
(ෂේන් සෙනෙවිරත්න සහ මොහොමඩ් ආසික්)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට මේ මස 28 වැනි දින දක්වා නිවාඩු දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානී පියසේන මහත්මිය පවසයි.
දෙසැම්බර් මස 23 වැනි දින සිට පාසල් සඳහා නත්තල් නිවාඩුව ලබාදීමට නියමිත තිබූ අතර නැවත පාසල් ආරම්භ වීමට නියමිතව තිබුනේ 29 වැනිදාය.
කෙසේ නමුත් මේ දිනවල මධ්‍යම පළාතට පවතින අයහපත් කාලිගුණික තත්ත්වය හමුවේ ඊට පෙර මධ්‍යම පළාතේ සියලු පාසල් වලට නිවාඩු දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් මධ්‍යම පළාතේ පාසල් අතරින් අවදානම් නොමැති පාසල් ඉකුත් 16 වැනිදා සිට නැවත ආරම්භ කෙරුණි.
මේ අතර මහනුවර මහමායා බාලිකා විදුහලට ඉහළින් ඇති කඳුකර ප්‍රදේශය නාය යාමේ අවදානමක් මතුවීම හේතුවෙන් එම පාසල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
17
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සිට 28 තෙක් වසා තැබෙයි