)
හිටියත් වැඩක් නෑනේ.(හේ)
මෙන්න මේ ගොල්ල තමා ඡන්දෙන් පස්සේ ජාතික ආණ්ඩුව හදන්න රනිල් එක්ක එකතුවෙන්නේ (ස)
තාමත් අපේ මිනිස්සු ඉන්නේ අතීතයේ. අපිට වෙලා තිබෙන හෙණය තමා, තාමත් අපි පක්ෂ පාට වලට ගැතීවී සිටීම.අද අවශ්‍ය වන්නේ සාපේක්ෂව හොඳ උගත් බුද්ධිමත් පිරිස ඉන්න මොන පක්ෂයකට හරි රට බාරදී ,රට ඉදිරියට ගෙනයාමට උදව් කිරීම. අපි පක්ෂය නිසා අතරමං වුණොත් රටේ අනාගතය අඳුරට යාම වැළැක්විය නොහැක. (නි)
ජනපතිගේ කතාව මුළු ලංකාවම අනුමත කරනවා. ඔහු කිවුවේ ඇත්ත (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
මේ තුන්දෙනාට ඇමතිකම් තිබුණා නම්, අඩු වශයෙන් මහා මැතිවරණය ඉවරවෙනකම් වත් ඒ ජොබ් වල හිටින වග සහතිකයි. මොනා කරන්නද? ගිය එකා ඔහේ යාපු දෙන් කියලා රටේ වැඩ වෙනදා විදියට කරගෙන යන එකයි තියෙන්නේ යහපාලන රජයට....(හේ)
මේවට කිව යුත්තේ ලජ්ජා නැති වැඩ කියලා. වාසි ලැබෙන පැත්තට හිතෙන හිතෙන වෙලාවට හැරෙනවා. (හේ)
ලැජ්ජයි කරපු වැඩේනම්.(හේ)
උප ඇමැතිකම් පාර්ලිමේන්තුව විසිරුවාම අහෝසි වෙනවනේ. කැබිනට් ඇමැතිධුර විතරයි ක්‍රියාත්මක.(හේ)
ප්‍රමාදවෙලා හරි ඇත්ත තේරුම්ගත් එක හොඳයි (නි)
සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවමන් කරගත්තේ , එහි සිටි අය විසින්මයි. (නි)
යන එක හොඳයි. කමක් නැහැ යන්න. (නි)
ශ්‍රී ලංකා එකේ අය කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඕනෑ (නි)
පුලුවන් නම් කියන්න,එයාලා මොනවද රටට කරලා තියෙන්නෙ? (නි)
මට නම් කිසිම දුකක් නැහැ (නි)
ඔයාලට උන්ඩුකපුච්චය තියන බව ඔප්පු කළාට හරීම ආඩම්බරයි. (ස)
සමහරුන්ට ඉතින් ඇමතිකම් දුන්නට ඒවාට කළගුණ සළකපු හැටි නම් හරිම අපුරුයි. පින නැත්නම් ඉතින් අපි මොනවා කරන්නද? (නි)
දේශප්‍රේමීන් වන ඔබට මගේ ආචාරය! (නි)
අයියෝ! හරිම දුකෙන් වගෙයි (නි)
සමහරුන්ට නම් කිසිම දෙයක් තේරුම්ගන්න බැහැ වගෙයි කියලා අදහස් වලින්ම පෙනෙනවා (නි)
මගේ 52 වසරක දේශපාලන ජීවිතයේ මම අහපු හරවත්ම කතාව තමයි ජනාධිපතිතුමගේ ඒ කතාව. මෙන්න පරිණත දේශපාලනය. දැන්වත් ඔය බලයට කෑදරව උඩ පනින පිරිස මෙතුමාගේ දර්ශනය ඉදිරියට ගෙනියන්න. රට නඟා සිටුවන්න උදව් කරන්න. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට... (නි)
කොන්දක් තිබෙන බව ඔප්පුකල ඔබට තුති. (අ)
ඕකට කියන්නේ නරිය රජ වුණා කියල. (ස)
ශ්‍රී ලංකා කාරයෝ කවදාවත් එජාපෙට ඡන්දේ දෙන්නේ නෑ (අ)