රංගන ක්ෂේත්‍රයේ හරි අපූරැ දේවල් සිදුවෙනවා. අවුරැදු දෙක තුනක වයස් පරතරයක් තියෙන රංගන ශිල්පීන් අම්මලා දූලා හැටියට රඟපාද්දි නළුවො අතරත් එහෙම දේවල් වාර්තා වෙලා තියෙනවා. ඒ ඉතිං තම තමන්ගෙ වාසනා ගුණය අනුව ලැබෙන දේවල් තමයි.
අපි කවුරැත් දන්න පුවත්පත් කලාවේදියෙක් හා ඡායාරෑප ශිල්පියෙක් ඉන්නවා ශාන් බන්දු වීරසිංහ කියලා. දැන්නම් නම කියූ පමණින් අපට මතක් වෙන්නෙ ශාන් බන්දු වීරසිංහ කියන රංගන ශිල්පියාවයි. ඔහුත් රංගන කාර්යභාරය අපූරැවට කරගෙන යනවා.
කුමාර තිරිමාදුර කියන්නෙත් පුවත්පත් කලාවේදියෙක් ලෙස කටයුතු කරමින් රංගනයට පිවිසි නළුවෙක්. අද ඔහු විශිෂ්ට ඝනයේ රංගන ශිල්පියෙක් හැටියට රටම පිළිඅරන් තියෙනවා.
ඔන්න මෑතක රෑගත කළ ටෙලි නාට්‍යයක මේ දෙන්නම එකට සෙට්වෙලා. හැබැයි තාත්තගෙයි පුතාගෙයි චරිතවලට. ශාන් කුමාරට වඩා අවුරැද්දකින් විතර බාල වුණාට, ටෙලිනාට්‍යයේ කුමාරගේ තාත්තගෙ චරිතය කරලා තියෙන්නෙ ශාන්.
‘තාත්තා මල්ලි ඕවා ඔහොම තමයි, ඕවා ගණන් ගන්න එපා කියලා’ කුමාර ශාන්ගෙ හිත හදලා තියෙනවා කියලා ආරංචියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd