අනුරාධපුර පුත්තලම් මාර්ගයේ අන්දර වැව පොලිස් මුරපොළ අසලදී අයිස් පැටවු ලොරියක් හා බස් රථයක් ගැටීමෙන් ලොරියේ සිටි අවුරුදු තුනහමාරක දියණිය හා පියා (32) මිය ගොස් මව හා අවුරුදු එකහමාරක දරුවා රෝහල් ගත කළ බව නොච්චියාගම පොලීසීය කියයි.
බස් රථය පොලීස් අණින් නතර කරනවාත් සමඟම පසුපසින් ආ ලොරිය එහි ගැටී ඇත.
මිය ගිය පියා කෝකිලාහි ධීවරයෙකි.
මීගමුවේ මඟුල් ගෙදරක ගොස් ආපසු එමින් සිටියදී මේ අනතුර සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් අන හරහට හිටියා නේද? කරුමය පල දෙන්නත් එපායැ.(නදී)
පොලිසියේ මහත්වරුනි, කරුණාකරලා මේ වැඩේ නැවත කරන්න එපා. මොකද සමහරු කොහොම වාහන එලවන්න දැනගත්තත් ඒ අය බයයි පොලිසියේ මහත්වරු එකපාරට අත දමනකොට. ඉතින් එකපාරටම නවත්තනවා. පස්සෙන් එන මිනිහා කිසි දෙයක් දන්නේ නැහැ ඇවිල්ලා ඉස්සරහ එකේ හැපෙනවා. මේවගේ දේවල් මම බොහොම දැකලා තියෙනවා. අනුනවයෙන් බේරෙනවා. (නි)
සමහර පොලිස් මහත්වරු හදිසියේම නතරකරවනවා. නතර කරවන්න ටිකක් ඉදිරියෙන් ඉඳල නතර කරවනවානම් අනතුරු අඩු වෙනවා. පාර මරුකරවන්නත් හදිසියේම වේගයෙන් එන වාහනය කහ ඉරට ලංවන විටම නවත්වනවා. අපිත් බයටම තියන තරම් වෙර යොදා තිරිංග තදකරනවා. සමර දවසට කන්න ගෙනියන බත් එක වාහනේ ඇතුලේ සී සී කඩ. ඇතුලේ ඉන්න මගීන් අනතුරක. වාහනයක් පදවල තියන කෙනෙක් මෙහෙම කරයි කියල හිතන්න බෑ. පොලිසිය පදිකයාගේ වගේම වාහනවල යන අය ගැනත් හිතන්න ඕනෑ. (දී)
ඉතිං අවදානම් තැන්වල, පොලිස් මුර කපොළු තියෙන තැන්වල, කහඉරි තියෙන තැන්වල, පාසැල් අසල ආදී තැන් වලදී ටිකක් කල්පනාවෙන් හෙමින් යන්නකෝ. ඒ වගේම වාහනයක් පසුපසින් යනවනම් නියමිත දුරක් තියාගෙන යන්න ඕනැනේ. කොහොමත් නීතිගරුකව අවධානයෙන් වාහන පැදවුවනම් අනතුරු අඩු වෙනවා. එතකොට තමන් ගෙනියන බත් එක තමන්ටම කන්න හැකි වෙනවා. අනිත් මිනිස්සුන්ටත් තව ගොඩක් කල් බත් කන්න ජීවත් වෙන්න ලැබෙනවා. නැත්නම් වෙන්නේ කට්ටියකගේ කෑම සදහටම නැවතීම සහ කට්ටියක් හිරගෙදරින් බත් කෑම තමයි. (දී)
මේ අනතුර වෙලා ටික වෙලාවකින් මම එතන පහුකලේ. විශාල අනතුරක්. පවුලක්ම අසරණ උනා. (දී)
පියෙක් හැටියට ගොඩක් දුක හිතෙනවා මේවා දැක්කහම . අපේ පාරවල් වල ඉතින් බස් නවත්තන්න වෙන්නේ පාර මැදමනේ. රිසිවෙසෝන් එකේත් ගෙවල් හදලා හින්දා බැස්ස මෝටෝර්සයිකල් එකක් වත් නවත්වන්න බැහැ පාර අයිනක . පිටි පස්සෙන් යන රියදුරා අවශ්‍ය දුර තියාගෙන වාහනේ එලවන්න ඕන නේ.කුඩා කවුද දන්නෙ ඉස්සරහින් තියෙන වහනේ කොයි වෙලාවේ බ්රේක් ගහිද කියලා. (ස)
පොලිසිය මින් පසු කල්පනාවෙන් වැඩ කරන්න (දී)
පොලීසියේ අය මේ අනුවන වැඩේ නිතරම කරනවා,මින්පසු හිතල වැඩ කරන්න. (දී)
එම පියාට සහ දියණියට නිවන් සුව ලැබේවා!!!!!! (ස)
දැන් පාරේ යන්නට බයය් වගේ හැමතැනම අනතුරු.මම ඉන්න රටේ පැයට කිලෝමීටර්150 කටවඩා වේගයෙන්යනවා තවම මාරක අනතුරක් දැකලනැහැ.මියගිය දෙදෙනාට නිවන්සුව පතමි,තුවාල කරුවන්ට ඉක්මන් සුවය ලැබේව (දී)