හයිඞ් පිටියේ රැලියෙන් පෙන්වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටි යැයි එහි භාණ්ඩාගාරික එස්.බී.දිසානායක ඇමැතිවරයා පවසයි.
සිය මන්ත‍්‍රීවරුන් හා පාක්ෂිකයන් යනු කොඳු ඇති පිරිසක් යැයි කී හෙතෙම තද අවවාදවලින් ඔවුන් මට්ටුකිරීම පහසු නැතැයි අවධාරණය කළේය.
මේ නිසා මහින්ද - මෛත‍්‍රී ප‍්‍රශ්නය උපායශීලීව සීරුවෙන් විසඳාගැනීමට කටයුතු යොදන්නේ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තම බේරාගෙන කතාකරන්න දේශපාලනඥයෝ විතර දක්ෂ පිරිසක් මේ ලෝකෙට පහළවෙලා නැහැ. කපන්න බැරි අත් ඉඹ ඉඹ ඉන්න එකට වඩා දෙයක් මේ කට්ටියට නැහැ දැන්. (නි)
මහෙම යනකොට තේරෙන්නේ ඉදිරි මැතිවරණ වලදී එ.ජා.ප ය පැහැදිලි ජයග්‍රහණ ලබන බවයි. (ර)
චෝදනාවලට ලක් වුණු අය විසින් කළ යුත්තේ කෙසේ හෝ එම චෝදනා වලින් ගැලවී යන්න කිසියම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය.(ම)
අවවාද වැඩක් නෑ මහින්ද වෙනම අවොත් විතරයි ජන්දේ දෙන්නේ. ශ්‍රීලනිපය එක්ක අවොත් දෙන්නේ නෑ. (ම)
මෙයා බය වෙලා සෙනගට (ම)
ඇත්ත... කට්ටියක් 8 වැනි දා කොන්ද කඩාගෙන ශුෂුම්නාව කැඩිලා සිහිය නැති තත්වයෙන් දැන් ඉන්නෙ........(ම)
මේ වගේ තව රැස්වීම් දෙකක්, තුනක් තියනකොට ඔය පුරසාරම් කියන අයගේ කොඳු බිමටම පාත් වෙන එක නම් සහතිකයි. (ර)
පක්ෂය කියන්නේ බෝඩ් ලෑලි හෝ ගොඩනැගිලි වලට නොවේ නියම පක්සිකයා මහින්ද සමගයි. (ර)
බණ්ඩා, සමහරු හිටියත් බාගෙට මැරිලා වගේ, කෙළින් තීරණ ගන්නවත් බැහැ. එ්ත් මෙතුමාගේ තවම කොන්ද සවිමත්. ඒකයි මෙතරම් මිනිස් පව්රක් එතුමා වටා ඉන්නේ (නි)
කය ඉදුවා වැඩක් වේද සිත නතර කරනු බැරිනම්. (ර)
කපන්න බැරි අත ඉබිනවා. (ර)
දැන් ඉතින් එහෙම නොකියා වෙන මොනවා කියන්නද? (නි)
බය වෙලා 17 රැස්වීම දැකලා පාක්ෂිකයන් ඉන්නේ කොහෙද පෙනිලා. (ර)
පක්ස නායකත්වය සුදුසු පුද්ගලයන්ට දෙන්න ඒ මහින්ද මැති තුමයි. (ර)
මහින්ද පක්‍ෂයක් හැදුවට වැඩක් නෑ. එයා නැති වෙච්ච දාට අනාතයි ඒ පක්‍ෂය. ශ්‍රීලනිපය කී වතාවක් කඩාගෙන ගියාද ? කඩාගෙන ගිය අය අන්තිමට අනාතයි. මතක තියා ගන්න සිරිමා මැතිනිය තමන්ගේ පුතාටවත් සමාව දුන්නේ නෑ පක්‍ෂය කඩාගෙන යාමට. ඉතිහාසය බෝහෝ පාඩම් උගන්වා ඇත. වැරැද්දට, ආවේගයන්ට සමාව කිසිවෙකෙකුගෙන් හෝ නොලැබෙනු ඇත. (ර)
මහින්ද අාවොත් මෙයාලට ඇපත් නැහැ. දැන්නම් හොඳටම බයවෙලා (නි)
අලුත් ආණ්ඩුව පිහිටවුදා සිට වලිකන්නේ එය පෙරලන්න. හේතුව පැහැදිලියි. ඉතාම සරලයි. (ර)
පක්ස හදන්න ඕන අවස්ථාව දැන් නැහැ ඒ බව 17 රැස්වීමෙන් දැක්ක 98% මහින්ද සමගයි. (ර)
රැලියට ආපු සෙනග දැකල, මොකද මෙයාට ඡන්දය දිනලා එන්න බැරි උනානේ. කෝ අර කියපු විනය පරීක්ෂණය? (ර)
මේගොල්ලෝ සමහරු මේ පුදුම කතා නොවැ කියන්නේ. මහින්ද යම් විදිහකින් ඉවත්වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරද? මට නම් හිතෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලාගෙන් තරම් ලොකු හානියක් වෙන කිසිවෙකුගෙන් සිද්ධවුණේ නැහැ කියලයි. මේ ජිල්මාට් ඔක්කොම දාන්නේ මොකද කියලා අපිට තේරෙනවා (නි)
අතුල, ලංකා ඉතිහාසයේ කොයි ආණ්ඩු පත් උනත් විපක්ෂය කලේ තියෙන ආණ්ඩුව පෙරලා දාන්න උත්සාහ කරපු එකයි. (ර)
මහින්ද සෞදි සුළු සුළු අඩුපාඩුකම් තිබුනත් මේ ආණ්ඩුව හොඳයි. (ර)
නායකයා කවුරු වුණත් අපට කමක් නැහැ, හොරෙක් මිනිමරුවෙක් නොවෙයි නම්. ඇරත් ෆයිල් අතේ තියාගන දූෂිතයන් රකින නායකයොත් අපිට එපා. මහින්ද වටේ කැරකෙන කල්ලිය ඔහොම කැරකෙන්නේ ආදරේකට නෙමෙයි, වැටෙන්න යන මාර තොප්පිවලින් බේරෙන්න වෙන පිහිටක් නැති හින්දා! (නි)
නියම පාක්ෂිකයෝ බලාගෙන ඉන්නේ. ප්‍රත්පත්ති පාවාදීලා වරප්‍රසාද වරදාන වලට ගිය අයට පාඩම් උගන්වන දවස අත ළඟයි (නි)
දැන් මොකද මේ ආය එකතු කරන්න හදන්නේ. එදා රැස්වීම දැකලා බය බිරාන්ත උනාද.? (ර)
අන්වර් -පෙරලුන පැත්ත හොද කියමු නේද.? (ර)
මෙතුමා පුරාජේරු කතා කියන්න හරිම දක්ෂයා .. කෝ ඉතින් විනය ක්‍රියාමාර්ග ගන්නකෝ අර රැලියට සහබාගි වූ නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන්ට. ඔබලගේ කතාව විතරයි , වැඩ නැහැ. එකයි නුවරින් ඔබේ දේශපාලනයට තිත තිබ්බේ. (ර)
නිහාල් මෙතරම් කකුලෙන් අදින කට්ටිය මීට ඉස්සර හිටියේ නෑ. (ර)
නටන්න බැරි පොලොව ඇද නිසාලු. සිතුවම් කරන්න බැරි පින්සලයේ වරද නිසාලු. සමස්තයක් වශයෙන් ලාකිකයින් ගේ නොහැකියාව නිසා අද ලංකා මාතාව මෙසේ වැළපෙයි. (ර)
මේ කවුරුත් දන්නේ නැ,, මහින්ද කියන්නේ අමරණිය පුද්ගලයෙක් නොවේ , ලෙඩවෙනවා,වයසට යනවා , මැරෙනවා, ඔන්න ඕක තේරුම් ගන්න . (ර)
රැස්වීම වලට එන මිනිස්සු ගණන් කරලා ඡන්දෙ දිනනවද නැද්ද කියන එක තීරණය කරන්න බැහැ. අපි දැක්ක රැස්වීම වලට මිනිස්සු පිරිලා හිටිය අය පැරදිලා ගෙදර යනවා. රටේ බහු තරයක් බුද්දිමත්. බත් පැකට් වලටයි අරක්කු කාලටයි යටවෙන් නැහැ. (ර)
අනේ බණ්ඩා, ජනතාව ගරුකරන්නේ මහින්ද ප්‍රතිපත්ති වලට මිස එම ශරීරයට නොවෙයි. (නි)
රටට ජනතාවට අවශ්‍ය පක්ෂ දේශපාලනය නෙමෙයි. වැදගත් විදිහට තීරණ ගන්න පුළුවන් රටේ ජනතාවගේ ආරක්ෂාව, සංවර්දනය සහ සුබසාදනය සහ එය ඇති කළහැකි නායකත්වයක්. පක්ෂ දේශපාලනය ඇති උනෙත් ඉහත ජනතා අරමුණු ඉටු කිරීම සදහායි. එහෙම නැතුව ජනතා අරමුණු පවා දීලා පක්ෂ රැක ගන්න නෙමෙයි. (ර)
දැන් වගේ වෛරය ,පලි ගැනීම් ඉස්සර තිබ්බේ නැහැ. (ර)
බණ්ඩා කියනතුරුම අපි ඕක දන්නේ නැහැනේ (නි)
තවමත් කාගේ කාගේත් තියෙන්නේ මහින්ද භීතිකාව .කොහොමත් පාක්ෂිකයන්ගෙන් බහුතරය ඉන්නේ මහින්ද සමග. (ර)
අනේද කියන්නේ (හේ)
මිනිසුන් පක්ෂයක් බලන්නේ නැහැ, ඔවුන් සොයන්නේ රටට , ජාතියට හිතවත්, රට පාවා නොදෙන කෙනෙක්. මහින්ද රාජපක්ෂ රටට ආදරේ බව ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් මිනිස්සු ඔහුවම ඉල්ලනවා. (බ)
අසාද් කියපු දෙය ඇත්ත. රැස්වීම් වලට එන මිනිසුන් තොගය බලලා ඡන්දයෙන් දිනනවා කියන්ඩ පුළුවන් නම් මහින්ද ජනාධිපතිවරනයෙනුත් දිනලා ඇති. නමුත් එ්ක වුනේ නැහැනේ (බ)
මිනිසා එක්වරක් සිය ප්‍රභූත්වය ප්‍රතික්ෂේප කරනවානම් ඔහු ගැන අමතක කරන්න (බ)
සෙනගෙන් බැලුවනම් ජනවාරි 8 දා වෙනස් වෙන්නේ නෑ තාමත් මහින්ද මහත්තය ජනපති ඔය කරන්නේ අර පරීක්ෂණ නවත්තගන්න සටනක් (බ)
මහින්ද පරද්දුවේ අපි. ෆේස්බුක් ග්රූෆ් ඒක. ඒ වඩා යහපත් අනාගතයක් වෙනුවෙන්. නමුත් අපි හදපු ආණ්ඩුවේ මේ කෙරුවාවල් නිසා නැවත මහින්ද උඩට එනවා. තිත්ත ඇත්ත ඒක. (ර)
රට කන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. ඔන්න ඕක තමයි දැන් දේශපාලන ප්‍රතිපත්තිය! රසවැටිලා දැන් රට නොකා ඉන්නම බැහැ. අනේ පවු! (නි)
අවවාද වලින් මට්ටු කරන්න බැරි නම් දඬුවම් කළයුතු බව ඔබතුමාට හිතෙන්නේ නැද්ද? (නි)
පක්ෂය මහින්ද සමඟයි! (නි)
මෙයා කියන ඒවා අහන්නේ කවුද දැන්.(හේ)
එස් බී ඇමති තුමෝ කලවැද්දන් ගේ අගේ දැන් වැටහුනාද .මොන සාකච්ඡා කළත් සිරිසේන ඉන්න පක්ෂෙකට අපේ කතිරේ නෑ (බ)
බණ්ඩා එක අපි දන්නවා නමුත් දැන් ඉන්න මිනිස්සු දිහා බැලුවම මහින්ද අමරණීයයි.(හේ)