කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නොයෙල් පද්මසිරි කාරියවසම් මහතාගේ පුත් දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂක දුල්ෂාන් පද්මසිරි කුඩා තේවතු සහනාධාරයකින් අයුතු වාසි ගනිතියි ලැබුණු පැමිණිල්ලක් අනුව එම සහනාධාරය ගාල්ල දිස්ත්‍රික්කයේ ගෙවීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නියෝග කළේය.

රුපියල් 5000ක් වන මේ සහනාධාරයේ වාරිකයක් දැනටම ගෙවා ඇතැයි පැමිණිලි ලැබී ඇත.

සභාපති පැවසුවේ ආධාර බෙදීමේ රැස්වීම් දෙකකට තමා සහභාගී වූ බවයි.

එය මැතිවරණ අල්ලසක් විය හැකියැයි කරන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරයි.