
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන දූෂිත වළල්ලට හසු නොවී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ඔහුගේ පියා වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඞ් පතිරණ මහතා මෙන් සෘජු තීරණ ගනිමින් අපක්ෂපාතීව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වටාද පෙර සිදු වූවා මෙන් ඖෂධ මාෆියාව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මාර්ගයෙන් දූෂිත වළල්ලක් බිහි කරනු ලබනු ඇතැයි කිසිඳු සැකයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
වෛද්‍යවරුන් වශයෙන් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව ආඩම්බර වන බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.
දූෂණ සහ වංචා අන් කවර කාලයකටත් වඩා වර්තමානයේ ඉහළ ගොස් ඇති බවත් ඊටත් ඔබ්බෙන් පරිපාලන අරාජිකත්වය මුළු රෝහල් පද්ධතිය පුරාම කිඳා බැස ඇති බවත් වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට ලබා දෙන අවවාදයක් ලෙස පෙන්වා දීමට කැමති බව වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආකල්පය වශයෙන් නම් වැඩි ප්‍රතිශතයක් පිරිහිලා. කොටසක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මව්බිම වැටුණු වෙලේ වෙනත් රටවලට පැනගත්තා. කොටසක් තත්ත්වය සහ මුදල් පසුපස හඹා යනවා. රත්තරන් වගේ වෛද්‍යවරු ටිකකුත් ඉන්නවා...
සෞඛ්‍යයයි, අධ්‍යාපනයයි දෙකක්... ඊට අමතරව රිචර්ඩ් පතිණ ඇමැතිතුමා අමාත්‍ය ධුර දරපු කාලේ රාජ්‍ය යාන්ත්‍රණය මෙතරම් අධම, දූෂිත තත්වයට පත්වුණේද නැත. දැන් කාලෙ වෙනස්, තාලෙ වෙනස්... මේක දූෂණය රජ කරන කාලයක්... අවංක, එඩිතර අයට රටේ පැවැත්මක් නැහැ...
මාරම දාර්ශනික අදහසක්...
හෝටල් නාන තටාකයේ මූත්‍රා කරන්නත් ඕනෑවෙයිද?
වෛද්‍ය බෙල්ලන මහතාගේ ප්‍රකාශය හරියටම හරි. අවංක බවින් යුත් අයෙකු බවට රටේ ජනතාව පිළිගැනීමට ලක්ව සිටින " රමේෂ් පතිරණ මහතා " වැනි වෛද්‍ය වෘත්තිකයෙකුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය අගය කළ යුත්තක්. පසුගිය කාලය පුරාවට හොරකම , වංචාව , දූෂණය, කොමිස් ගැහීම රජ කරමින් ජරාජීර්ණව පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවැරදි මගට ගෙන ජනතාවගේ පිළිකුලින් ඉවත් කිරීමට රමේෂ් පතිරණ අමාත්‍යවරයාට හැකියාව ලැබේවායි යන්න සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රාර්ථනයයි. නව සෞඛ්‍ය අමාත්‍යාවරයෙකු පත් කිරීම පිනිස ජනාධිපතිවරයා ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයක විරෝධයක් පළව ඇතත් රටේ යුක්තිය, සාධාරණත්වය මෙන්ම හොරකමට, වංචාවට එරෙහි සමස්ත ශ්‍රී ලංකා ජනතාව, ජනාධිපති නිවැරදි බව තේරුම් ගෙන සිටිති.
මේ කතාව නම් ඇත්ත. රිචඩ් පතිරණ යනු සෘජු තීරණ ගන්න දක්ෂ අයෙක්. දැනටත් ගාල්ලට යමක් කළා නම් එයා විතරයි. වජිරලාගේත් කට විතරයි. මෙලෝ දෙයක් කරලා නැහැ. රමේෂ්නුත් මෙතෙක් කල් නම් තාත්තා ගිය පාරෙ යන පාටක් නැහැ. තාත්තාට තියෙන ගෞරවයෙන් තමා මෙයා පාර්ලිමේන්තු ගියේ. ඒ නම්බුව තියා ගත්තොත් අනාගතයක් තියේවි... නැත්නම් ඊළඟ පාරම ගෙදර...!