IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තිදෙනෙකුගේ මරුවා පොලිස් රියෙන් එයි

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ  නිල ජිප් රිය පුත්තලම කරිකච්චියේදී අද අළුයම ත්‍රී රෝද රියක ගැටී එහි ගමන් කළ තිදෙනෙකු මිය ගිය බව පොලිසිය කියයි.

මේ තිදෙනා එකම පවුලේ බවත් වාහනය සහ රියදුරා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

 



අදහස් (0)

තිදෙනෙකුගේ මරුවා පොලිස් රියෙන් එයි

දොන් පෙරේරා Sunday, 15 December 2013 07:30 AM

බොහොම කණගාටුයි. පොලිස් වාහන සහ දේශපාලුවන්ගේ වාහන වලට නීතියක් නැත. (නදී)

:       0       0

සදුනි Sunday, 15 December 2013 07:39 AM

පොලිස් උත්තමයාගේ රියේ හැපිලා මැරුණු මිනිස්සු කරලා තියෙන්නේ බරපතල වරදක් බව අද නැත්නම් හෙට පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමා කියාවි. කොහොමටත් අපේ රටේ පොලිසියේ ඇත්තෝ වැරදි කරාවිද? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 07:44 AM

නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද? (නදී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 15 December 2013 07:57 AM

දැන් "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" වගේ වැඩක් වෙයිද දන්නේ නැහැ. නීතිය රකින්න වග බලා ගන්න අයත් ඔහොම නං වෙන අය ගැන කුමන කතාද? (නදී)

:       0       0

අල්විස් Sunday, 15 December 2013 08:07 AM

මම හූන කියනවා වාගේ කියන්නම්. මේ සම්බන්දව පත්තරේ යන අන්තිම වතාව. මීට පස්සේ මේ ගැන කිසිම දෙයක් පත්තරේ වැටෙන්නේ නැහැ.(නදී)

:       0       0

ජයතිලක Sunday, 15 December 2013 08:16 AM

අවසානයේ ත්‍රී රෝද රථ රියදුරා වරදකරු වෙයිද? (නදී)

:       0       0

නිමල් ලලිතා Sunday, 15 December 2013 08:20 AM

ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී තුමා මහත්මයෙක් වුවහොත් සාදාරනය ඉටුවේවි. මහත්තයෙක් වුනොත් මට කියන්න තියෙන්නෙත් අමිල සහ ජගත් ලියනගේ මහත්වරු කියන දෙයම තමයි.(නදී)

:       0       0

කුමාර් Sunday, 15 December 2013 08:51 AM

මේ අයට මේ වුන දෙය ඵල දේවි.(නදී)

:       0       0

අල්විස් Sunday, 15 December 2013 08:56 AM

තුන් දෙනෙක් මියයන්ට තරම් දරුණු රිය අනතුරක් නම් ඒක මාරක රිය අනතුරක් නේ. තව විස්තර දෙන්ට. එතකොට යමක් ලියන්ට පුළුවන්. අද අලුයම් වේලේ ඕක දැකපු කෙනෙක් ඉන්නවනං සාක්කියක් හරි කියයි.(නදී)

:       0       0

කුසුම් Sunday, 15 December 2013 08:57 AM

අනේ මැරිච්ච තුන්දෙනාවත් අත් අඩංගුවට ගත්තද දන්නේ නැහැ.(නදී)

:       0       0

කුසුමාවතී Sunday, 15 December 2013 09:27 AM

මේ තරම් අලුයම් කාලයේ ඔය නිලධාරියා ගියේ කොහිදැයි යන්න මා හට ගැටළුවකි(නි)

:       0       0

සුපුන් Sunday, 15 December 2013 09:30 AM

බලන්න, මෙය සිදු වී ඇති වේලාව...? (නි)

:       0       0

තිලක් බායි Sunday, 15 December 2013 09:59 AM

මේවා මෙහෙම වෙන්න රටේ නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නැති හින්ද නේද.?(දිල්)

:       0       0

ධම්ම Sunday, 15 December 2013 10:12 AM

මේ තුන්දෙනා මියගොස් ඇත්තේ පුත්තලම කච්චේරියේ තිබු පොලිස් ජීප් රියේ ත්‍රි රෝද රිය හැපීමෙන්. (දිල්)

:       0       0

ගමගේ Sunday, 15 December 2013 10:31 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ මේ අවනඩුව. විනය දැන් කළු නික වගේ වෙලා (දිල්)

:       0       0

ජයන්ත Sunday, 15 December 2013 11:45 AM

මොවුන් තිදෙනා පොලිස් ග්‍රහයෙන් බේරී යනවිට මේ අනතුර සිදු වන්න ඇති (දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 15 December 2013 12:16 PM

එදා මහජන ආරක්ෂාවට පොලිසිය. අද පොලිසියෙන් මහජනතාව ආරක්ෂා විය යුතු වෙලා. කලි යුග කාලෙ පටන් අරන්.(නදී)

:       0       0

ශාන්ති Sunday, 15 December 2013 12:21 PM

අසරණ ජිවිත තුනක් ? නිතිය රකින්ඩ ඉන්න අයම නිතිය කඩනවා නම් තවත් මොන කතාද . මිය ගිය අයට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 15 December 2013 12:37 PM

මේ ප්‍රතිචාර දැක්කම අනේ අපොයි කියල හිතෙනවා. කට්ටිය නඩු අහලා තීන්දුවත් දීලා. රිය අනතුර පාර්ශව දෙකෙන් ඕනෑම කෙනෙකුගේ වරදකින් සිද්ද වෙන්න පුළුවන්. මේ සිදුවීම පිලිබදව හරියටම දන්නේ නැතුව කොහොමද කෙනෙකුට වරද පට වන්නේ. ත්‍රී වීල් රියදුරන්ගේ අපරික්ෂකාරී රිය පැදවීම් වලින් සිදුවන මාරක අනතුරු අපි ඕන තරම් දැකල තියෙනවා.රාත්‍රියේ පාර අයිනෙන් බයිසිකලේ ගිය මාව පිටිපස්සෙන් හප්පන් ගිය ත්‍රී වීල් කාරයෙක් නිසා මාත් සති ගානක් දුක් වින්දා. අනතුර සිදු වූ ආකාරය දන්නේ නැතුව බලවත් පුද්ගලයෙක් වූ පලියට ඔහු පිට සියලු වරද පටවන්නේ හදන්නේ නැතුව වරද කා අතද කියල පරීක්ෂණ වලින් හෙළි වනතුරු ඉදිමු. මේ වගේ අනතුරක සත්‍ය තත්වය කාටවත් වසන් කරන්න අමරුයි. අසාදාරනයක් සිදුවෙනවානම් සත්‍යය වසන් කරනවා නම් එ ගැන මාධ්‍ය මගින් අනාවරණය වෙනවා අනිවාර්යයෙන්ම.(නදී)

:       0       0

රුචිර Sunday, 15 December 2013 01:56 PM

රිය අනතුරු මිනිස් ඝාතන සේ සලකා නඩු පවරන දාට අනතුරු අඩු කර ගත හැකියි (දිල්)

:       0       0

ගමගේ Sunday, 15 December 2013 02:39 PM

මහත්වරුනේ මම ඉන්නේ මැදපෙරදිග රටක. මෙහේ නම් තත්වය හරිම වෙනස්. පොලිස් කරයා තියා කවුරු උනත් වාහනේ එලවද්දී අනිත් වාහනවලට මර බයයි. හැම තිස්සෙම හිතන්නේ අනිත් මිහිහා වැරදි කරාවි එම නිසා මම පරෙස්සමෙන් යන්න ඕනා කියාලා තමා. අනික පාරේ ඇවිදින අයට නම් මෙහෙ රියදුරෝ පුදුම බයක් තියෙන්නේ. පාරේ හිටන් හිටියත් නවත්තලා යන්න කියනවා.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Sunday, 15 December 2013 05:49 PM

තිලක් - ඩුබායි විපත හරි හැටි නොදැන සැමවිට රටේ නිතිය අවතක්සේරු නොකරන්න. රටක නීතියක් හරි හැටි ක්‍රියාත්මක කරන්න බැරි නීතියට ක්‍රියාත්මක කරන අයත් විවිධ පක්ෂ වලට කොහේදෝ යන නිසා නොවේද (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site