රන් බඩු සාප්පුවක් කොල්ල කෑවේ යැයි  පානදුර කෙසෙල්වත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ පුතෙකු  පොලිසියට බොරු පැමිණිල්ලක් කර ඇතැයි පානදුර උතුර පොලීසිය කියයි.

පියා සහ පුතු   අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්   පොලීසිය නීති පති උපදෙස් පතා ඇත.

රන් බඩු සාප්පුවේ  සේවකයෙකු පෙර දින පොලිසියට පැමිණිලි කළේ කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ හිසට පිස්තෝලයක් තබා රුපියල් එක් කෝටි විස්පන් ලක්ෂයක රන් සහ  රුපියල් දෙලක්ෂයක මුදලක් පැහැර ගත් බවය.

ඒත් සේවකයාගෙන්  දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ඔහු කියා ඇත්තේ ව්‍යාපාරිකයාගේ පුතාගේ බලපෑම මත බොරු පැමිණිල්ල කළ බවයි.

කිහිපදෙනෙකුට ණය වී සිටින බව කියන ව්‍යාපාරිකයා ඔහුගේ මවගේ හා බිරියගේ රන් බඩු උගස් කර ඇති බව සොයාගෙන ඇත.

රන් බඩු සාප්පුවේ කිසිම කොල්ලයක් සිදු වී නැති බව පොලීසිය පවසයි.