පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල ජිප් රිය පුත්තලම කරිකච්චියේදී අද අළුයම ත්‍රී රෝද රියක ගැටී එහි ගමන් කළ තිදෙනෙකු මිය ගිය බව පොලිසිය කියයි.
මේ තිදෙනා එකම පවුලේ බවත් වාහනය සහ රියදුරා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල ජිප් රිය පුත්තලම කරිකච්චියේදී අද අළුයම ත්‍රී රෝද රියක ගැටී එහි ගමන් කළ තිදෙනෙකු මිය ගිය බව පොලිසිය කියයි.
මේ තිදෙනා එකම පවුලේ බවත් වාහනය සහ රියදුරා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුයි. පොලිස් වාහන සහ දේශපාලුවන්ගේ වාහන වලට නීතියක් නැත. (නදී)
පොලිස් උත්තමයාගේ රියේ හැපිලා මැරුණු මිනිස්සු කරලා තියෙන්නේ බරපතල වරදක් බව අද නැත්නම් හෙට පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමා කියාවි. කොහොමටත් අපේ රටේ පොලිසියේ ඇත්තෝ වැරදි කරාවිද? (නදී)
නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද? (නදී)
දැන් "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" වගේ වැඩක් වෙයිද දන්නේ නැහැ. නීතිය රකින්න වග බලා ගන්න අයත් ඔහොම නං වෙන අය ගැන කුමන කතාද? (නදී)
මම හූන කියනවා වාගේ කියන්නම්. මේ සම්බන්දව පත්තරේ යන අන්තිම වතාව. මීට පස්සේ මේ ගැන කිසිම දෙයක් පත්තරේ වැටෙන්නේ නැහැ.(නදී)
අවසානයේ ත්‍රී රෝද රථ රියදුරා වරදකරු වෙයිද? (නදී)
ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී තුමා මහත්මයෙක් වුවහොත් සාදාරනය ඉටුවේවි. මහත්තයෙක් වුනොත් මට කියන්න තියෙන්නෙත් අමිල සහ ජගත් ලියනගේ මහත්වරු කියන දෙයම තමයි.(නදී)
මේ අයට මේ වුන දෙය ඵල දේවි.(නදී)
තුන් දෙනෙක් මියයන්ට තරම් දරුණු රිය අනතුරක් නම් ඒක මාරක රිය අනතුරක් නේ. තව විස්තර දෙන්ට. එතකොට යමක් ලියන්ට පුළුවන්. අද අලුයම් වේලේ ඕක දැකපු කෙනෙක් ඉන්නවනං සාක්කියක් හරි කියයි.(නදී)
අනේ මැරිච්ච තුන්දෙනාවත් අත් අඩංගුවට ගත්තද දන්නේ නැහැ.(නදී)
මේ තරම් අලුයම් කාලයේ ඔය නිලධාරියා ගියේ කොහිදැයි යන්න මා හට ගැටළුවකි(නි)
බලන්න, මෙය සිදු වී ඇති වේලාව...? (නි)
මේවා මෙහෙම වෙන්න රටේ නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නැති හින්ද නේද.?(දිල්)
මේ තුන්දෙනා මියගොස් ඇත්තේ පුත්තලම කච්චේරියේ තිබු පොලිස් ජීප් රියේ ත්‍රි රෝද රිය හැපීමෙන්. (දිල්)
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ මේ අවනඩුව. විනය දැන් කළු නික වගේ වෙලා (දිල්)
මොවුන් තිදෙනා පොලිස් ග්‍රහයෙන් බේරී යනවිට මේ අනතුර සිදු වන්න ඇති (දිල්)
එදා මහජන ආරක්ෂාවට පොලිසිය. අද පොලිසියෙන් මහජනතාව ආරක්ෂා විය යුතු වෙලා. කලි යුග කාලෙ පටන් අරන්.(නදී)
අසරණ ජිවිත තුනක් ? නිතිය රකින්ඩ ඉන්න අයම නිතිය කඩනවා නම් තවත් මොන කතාද . මිය ගිය අයට නිවන් සැප ලැබේවා! (නදී)
මේ ප්‍රතිචාර දැක්කම අනේ අපොයි කියල හිතෙනවා. කට්ටිය නඩු අහලා තීන්දුවත් දීලා. රිය අනතුර පාර්ශව දෙකෙන් ඕනෑම කෙනෙකුගේ වරදකින් සිද්ද වෙන්න පුළුවන්. මේ සිදුවීම පිලිබදව හරියටම දන්නේ නැතුව කොහොමද කෙනෙකුට වරද පට වන්නේ. ත්‍රී වීල් රියදුරන්ගේ අපරික්ෂකාරී රිය පැදවීම් වලින් සිදුවන මාරක අනතුරු අපි ඕන තරම් දැකල තියෙනවා.රාත්‍රියේ පාර අයිනෙන් බයිසිකලේ ගිය මාව පිටිපස්සෙන් හප්පන් ගිය ත්‍රී වීල් කාරයෙක් නිසා මාත් සති ගානක් දුක් වින්දා. අනතුර සිදු වූ ආකාරය දන්නේ නැතුව බලවත් පුද්ගලයෙක් වූ පලියට ඔහු පිට සියලු වරද පටවන්නේ හදන්නේ නැතුව වරද කා අතද කියල පරීක්ෂණ වලින් හෙළි වනතුරු ඉදිමු. මේ වගේ අනතුරක සත්‍ය තත්වය කාටවත් වසන් කරන්න අමරුයි. අසාදාරනයක් සිදුවෙනවානම් සත්‍යය වසන් කරනවා නම් එ ගැන මාධ්‍ය මගින් අනාවරණය වෙනවා අනිවාර්යයෙන්ම.(නදී)
රිය අනතුරු මිනිස් ඝාතන සේ සලකා නඩු පවරන දාට අනතුරු අඩු කර ගත හැකියි (දිල්)
මහත්වරුනේ මම ඉන්නේ මැදපෙරදිග රටක. මෙහේ නම් තත්වය හරිම වෙනස්. පොලිස් කරයා තියා කවුරු උනත් වාහනේ එලවද්දී අනිත් වාහනවලට මර බයයි. හැම තිස්සෙම හිතන්නේ අනිත් මිහිහා වැරදි කරාවි එම නිසා මම පරෙස්සමෙන් යන්න ඕනා කියාලා තමා. අනික පාරේ ඇවිදින අයට නම් මෙහෙ රියදුරෝ පුදුම බයක් තියෙන්නේ. පාරේ හිටන් හිටියත් නවත්තලා යන්න කියනවා.(නදී)
තිලක් - ඩුබායි විපත හරි හැටි නොදැන සැමවිට රටේ නිතිය අවතක්සේරු නොකරන්න. රටක නීතියක් හරි හැටි ක්‍රියාත්මක කරන්න බැරි නීතියට ක්‍රියාත්මක කරන අයත් විවිධ පක්ෂ වලට කොහේදෝ යන නිසා නොවේද (දිල්)