“නාමල් රාඡපක්ෂ මහත්තය මා ඉදිරිපිටම මගේ තාත්තට මචං කියල තුන් සැරයක්ම කිවුව.මගෙ තාත්ත නාමල්ගෙන් ඇහුව පුතා ඔයාගෙ තාත්තත් මට මචං කියනව පුතත් මචං කියනව අපි ඒ වගේ නැ අපිට තාත්ත කියල දිල තියෙනව වැඩිහිටියන් ලග හැසිරෙන විදිහ කතා කරන විදිහ ඒ ගරු කිරිම් පහු ගිය කාලෙ තිබ්බෙ නැ” යනුවෙන් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්දන මහතාගේ පුත් නලින් ගුණවර්ධන මහතා අද (04) පෙරවරුවේ මහනුවර දී පැවසුවේය.
"අලුතින් හදන පක්ෂයේ ඉන්න බොහෝ දෙනෙක් සල්ලි පස්සෙ ගිය අය. සාධාරණව ඉන්න අය හිටියෙ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි ඒ අයත් අපිත් එක්ක ආව.ජාති බේද, පක්ෂ බේද නැතිව ජනපතිතුමත් අගමැතිතුමත් රට කරගෙන යනව. ඒකාබද්ද විපක්ෂයක් ඉල්ලන කිහිප දෙනෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය නෙවෙයිග කුඩැල්ල අනුන්ගෙ ලේ බීල ඡිවත් වෙනව වගේ ඒ අය බලන්නෙ"
යැයිද එතුමා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුණි, කියන්න ඔබට වුණ අසාධාරනය මොකක්ද කියලා රාජපක්ෂලාගෙන්. (නි)
එහෙම දේවල් වෙන්න ඇති.(හේ)
බලය ලැබුනම වැඩිහිටියන්ටවත් කතා කරන විදියත් අමතක වෙන්න ඇති.(හේ)
මහින්ද චින්තනය අනුව ඒක හරි (නි)
කතාව ගැන නම් බොහොම පැහැදුනා. වැඩත් එහෙම හොඳට අවංකව කළොත් ඔබටයි රටටයි දෙකටම හොඳයි. මේ ඇරඹුම විතරයි. (නි)
මේ යහපාලනයට සම්බන්ධ තරුණ දේශපාලකයෝ කට ඇරියොත් කියන්නේ මේ වගේ කතාමයි. (නි)
මේ ආකාරයෙන් කතා කිරීම ගැන පුදුම වියයුතු නැහැ. මේ වගේ අයට ඡන්දය දුන් ජනතාව ගැන තමා දුක (නි)
මෙි පින්බිමේ අම්මා තාත්තා හඳුනන්නෙ නැති කලියුග කාලේ ඕවා ඒ තරම් ගණන් ගතයුතු දේවල් නොවේ (නි)
මහින්ද මහත්මයා සමඟ ඉන්නකොට එක කතාවක් දැන් ඉතින් තව කතාවක්. මම මේ කතාව දැක්කා. නාමල්ට වැරදීමකින් එහෙම කියවුණාලු. ඊටපස්සේ නාමල් එයාගේ පියාට වැඳලා සමාව අරගත්තාලු. මම නම් අහලා තියෙන්නේ එහෙම. අපි දන්නෙ නැහැ වැඩි විස්තර නම් (නි)
මේ පුතාලා සහ සමහර අවිනීත ඇමතිවරු නොසිටියා නම් හිටපු ජනපතිට තවදුරටත් රටට සේවයක් කරන්න තිබුනා (නි)
රජ කුමාරයෙකුගෙන් මචං කියලා අහගන්න පුළුවන් ඉතාම ටික දෙනෙකුටයි. රජතුමාගේ පාලන කාලේදී ඔය කතා කිවුවේ නැහැනේ? අනේ අනේ මහත්තයෝ... (නි)
ඕකට ඔහොම කෑ ගහලා හරියන්නේ නැහැ. අර පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා නම් ඔන්න කමක් නැහැ. රාජපක්ෂලාගේ කාලේ සැඟවිලා ඉඳලා දැන් සිංහකම් පෙන්වන්න ආවට වැඩක් නැහැ (නි)
සුමිත්‍ර බස්නායක, ඔයාට දැන්වත් තේරෙන්නේ නැද්ද අනේ. ඒක තමයි එයාලා ගෙන්වන්න හදපු ආසියාවේ ආශ්චර්ය (නි)
පේනවා නේද, රාජපක්ෂලාට කඩේ යන කට්ටිය ඒකත් වරක්දක් නෙමෙයිලු. එහෙම කතාකළාට කමක් නැතිලු. අපේ යාළුවෙක් ගෙදර ආවහම අපේ අප්පච්චිට මචං කිවුවොත් මොනතරම් ලැජ්ජාවක් හිතෙනවද අපිට. ඒක කොහොමද හොඳයි කියන්නේ. (නි)
නාමල්, මේ කතාව ඇත්තද? ඔබ වැඩිහිටියන්ට හෝ මිනිසුන්ට ගරුකරන්න දන්නේ නැද්ද? කරුණාකර මෙය පහදන්න. (නි)
සහතික ඇත්ත සහෝදරයා (නි)
මට හිතෙන්නෙ නම් මේවා කියන්න දෙයක් නැතිවුණාම ඔහේ කියන දේවල් කියලා. ඒ නිසා මම හිතන්නෙ මෙයා දේශපාලනයට එන්න සුදුසුකම් ලබනවා. දේශපාලඥයෝ නම් ඉතින් වැදගැම්මකට ඇති කතාවක් කියන්නෙ කලාතුරකින් නොවැ. අනික දැන් කොයිදෙයත් රාජපක්ෂ ගොඩට දාල තමන් මතුවෙන්න හදන කාලෙ නොවැ. (නි)
මම හිතන්නේ නින්දෙන් නැගිටලාද කොහෙද? මේ වගේ අයට මහින්ද මහත්තයා නම් කවදාවත් මචං කියන එකක් නැහැ. සමහරවිට නම දිග වැඩි නිසා මචං කිවුවද දන්නෙ නැහැ. (නි)
අපේ අම්මා තාත්තට කතාකරන්නේ සැමියා කියලා. ඒකට හේතුව අපේ තාත්තාගේ නම සැමි ගුණවර්ධන (නි)
ඕවා ඔහොම තමයි. තාත්තා පුතාව හරියට හදන්න එපායැ (නි)
ඔයගොල්ලන්ගේ තරුණ යාලුවෙක් ගෙදර ඇවිල්ල ඔයාගේ තාත්තට මචන් කිව්වොත් ඔයගොල්ලෝ මොනවද කරන්නේ ? (හේ)
දැන් මේකද රටේ දැවෙන ප්‍රශ්නය? අපිට කමක් නැහැ මචං නෙමෙයි උඹ බං බොලං කිව්වත්. නිකන් මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙ නැතුව ඉන්නවද කරුණාකරලා (නි)
දැන් ඕවා කියලා වැඩක් තියෙනවද? (නි)
මේවා කියන්න දෙයක් නැතිවුණාම ඔහේ කියන දේවල් ලෙසයි අපි නම් දකින්නේ (නි)
අසරණ මිනිසුන් හැමදාම අසරණයි. දේශපාලකයෝ හැමදාම රජ සැප. (ර)
ස්වර්ණ හරි. මේවා ලකුණු දාගන්න වැඩ. (හේ)
මචන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම දන්නවද .(හේ)
ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ තාත්තාගෙන් පුතාට, නැත්නම් දුවට, නැත්නම් බැඳපු කෙනාට (නි)
බලනකොට මේ හැමෝම එකයි (නි)
නාමල්ට වැරදිලා. (ර)
ඕවා නිසා තමයි අද ගෙදර ඉන්න වුණේ (නි)
රාජපක්ෂලා එකතුවෙලා යුද්ධය අහවර කරදුන් නිසා මේ අය දැන් ඒ අයගේ පාරවල් කපාගන්න ඕනෑම කෙනෙක් පාවාදෙන්න හදනවා. ස්වර්ණගේ කතාව මමත් අහලා තිබුනා කලින්. මෙවැනි අය ළඟට ගන්න එක බොහොම භයානකයි කියලයි මම නම් කියන්නේ (නි)
මම නම් කියන්නේ මේක තනිකරම මඩගහන්න කියන ලොකුම බොරුවක් කියලා. (නි)
කියන්න කණගාටුයි රාජපක්ෂලාාග් හැදියාව ගැන. (නි)
ජනක, මට තේරුනාට ඔයාට තේරිලා නැතුවා වගෙයි. (නි)
එතකොට හංස පුට්ටුවෙන් ඇවිල්ලා දැන් මෙයාලගේ තාත්තලා රටට කරලා තිබෙන දේ හරිද? එතකොට අපි එම්.කේ.ඒ.ඩි.එස්.ට නාමල් 'මචං' කිව්ව නිසා රටට මේ වෙන සහ වෙන්න යන දේ බලාගෙන හිටියහම හරිද? (නි)
නාමල්, මේ කතාව ඇත්තක්ද.......තරාතිරම නොබලා එහෙම මචන් කියනවද....මේකත් වෙනසක්ද............(කෞ)
මේක පට්ටපල් බොරුවක්. නාමල් වැරදි කෙරුව. හැබැයි වගකීමෙන් කියන්නෙ. මේ සිරිසේන මැතිතුමාගෙන් ලකුණු දාගන්න කරන බොරු කතාවක්. මේ කට්ටිය ගැන ප්‍රවේශමෙන් ජනපතිතුමනි.(කෞ)
දෙමවුපියන්ගේ වැරදි .... අම්මා තාත්තා දැනගන්න ඕනේ දරුවන්ට හරියට කතා කරන්න උගන්නන්න... කව්ද ඔය නාමල්ගේ අම්මා තාත්තා ?(කෞ)
මොනවා දන්නවද? තාම බේබිනේ.(බ)
තමුන්ගේ තාත්තට මොකා මොකක් කියල කතාකෙරුවත් අපිට අදාළ නැහැ. අවශ්‍ය රටට හරියන වැඩ පිළිවෙලක් ඕනේ.(බ)
අපෝ මහමුලන වලවුවේ නාමල් ගැන අටුවා ටීකා ඕන නැහැ."පෙරකදෝරුවෙක්" යයි කියාගන්න මේ කොල්ලා වැදගත් සමාජයක හැසිරෙන විදිය, වැඩිහිටියන්ට ගරු සරු ඇතුව කතා කරන විදිය ගැන නම් අබමල් රේණුවක තරම්වත් දැනීමක් නැහැ. මෙයා ඉතින් එයාගෙම අප්පච්චිටත් "මචං" කියල කතා කළානම්, ඒක පුදුම වෙන්න දෙයක් නොවෙයි....මචං !!! (බ)
අනේ මහත්තයෝ, ඔබ අද හොඳ කියන මේගොල්ලන්ගේ කෙරුවාව නිසා, එදා ඔබතුමාගේ පියා ජීවිතය ගැන නොතකා, කොටින්ගේ ප්‍රහාර වලින් රැකගත් සිංහල ගම්මාන වල සිංහලයන්ට ගම්බිම් හැර දමායාමේ කාලය ළඟාවෙනවා කියලයි අපි නම් හිතන්නේ. (නි)
මොනවාද මේ විකාර කතා. කවුරු කාට මචන් කිව්වත් අපිට වැඩක් නැහැ. ඩොලර් වලට රට පාවා දෙන, ජනතා මුදලින් සුර සැප විඳින දේශපාලු කාලකන්නියන් පලවා හරිමු. (කෞ)
ඕවා නිසා තමයි මහින්දට වැරදුනේ. (නි)
අනුන්ගේ වැරදි නොකියා තමන් කරන දේ හරියට කරන්න (නි)
මේ කතාව මට නම් පිළිගන්න බැහැ (නි)
මේකේ මේ වැදකත්කම ගැන බයිලා ගහන අයට කියන්නේ. එතකොට පාර්ලිමේන්තුවට ගිය හාමුදුරුවරුන්ට සළකන විදිය හරිද? (නි)
කබරගොයත් තලගොයා කරන්න පුළුවන් දේශපාලඥයින්ට (නි)
අනේ නාමල් මහත්තයෝ, මීටපස්සේ මේ හැමෝටම මචං කියන්න යන්න එපා. (නි)
සත්‍යයක් හෝ අසත්‍යක් වුවත්, මෙවන් කතා දැන් පැවසීම නුසුදුසුය. මියගිය ඔබගේ පියාට ලැබිය යුතු ගෞරවයට, ඇතැම්විට මින් හානි පැමිණිය හැක. (නි)
දහම්, මගේ තරුණ යාලුවෙක් අපේ ගෙදර ඇවිල්ලා අපේ තාත්තට මචං කිව්වොත් එහෙම මම නම් මුලින්ම කරන්නේ මාධ්‍ය කැඳවලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මුළු රටටම කියන එක (නි)